Nee Naan Nizhal (2014) සිංහල උපසි‍රැසි සමඟ



චිත්‍රපටයේ රගන නලුවා වයසක නම්,පෙර දසුන් හොද මට්ටමක නෙවේ නම් මා ද ඇතුලත්ව ගොඩක් අය චිත්‍රපට නැරඹීමට පෙළඹෙන්නේ නෑ.විශේෂයෙන් දමිළ තෙළිගු වැනි චිත්‍රපට.මේ කියන්න හදන්නේ කලින් සදහන් කල කරුණු දෙක යටතට වැ‍ටුණු චිත්‍රපටයක් සම්බන්දවයි.බලන්න ‍ෆිල්ම් එකක් තිබ්බේ නැති හින්දා අරගෙනම බැලුවා නළුවා ගැනවත් හිතන්නේ නැතුවම,බලන් යද්දී තමයි තේරුනේ මේක කුතුහලය පිරුණු චිත්‍රපටයක් කියලා.සරත් කුමාර් මේකේ ප්‍රධාන නලුව උනාට ඔහු පෙනී සිටින්නේ සුළු අවස්ථා කිහිපයකට පමණයි,චිත්‍රපටය පුරාම දැකගන්න වෙන්නෙ අලුත් මූණු කිහිපයක්.

අන්තර්ජාලය භාවිතා කරන පුද්ගලයන්ට සමානුපාතිකව මේ වන විට ලෝකයේ සයිබර් අපරාධ ද වැඩි වී තිබෙනවා.මේ සම්බන්දව දිනපතා අපිට මාධ්‍යය තුලින් පසුගියදා විටින් විටම දැනගන්න ලැබුනා.තරුණියක් හට ජීවිතයෙන් සමුදීමට සිදුවනා කියන බව ඔබට මතක ඇති.අප රටේ නම් නොවෙ එය සිදුවුනෙ විදෙස් රටක,හේතුව තමයි අපි කවුරුවත් භාවිතා කරන මූනුපොත.ඒ අතරම මා හට දැනගන්න ලැබුනා අප රටේ පාසල් යන ගැහැණු ළමයෙක් මානසික ව්‍යාකූල තත්වයක පසු වෙන බවට පුවතක්,මොකද ඇගෙ නිරුවත් ඡායාරූප ඇයගෙ පෙම්වතා විසින් අන්තර්ජාලයට නිකුත් කර තිබීම හේතුවෙන්.නිදසුන් දෙකක්ම දුන්නා.මේ උග්‍ර කාරණය පාදක කරගනිමින් ජෝන් රොබින්සන් නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා කදිම ආදර්ශයක් මේ සලරුව ඇසුරින් ලබා දී තිබෙනවා.

ෆේස්බුක් වැනි සමාජශිලි දේවල් පාවිච්චි කරනවා කියන්නෙ අද කාලෙ දැලි පිහියෙන් කිරි කනවා වගෙ වැඩක්,මොකද මූනුපොතෙන් බාගෙට බාගයක් තියෙන්නෙ ව්‍යාජ ගිනුම් ගැහැනු වේවා පිරිමි වේවා.තව දෙයක් කිව යුතුය මන්ද මානසික රෝගවලින් පෙළෙන ගැහැණු අය හෝ පිරිමි අය අප අතර ලෝකයෙ නැතුවාමත් නොවේ.මූනුපොතෙන් ක්‍රියාකරන ආකාරවලින් අප සැමටම ඒ ගැන පසක් වෙනවා නොඅනුමානයි. ගැහැණියක් හා පිරිමියෙක් එකතු වීමෙන් සෑදෙන දරුවෙකුට සෙනෙහස කියන්නෙත් අනිවාර්යයෙන්ම ලැබිය යුතු දෙයක්. පවුලක ළමයින් දෙදෙනෙක් සිටිනවා කියමුකො, දෙමව්පියන් ආදරෙ පවුලෙ බාලයට මල්ලි වේවා නංගී වේවා.හිතමුකො වැඩිමහල් දියණිය අවලස්සනයි කියලා,දෙමව්පියෝ ඇයට වැඩි ආදරයක් නොදක්වනවා හෝ ඇය ගැන කිසි තැකීමක් සිදු කරන්නෙ නැතැයි කියලා.දෙමාපිය ආදරය නොලැබෙන ඇය යාළුවන් මගින් හෝ වෙනත් අය මගින් ආදරය සෙවීමට පෙළඹෙනවා.එහෙම අවස්ථාවක් මුහුණු දුන් කෙනෙක් කිසි සේත්ම කැමති වෙන්නේ නෑ එසේ තමන් සමගින් මිතුරුව සිටින අයව තමන්ගෙන් වෙන් කරවා ගැනීමට.එසේ නොමනා අයවලුන් හින්දා අමාරුවෙ වැටෙන අවස්තාවල් අප අතර නැතුවාම නොවේ.ගොඩක් අපචාර වලට මෙය එක් හේතුවක් ලෙස පෙන්වා දෙන්න පුලුවන්.

