Paathshala (2014) සිංහල උපසිරැසි සමඟින්



කොහොමද අපේ යාලුවනේ. ඔන්න කට්ටයම බලන්න ආවේ තවත් සුපිර ගනයේ චිත්‍රපටියක් එක්ක. මේ 2014 ආපු තෙලෙගු චිත්‍රපටියක්. කතාව නම් එලම කිරි ස්ටෝරි එකක් හැම දෙනාටම ගන්න දෙයක් මේකෙ තියෙනවා. ලොකු පොඩි හැමෝටම. වැඩි පුරු සාරම් නැතිව චිත්‍රපටිය පැත්තට හැරෙමුකෝ. විශේෂයෙන් කියන්න ඕනේ මේ චිත්‍රපටියේ කිසිදු බාශාවක සබ් එකක් නෙට් එකේ නැති නිසා. මම මේකෙ ලයින් ලියලා තමයි හැදුවේ. ඒක නිසයි ටිකක් පරක්කු අනේ ඒ වගේම මමත් දවස් 2,3ක් හොදටම අසනීප වෙලා හිටියේ නැත්නම් මේක මීට කලින්ම දෙනවා. කමක් නෑ ඔන්න දැන් ඒක අරන් ඇවිත් තියෙන්නේ හොදද බලන්නකෝ.

තවත් දෙයක් කියන්න ඕනේ. අපි මේවා ගොඩක් මහන්සි වෙලා හදන්නේ. විශේෂයෙන් මම දමිල, තෙලිගු, හින්දි, වගේ භාශාවන් හරිම අමාරුවෙන් සෑහෙන කාලයක් ඉගෙන ගෙනයි මේ විදිහට භශා පුරුදු උනේ. නමුත් සමහර අයගේ සබ් දැක්කම අපේ සබ් කොපි කරලා දාල තියෙන බව හොදටම කියන්න පුළුවන්. මොකද අපි ලියපු දේ අපි දන්නවා. ඒ විතරක් නෙමෙයි නොදන්න දේවල් අනිත් අයත් එක්ක තරගෙට කරන්න ගිහින් මේ සබ් වලින් චිත්‍රපටි බලන අයට බොරු ලියලා අසාධාරනකම් කරන්න එපා. මේ ලගදි එහෙම දේවල් කිහිපයක්ම අපිට දකින්න ලැබුනා. දන් නැත්නම් දන්නේ නැති විදිහට ඉන්න ලකුනු දාගන්න රසිකයන් රවට්ටන්න එපා. ඒක ලොකු කමක් නෙමෙයි. ඊට වඩා හොදයි අපෙන් ඉල්ලලා දානවා. අනේ අපි තෙලිගු දෙමල දන්නේ නෑ ඔයාලගෙ සබ් එකක් අපි දාන්නද කියලා. එහෙනම් අපි දෙන්න තිබුනා. හොරකම් කරලා දාන එක නම් මහ පහත් ක්‍රියාවක්. මම දන්නවා කොච්චර මෙහෙම කිවුවත් එයාල හැදෙන්නේ නෑ කියලා. ඒත් අපේ www.zoom.lk එකෙන් සබ් ගන්න අය මේවා ගැනත් දැන ගන්න එපෑ මේ වගේ අයත් මේ සයිබර් එකේ ඉන්නවා කියලා. එහෙනම් ඔන්න කතා ගැන කිවුවා. ඒක බලන්නකෝ

2014 ඔක්තොම්බර් 10 වන දින තිරගත වන මෙය රචනය කරලා තියෙන්නේ Mahi V. Raghav විසින් .ඒ වගේම අධ්‍යක්ෂනය කරන්නෙත් එයාම තමයි පට්ටම සංගීතයක් අපි වෙත ලං කරන්න දායක වෙලා තියෙන්නේ. Rahul Raj විසින්. මෙහෙ ප්‍රධාන චරිත කිහිපයත් තියෙනවා. ඒ සූර්යා, රාජු, සල්මා, සන්ද්‍යා, ආදි. මේ අය හැමෝම මේක ප්‍රධන චරිත. එහෙනම් අපි බලමු මෙයාල එකතු වෙලා අපිට ගෙනාපු සුපිරි චිත්‍රපටිය මොකක්ද කියලා. කතාවත් ටිකක් කියමුකෝ.

