Jeeva (2014) සිංහල උපසි‍රැසි සමඟ


කට්ටියට ක්‍රිකට් එපා වෙලා ඉන්න කාලෙක ක්‍රිකට් ගැන හැදුන දමිළ සිනමාවෙ සුපිරි නිර්මාණයක් අරගෙන අද මම ආවෙ, කට්ටිය මේ දවල් වල ක්‍රිකට් කියන නමවත් කියන්න කැමති නෑනේ ඒ කැමති නැති හේතුව ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලෙ මුල් බැහැගෙන තියෙන ප්‍රශ්ණ, ඉතින් මේ චිත්‍රපටයත් ඒ ක්‍රීඩාව ඇතුලෙ මුල් බැහැගෙන තියෙන දේශපාලනය ගැන කතාකරන නිර්මාණයක්, නියම සුදුස්සට නියම තැන ලැබෙනවද කියලා ප්‍රශ්නයක් මේ දවස් වල කතාවෙනවනෙ ඒ වගේම ඉන්දියාවට වගේම ලංකාවටත් හොදින් ගැලපෙන චිත්‍රපටයක් කියලා සහතික කරන්න පුලුවන්, චිත්‍රපටයේ හොද පිටපතක් නිකුත් වෙලා තවම වැඩි දවසක් නෑ, චිත්‍රපටයේ විස්තර ගැන බලනවනම්, මේක තිරගතවීම ආරම්භ කරලා තියෙන්නෙ සැප්තැම්බර් 26 වෙනිදා, Rajapattai, Pandianadu වගේ චිත්‍රපට අධ්‍යක්ශණය කරපු සුසීන්තිරන් තමයි මේක අධ්‍යක්ශණය කරලා තියෙන්නෙ, මෙහි රංගයන වෙනුවෙන්, Vishnu වගේම අපි මීට කලින් ලබාදුන්න varuthapadatha valibar sangam චිත්‍රපටයේ ප්‍රධාන නිළිය විදියට රංගනයෙන් දායක වුන Sri Divya වගේම තවත් නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා,

කතාව පැත්තට හැරෙනවනම්, ජීවා (Vishnu) කියන්නෙ පොඩි කාලෙ ඉදන් ක්‍රිකට් ගැන පිස්සුවක් තියෙන කෙනෙක්, මෙයා පොඩි කාලෙ ඉදන් කරන්නෙ දවසම ක්‍රිකට් සෙල්ලම් කරන එක, ඒත් එක දවසක වෙන සිදුවීමක් නිසා මෙයා සචින් තෙන්දුල්කාර් ගැන ගෞරවයක් ඇති වෙනවා, මෙයා එදා ඉදන් ක්‍රිකට් වලට තියෙන කැමැත්ත වැඩි වෙනවා, ඉතින් ඒ විදියට පාසල් කණ්ඩායමට එකතු වෙලා හොද දස්කම් පෙන්වනවා, ඒ විදියට මෙයාගෙ මුලු ජිවිතයම ක්‍රිකට් විතරක් වෙනවා, ක්‍රිකට් ගහන එකම නිසා ඉගෙනගන්න වැඩත් අවුල් කරගන්නවා, ඉතින් මේ විදියට ජීවා පාසලේ දිගටම දස්කම් පෙන්නකොට මෙයාට ක්‍රිකට් ක්ලබ් එකකින් සෙල්ලම් කරන්න කතා කරනවා, හැබැයි ඒකට ජිවාගෙ තාත්තා කැමති නෑ, ඉතින් ඒ විදියට කාලය ගතවෙනකොට ජීවාගෙ අල්ලපු ගෙදරට ජෙනී (Sri Divya) ගෑනු ලමයෙක් එනවා, ඉතින් කොහොමහරි දෙන්නා ආදරය කරන්න ගන්නවා, හැබැයි මේ දෙන්නා ආගම් දෙකක, පස්සෙ මේ සම්බන්දය ගෙදරට අහු වෙලා තවම පාසළ් යන ලමයි නිසා, ඒ සම්බන්දය නතර කරන්න කියනවා, ජෙනීට ගෙදරින් එල්ලවෙන බලපෑමත් එක්ක එයා සම්බන්දය නතර කරලා වෙනම පාසලකට යවලා උගන්වනවා, හැබැයි ජෙනී එහෙම කලාට ජීවට එහෙම කරන්න බැරි වෙනවා, ජීවා දුකටත් එක්ක කරන්නෙ කිසිම දෙයක් කරන්නෙ නැතුව බොන එක, ඉතින් මේ වෙලාවෙදි ජිවාගෙ තාත්තා තීරනය කරනවා, මේ ප්‍රශ්ණයන් ජීවාව ගලවගන්න එයාට ක්‍රිකට් සෙල්ලම් කරන්න උදවු කරනවා කියලා, පස්සෙ ජීවා හැම දෙයක්ම අමතක කරලා ක්‍රිකට් සෙල්ලම් කරන්න පටන් ගන්නවා, දවසින් දවස ජිවාගෙ දක්ශකම් වැඩි වෙන එකත් එක්ක, එයාට ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න කැමැත්තක් ඇති වෙනවා. ඉතින් මෙතන ඉදන් කතාවෙ හොදම හරිය පටන් ගන්නවා, හැබැයි ඉතින් මම ඒ ටික කියන්නෙ නෑ, කතාවෙ රසයක් නැති වෙන නිසා, කතාවෙ සුළු කොටසක් විතරයි මෙතන කියවෙන්නෙත්, එහෙනම් ඉතින් ඉතිරිය ඔයාලට බාරයි, කිසිම කම්මැලිකමක් නැතුව එක දිගටම නරඹන්න පුලුවන් නිර්මානයක් කියලා සහතික කරන්න පුලුවන්, යන්න කලින් මතක් කරන්න ඕනෙ, මේ චිත්‍රපටය වෙනුවෙන් අන්තර්ජාලයේ කිසිම භාශාවකින් උපසිරැසියක් නිකුත් වෙලා නෑ, වෙනදා වගේම අපිට ටයිම්ලයින් ටික හදලා පරිවර්ථනය කරලා දුන්න Kevin Cd House ආයතනයේ අපේ යාලුවො සෙට් එකට ගොඩක් ස්තූතියි! එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු, ජයවේවා!




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.