Samrat & Co. (2014) සිංහල උපසිරැසි සමඟින්




ඔන්න ටිකක් පමාවෙලා හරි (සතියක් විතර හොදේ) හින්දි චිත්‍රපටියක් අරන් මම ආවා. මේක දෙන්න ඇත්තටම ටික කාලයක් ගියා. ෂර්ලොක් හොම්ස්ව නොදන්න කෙනෙක් නැහැ නේ. දැන් හින්දි සිනමාවටත් ෂර්ලොක් හෝම්ස් කෙනෙක් ආගමනය වෙලා තියෙනවා.ඒ නමින් සම්රාට්.දැන් හින්දි චිත්‍රපටි විරෝධි අය බනින්න නම් එපා අන්න ෂර්ලොක් හොම්ස් එකත් කොපි කරලා විනාස කරන්න හදනවා කියලා. කොහොම හරි මේ චිත්‍රපටියේ චරිතයට තෝරගෙන තියෙන්නේ අපිShaitan,Table No. 21 වැනි චිත්‍රපටිවලින් දැක්ක Rajeev Khandelwaව.ඔහු මේ චරිතයට ගැලපේවි කියලා මටත් හිතනවා. මොකද මේ චිත්‍රපටි මාලාවක ආරම්භයක් වෙන්න පුලුවන් නිසා.මේ චිත්‍රපටියේ අනෙක් සියළුම නළුවන් සිනමාවට අපිට ආගන්තුකයින්. චිත්‍රපටියේ පොඩි අඩුපාඩුවකට දැක්කේ සම්රාට් ගේ සහායකයාව තමයි. ඒ චරිතය මිට වඩා හොදට කරන්න තිබ්බා කියලා මට හිතෙනවා. චිත්‍රපටියේ ලයින් 2000ක් පමණ තිබ්බා. ෂර්ලොක් හොම්ස් චිත්‍රපටිවල වගේම අපේ ඉන්දියානු ෂර්ලොක් හෝම්ස්ගේ කියවිල්ලත් කටර් එක වගේ ටක් ටක් ගලා කියනවා. ඉතින් මම ලයින් ආපහු පොඩ්ඩක් කියවන්න පුලුවන් වෙන්න හැදුවා.එත් වේගෙන් යනවා වගේ තේරේවි. පුලුවන් උපරිමය කලා. මොනා කරන්නද කියවන වේගයෙන් සබ් එක දාන්නත් එපැයිනේ

චිත්‍රපටිය ගැන කියනවා නම් සම්රාට් කියන්නේ රහස් පරික්ෂකයෙක්. ඔහු සමාන්‍ය යෙන් ඔහුට ලැබෙන හැම පරික්ෂණයක්ම බාරගන්නේ නැහැ. පරික්ෂණයේ වටිනාකමක් ඇත්නම් පමණයි බාරගන්නේ ඩිම්පි කියන්නේ ශිම්ලාවල ජිවත් වෙන කෙනෙක්. ඇය එනවා සම්රාට්ව හොයාගෙන ඒ නුල්බෝලයක් වගේ පැටළුනු පරික්ෂණයක් අරන්.ඒ එයාලගේ වත්තේ එක පාරම සියළුම ගස් කොලන් මැලවිලා යන්න පටන් ගැනිමක් පිළිබදවා. විද්‍යාඥයින්ට පෙන්නුවත් ඵලක් වෙලා නැහැ. ඔවුන්ටවත් එහෙම වෙන්නේ ඇයි කියලා හොයාගන්න බැරිවොල සම්රාට් මුලින් මේ කතාව අහගෙන ඉදලා පරික්ෂණය බාර නොගන්න තිරණය කරනවා. එත් ඩිම්පි තවත් මේක විස්තර කලාම සම්රාට් මේ සේරම අස්සේ සැඟවිලා ගිය අභිරහසක් ඇති කියලා සැකකරනවා. ඩිමිපිගේ තාත්තා මේ සිදුවිම වෙච්ච දවසේ ඉදන් මොක්ක හරි ලොකු දේකට බයෙන් වගේ හැසිරෙනවා කියලා ඩිම්පි සම්රාට්ට පවසනවා. සම්රාට් මේක ගැන හොයලා බලන්න ශිම්ලා වලට යනවා...එතැනදි නොසිතු විරු කරදර බොහෝමයකට සම්රාට්ට මුහුණ දෙන්න වෙනවා. අනික මේ උද්‍යාන කතාවට අමතරව තවත් මිනිමැරුමක් මේ නිවසේ සිද්ද වෙනවා. මේ සියල්ල එකිනෙකට සම්බන්ධද? කවුද මේවායේ පිටිපස්සේ ඉන්නේ..එතකොට මේ පරික්ෂණ විසදන්න ආව සම්රාට්ව මරන්න උත්සහා කරන්නේ කවුද? මේ දෙවල් වලට උත්තර චිත්‍රපටියේ තියේවි... අරගෙන බලන්නකෝ එහෙනම්..



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 950MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.