චිත්‍රපිටය ආරම්භ වෙන්නේ කලින් සඳහන් කරපු කට්ටියගේ සරසවියේ අවසන් දිනය දවසේ. මේ කිසිම කෙනෙක් තමන්ගේ යාලුවන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙන එක ගැන හුගක් කලකරීමෙන් ඉන්නේ. එක වෙලාවක මෙයාල එකතු වෙලා ඉන්න තැනට එයාලගෙ සාර් එනවා. ඇවිත් මෙයාලට කියනා එයාගෙ සරසවියේ අවසන් දවසෙත් මෙහෙමයි හිටියේ. එයාල ඒ දුක නැති කර ගන්න එක, එක යාලුවන්නේ ගෙවල් වලට විනෝද ගමනක් ගියා කියලා. මේ කතාව නිසා අපේ කට්ටයත් තමන්ගේ යාලුවන්ගේ ගෙවල් වල සතිය ගානේ නවතින්න යමු කියලා තීරණය කරලා යන්න පිටත් වෙනවා. ඒ ගමනෙන් යාලුවන් ගැන තව ගොඩක් දැන ගන්න එකයි හැමෝගෙම අරමුණ වෙන්නේ.

මෙහෙම යන මෙයාලට හැමෝගෙම ගෙවල් වලදී තමන් හිතන් හිටපු විදිහේ දේවල් නෙමෙයි දකින්න වෙන්නේ. හැමෝටම දකින්න ලැබෙන්නේ හිනා වෙලා හිටියට ඒ පවුල වල එයාලට තියෙන ප්‍රශ්න, දුක් කරදර, පීඩන වගේ දේවල්. කොහොමින්, කොහොම හරි මේවා මේ විදිමට යන අතිරේ මෙයාල දවසක් පාරේ යනකොට බයික් එකකින් යන දෙන්නෙක් එක්ක තරගෙට වාහනේ පදවනවා එතනින් මෙයාල දිනනවා. තවත් දවසකදී ඒ බයික් එකම ආයේ මුන ගැහෙනවා. එදත් තරගයේ යන්න ගිහින් බයික් එක අනතුරකට ලක් වෙලා ඒ දෙන්නවත් මෙයාල වාහනේ දාගෙන යනවා. හැබැයි මේ ආපු දෙන්නගෙන් එක් කෙනෙක් තමයි කාර්තික් කියන්නේ. එයා නිසා මෙයාලගෙ ගමන, එයාලගෙ ජීවිත හුගක් වෙනස් කරනවා. තමන් කවුද, තමන් මොනවද කරන්න ඕනේ, කොහොමද ජීවිතය විදින්නේ කියලා මෙයාල එයාගෙන් තේරුම් ගන්නවා. කාර්තික්ටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ දේවල් සහ අනිත් සිද්ධි ටික ඔයාල අරගෙනම බලන්න. තවත් හොද ආදර කතා කිහිපයක් මේ අතිරේ තියෙනවා. ඒවත් බලන්න කියන ගමන මම සමුගන්නවා.

මේකත් මම අලුතින් ලයින් හදලා සබ් එක නිර්මානය කලේ ඒ නිසා අපි විසින් ලබා දී ඇති ටොරන්ට් ලින්ක් එකෙන් පමනක් බාගත කර ලන්න ලෙස දැනුවත් කරනවා. එහෙනම් තවත් එකක් හෙට අනිද්දම දෙන්නම් කියන ගමන් මම යනවා. හැමෝටම සුබ දවසක්. අදසක් දාල යන්නත් අමතක කරන්න එපා යාලුවනේ.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.