Irumbu Kuthirai (2014) සිංහල උපසිරැසි සමඟින්



කොහොමද යාලුවනේ තවත් එකක දෙනකම් මග බලන්නෙ ඉන්න ඇත්තේ. එහෙනම් ඔන්න එකක් අරන් ආවා. මේකත් මේ අවුරුද්දේ තිරගත කරන ලද සුපිරිම එකක් තමයි මේක. ඔන්න එහෙනම් වැඩිය කියවන්නේ නැතිව චිත්‍රපටිය ගැන ටිකක් කතා කරලා බලමුකෝ.

මේ චිත්‍රපටිය වර්ශයේ අගෝස්තු 29 වන දින ප්‍රථම වරට තිරගත වීම ආරම්භ කරන අතර අධ්‍යක්ෂනය කරන්නේ Kalpathi S. Aghoram, Kalpathi S. Ganesh, Kalpathi S. Suresh යන අය අතින්. අපිට ලස්සන සංගීතයක් දෙන්න සහය වෙලා තියෙනවා G. V. Prakash Kumar මහතා ඒ වගේම මෙය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ Atharvaa සහ Priya Anand යන දෙදෙනායි. නලුවා නම් 2010 වසරේ රංගන ලොවට පිවිසි කෙනෙක්. නිලියත් 2009 වසරේ පිවිසුන කෙනෙක් නමුත් විශාල චිත්‍රපටි ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. අපි මේ අය දායක උන ෆිලම් කිහිපයක්ම ඔබ අතට පත් කරලා තියෙනවා ඒ අතිරින් Arima Nambi, Rama Rama Krishna Krishna, යන ඒවා චිත්‍රපටිය සඳහා වියදම ඉන්දියානු රුපියල් කෝටි 28ක් වියදම් කරලා තියෙන අතර බොක්ස් ඔෆිස් ආදයම ඉන්දියානු රුපියල් කෝටි 23.8 වේ තාම තරගක වන බැවින් හරි තක්සේරු ආදයමක් නම් කියන්න බෑ මේ දළ ආදාවම් වාර්ථාවක් විතරයි. ඒ වගේම IMDB Rating 4.8ක අගයක්ද තියෙනවා එහෙනම් කතාව ටිකක් කියන්නම්කෝ නැත්නම් හරි නෑනේ

මෙන්න මෙහෙමයි මේකෙ වෙන්නේ. සමාන්‍යයෙන් කොල්ලෝ බයක් පදින්නේ කොහොමද පිස්සු කොර වෙන විදිහට නේද? මම කිවුවේ වේගෙන් යන්න, ස්ටිකර් ගහන්න, ස්ටන්ට් පාරක් දාන්න. අස්සෙන් රිංගලා යන්න මේවනේ කොල්ලෝ කරන දේවල්. ඔව් සමස්තයක්ම මේව තමයි කරන්නේ. හැබැයි මේ චිත්‍රපටියේ කතා නායකයා. ප්‍රිතිවි නම් බයික් එක පැයට කිලෝ මීටර් 20ට විතර පදින්නේ. මාර්ග නීති අකුරටම පිළිපදිනවා. මෙයා වැඩ කරන්නේ පීසා ඩිලිවරි කරන කෙනෙක් විදිහට. මෙයාගෙ මේ සෙමින් යාම නිසා එයාගෙ ඩිලිවරි එකක්වත් වෙලාවට දෙන්න බැරි වෙනවා. හැමදාම මෙයාගෙ ආයතනයේ සෙමින්ම ඩිලිවරි කරපු කෙනාගේ සම්මානය මෙයා නොකඩවා ගන්නවා. ඔහොම ඉන්න අතරේ දවසක් මෙයා බස් එකේදි ලස්සන කෙල්ලෙක් දකිනවා. ඊට පස්සේ දවසේ මේ කෙල්ල ප්‍රිතිවි යන බස් එකට නැගලා එයාට ආදරෙයි කියලා කියනවා. ප්‍රිතිවිට අදහා ගන්නත් බෑ. පස්සේ දවසක ප්‍රිතිව පීසා එකක් ඩිලිවරි කරන්න ගිය ගෙදරක එදා බස් එකේ දැක්ක කෙල්ල ඉන්නවා. අපි එයාගේ නමින් කියමුකෝ. හැමෝම එයාට සෑම් කියන්නේ.

සෑම් ප්‍රිතිවිව දැක්ක ගමන්ම සමාව ඉල්ලනවා එදා වෙච්ච දේට. සෑම්ගෙ යාලුවෙක්ගේ කොල්ලව රවට්ටන්න ගිහින් වැරදිලා තමයි එදා සීන් එක වෙලා තියෙන්නේ. ඒත් ප්‍රිතිවි නම් සෑම්ට ඇත්තටම ආදරය කරනවා. කොහොම, කොහොම හරි මෙයාල අතරේ පොඩි සබඳ කමක් ගොඩ නැගෙනවා. දවසක් දෙන්නත් එක්ක පාරේ ඇවිදන් යනකොට සෑම් ප්‍රිතිවිට බයික් එකක් ගන්න කියලා කියනවා. පහුවදා සෑම් එක්කන් ප්‍රිතිව බයික් එකක් ගන්න යනවා. හැබැයි සෑම්ට සෙට් වෙන ජාතියේ එකක් එතත නෑ. හැබැයි ගබඩාවක තියෙන බයික් එකක් සෑම් දකිනවා. ඒක හුගක් ලොකු බයික් මිල අධික බයික් එකක්. හැබැයි මේකම ගන්න කියලා සෑම් කියන්නේ. ප්‍රිතිව නම් ඒක ගන්න කැමති නෑ. අන්තිමේ මේක ප්‍රිතිවි ගන්නවා. අරන් එක දවසක් දෙන්නා බයික් එකෙන් රවුමක් ගිහින් ආපහු එනකොට තවත් බයික් කාරයන් ටිකක් ඇවිත් ප්‍රිතිවට ගහලා සෑම්ව පැහැරගෙන යනවා. ඇති නේද කිවුවා අද ගොඩක් කිවුවා. එහෙනම් අරන් බලන්න. ඇයි ප්‍රිතිව බයික් එක හෙමින් පදින්නේ, කවුද මේ බයික් කාරයන්, ඇයි සෑම්ව පැහැරගෙන ගියේ, මොකක්ද මේ සිද්ධියේ අග මුල කියලා. එහෙනම් මම යනවා තවත් එකක් ඉක්මනටම අරන් එන්නම්කෝ.

කලින් ඒවට අදහස් දාපු හැමෝටම මගෙ ප්‍රණාමය.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.