චිත්‍රපටය ගැන කියනවනම්,එකකට එකක් අසම්බන්ද මිනිසුන් පස් දෙනෙකුව ඝාතනය කර තිබෙනවා.මේ මිනිමැරුම් සම්බන්දව පරීක්ෂණ පවත්වන මැලේසියානු පොලීසිය හට දැනගන්න ලැබෙනවා ඝාතනයට ලක්ව සිටින පස් දෙනාටම මූණුපොතේ එක් පොදු යෙහෙළියක් (Mutual Friend) සිටින බවට,ඇය නමින් ආෂා බ්ලැක්.මූනූපොතේ ඇගේ ගිණුමේ ඇය ගැන වැඩි විස්තරයක් සදහන් නොවන හෙයින් පොලීසියට නොහැකි වෙනවා ඇය ගැන වැඩි යමක් සොයාගැනීමට.අනික ඇය නිතර නිතර ඇගේ ගිණුම අක්‍රීය කරනවා අපේ වචනයෙන් කියතොත් Deactivate කරනවා.ඒක නිසා පොලීසියට ඇය ගැන විස්තර හොයනවා කියන්නෙ තරමක් අසීරු කටයුත්තක් වෙනවා.මේ සම්බන්දව පරීක්ෂණ කටයුතු කරන්න සිදුවෙන්නෙ අන්වර් අලී (සරත් කුමාර්) ප්‍රමුඛ කිහිපදෙනෙකුටයි.මේ අතර තුරු ඉන්දියාවේ ගායකයෙක් වීමට සිහින දකින රාහුල් නම් තරුණයාට මූණුපොතෙන් Request එකක් එනවා ආශා බ්ලැක් නම් තරුණියකගෙන්.පසුව මූණු පොත මගින් සම්බන්දවී ජීමේල් හරහා මොවුන් දෙදෙනා සංවාද වල යෙදෙනවා.කිහිප දවසක් යන්නටත් මත්තෙන් මොවුන්ගෙ සම්බන්දතාවයද ඉහළ මට්ටමකට පැමිණෙනවා.ආෂා බ්ලැක් නම් තරුණියට වයස අවුරුදු 17ක් වන අතර ඇගේ 18 වන උපන්දිනය යෙදුණු දවසේ රාහුල් මැලේසියාව කරා යනවා ඇය හට තම ප්‍රේමය ප්‍රකාශ කිරීමට.මැලේසියා ගිහින් රාහුල් හට ඇය ගැන දවස් දෙකක් සෙවීමට සිදුවෙනවා මන්දයත් ඇය රාහුල් හට පැමිණ සිටින ලෙස පැවසූ ස්ථානය ඇය නොපැමිණෙන හෙයින්.කොහොමින් හෝ ඇය ගැන තොරතුරු සොයන රාහුල් හට දැනගන්න ලැබෙනවා ඇය ඇගේ 18 වෙනි උපන්දිනය දවසේ සියදිවි නසාගෙන කියලා.ඇය මියගිය බව පොලිසිය දැනගන්න අතර කලින් ඝාතනයට ලක්වූ පුද්ගලයන් පස් දෙනාගේ කේස් එකද අවුල් ජාලයක් බවට පත්වෙනවා මොකද මිනිමැරීම් සම්බන්දව සැක කල එකම පුද්ගලයා ආෂා බ්ලැක් බැවින්.දැන් තමයි කතාවේ හොදම ටික පටන් ගන්නේ.මෙහෙම කියනවට වඩා හොදම දේ තමයි මෙම චිත්‍රපටය නරඹන එක.චිත්‍රපටයේ හොද ආදර්ශයක් නම් දීලා තිබෙනවා ෆේස්බුක් වැනි සමාජ අඩවි පාවිච්චි කරන අයවලුන් වෙනුවෙන්." දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.