Road Trip (2000) සිංහල උපසිරැසි සමඟින්




IMDB රේටින් 6.5 චිත්‍රපටිය නිකුත් උනේ 2000 වර්ශයේදී, චිත්‍රපටිය අයත් වන්නේ වැඩිහිටියන් පමනක් අයත් වූ චිත්‍රපටි ඝණයට, චිත්‍රපටිය ගැන කිව්වොත් මේක හාස්‍ය මතුකරණ චිත්‍රපටියක් කාමුකත්වය සහ මත්ද්‍රව්‍ය පිලිබද වඩාත් තොරතුරු ඇතුලත් වෙලා තියෙනවා. හරියටම මේකත් අලුතින් ආපු SEX TAPE චිත්‍රපටිය හා සමාන චිත්‍රපටියක්.මෙම චිත්‍රපටියේ චිත්‍රපටිය ගැන වැඩි විස්තරයක් කලොත්, මේ චිත්‍රපටිය ආරම්බ වෙන්නේ කුඩා කාලයේ ඉදන් එකට ඉන්න යාළුවෝ දෙන්නෙක් ඇසුරෙන් යාළුවෝ කිව්වට, යාළුවෝ කියන එක සීමා කරලා පෙම්වතුන් කියන තත්වයට මෙයාලා එනවා. මේ චරිත දෙකගැන කිව්වොත් ඒ Rachel Blanchard, සහ Breckin Meyer ජෝෂ් සහ ටිෆිනි.මේ දෙන්නා කාලයත් එක්ක අධ්‍යාපනය සදහා වෙන්ව යනවා ප්‍රදේශ දෙකක විද්‍යාල දෙකකට. දෙන්නගෙ බැදීම ගොඩාක් තදින්ම තියෙන නිසා, දුර බැහැර ප්‍රදේශ දෙකක හිටියත් ලගින් ඉන්නවා වගේ දැනෙන්න ජෝෂ් විඩියෝ පටියක් පටිගත කරල හැම මාසෙකදිම ටිෆිනිට යවනවා. ටික දවසකට පස්සේ ජෝෂ්ගෙ පන්තියට තවත් ගෑනු ළමයෙක් එනවා එයා Amy Smart නැතිනම් බෙත් බෙත්ට ජෝෂ්ව හිතට අල්ලනවා,කොහොම හරි බෙත් ජෝෂ්ව අල්ලගෙන එක දවසක ලිංගිකව එක්වෙනවා. කරුමෙට මේක මෙයාලා කරන්නෙ පටිගතත් කරගෙන, මුලින් කිව්වා වගේ ජෝෂ් හැමදාම ටිෆිනිට යවන විඩියෝ පටිය මේ පාරත් යවනවා. මේ පාර යවල තියෙන්නෙ මරුම විඩියෝ පටිය.ඒ තමයි ජෝෂුයි
බෙතුයි ලිංගිකව එක්වෙනව පටිගත කරපු චිත්‍රපටිය. මොනාවා උනත් ජෝෂ් ටිෆිනිට ආදරේ කරනවා (අපිට මෙහෙම උනොත් කොහොමද නේ) මොකද මේක සිද්ද වෙන්නෙ හොර රහසෙනෙ , දැන් මේ ටිෆිනි දැන ගත්තොත් හැමදේම ඉවරනි. මෙයාලා මේ ටේප් එක ගන්න යන්න දෙන ගේම ගැන තමා මේ කතාවෙන් කියැවෙන්නේ. මෙයාලට මේ ටේප් එක ටිෆිනිගෙ අතට යන්න කලින් හොයාගන්න පුලුවන් වෙයිද? ප්‍රශ්ණයක් නේද? ඒ ප්‍රශ්නෙට පිළිතුරක් ඕනෙ නං මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. චිත්‍රපටියට උපරිම සාධාරණයක් වෙන විදිහට උපසිරැසිගන්වා තිබෙනවා. මේ චිත්‍රපටියේ අඩුපාඩු එහෙම ඇතිනම් සියළු දෙනාගෙන් සමාව ඉල්ලා සිටිනවා. නැවතත් මෙවැනි සුන්දර චිත්‍රපටියක් සමග හමු වෙමු.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න
720P 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි

720p 600MB BRRIP Torrent file එක මෙතනින් ගන්න.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ජයතිස්ස විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.