The Babadook (2014) සිංහල උපසිරැසි සමඟින්



ඔන්න කාලෙකින් IMDb සයිට් එකේ රේටින් 7.3 ක් ගත්ත හොරර් චිත්‍රපටයක් එහෙමත් නැත්නම් බය හිතෙන චිත්‍රපටයක් තමයි මේ ගෙන්නේ. සාමාන්‍යෙයන් මේ වගේ රේටින් ගන්න චිත්‍රපටයක තියෙන පිළිගැනීම මොකක්ද කියලා ඔයාලා මේක බලලාම දැන ගන්න. බුදු හාමුදුරුවෝ වරක් දේශනා කරලා තියෙනවා අපි විවිධ දේවල් සොයාගෙන ගියාට වැඩක් නැහැ කළ යුත්තේ අපි අපි ගැනම අධ්‍යනය කරගැනීමයි කියලා. ඒ කතාව මේ චිත්‍රපටයෙන් නොකියා කියල තියෙන බව මට පෙන්වා දෙන්න පුළුවන්. තමාගෙ මනස කෙසේ පවතින්නේද යන්න, අඳුරු ජීවත හා පිවිතුරු ජීවිත කෙසේ ලෝකය තුල පවතිනවාද කියලා ඔයාලට මේ චිත්‍රපටයෙන් පෙන්වාවි. ඔබ වඩා ආදරය කල කෙනෙකු නැතිවුනොත්, ඒ හැඟීම හිත තුලට කෙසේ කාවදීද යන්නත්, හොල්මන් යන වචන සත්‍ය වශයෙන්ම සෙල ‍වෙන මනසක්ද යන්නත් මෙයින් අපූරුවට විග්‍රහවෙනවා.

කතාවට හැරුනොත් සැමුවෙල් කියන්නේ ඔහුගෙ පියා නැතිවුන දවසේම උප්පතිය ලැබූ කොලු පැටියෙක්. චිත්‍රපටයේ යම්තාක් දුරට පෙන්වන අන්දමට පුංචි සැමුවෙල් යම් මානසික පීඩාවකින් පෙලෙනවා. ඒ ඔහු පියා නැතිවූ වියෝව නිසා මවද යම් කිසි රාක්ෂයෙක් ගෙනයාවි යන මතයේ සිටින්නෙක්. ඔහු සිතන ඒ රාක්ෂයා තමයි චිත්‍රපටයේ නමට උරුම වූ බාබිඩෝක්. හැබැයි චිත්‍රපටයේ අවසන් භාගයේදී කතාව සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයකට පත් වනවා. පෙර කී ආදරයක වියෝව නිසාදෝ එම සිතුවිලි සැමුවෙල්ගේ මවට එන්න පටං ගන්නවා. ඇයට රාත්‍රියේ නින්ද යන්නෙ නැහැ. බාබඩෝක් ඇය හා සැමුවෙල් ඩැහැගන්නට පැමණෙවා. පුදුමේ කියන්නේ බාබිඩෝක් චිත්‍රපටයේ යම් යම් තැන් වල පෙන්වනවාත් එක්ක. විවිධ අයට මේ චිත්‍රපටය ගැන විවිධ මත දරන්නට පුළුවන්. සැමුවෙල්ට වසර හතක් පිරුත් ඒවන තෙක් කොලුවාගේ උපන්දිනයත් සැමරුවේ නැත්තේ සැමියාගේ මරණය නිසයි. ඒ තරම් ස්වාමියාගේ මරණය ඔවුන්ගේ ජිවිත අඳුරු වූ නිසාදෝ බාබිඩෝක් පැමිණියේදැයි කිව නොහැකියි. චිත්‍රපටයේ මුල් භාගය පුංචි සැමුවෙල් මානසික පිස්සෙක් කරන්නෙත් චිත්‍රපටයේ අනෙක් භාගයේ මව හෙවත් ඇමේලියා මානසික ලෙඩෙක් කරන්නෙත් චිත්‍රපටයේ ප්‍රෙක්ෂක පිරිස අන්දුන් කුන්දුන් කරමිනුයි. ඇත්ත වශයෙන්ම ඔවුන් දෙදෙනා මානසික ලෙඩ්ඩුන් නොවේද? නැත්නම් සැමුවෙල් මානසික ලෙඩෙක්ද? නැත්නමු ඇමේලියා මානසික ලෙඩෙක්ද? එසේත් නැත්නම් බාබිඩොක් යනු සත්‍ය වශයෙන්ම හොල්මනක්ද? තීරණය ඔබේ අතෙයි. එක් වරක් බැලුවට චිත්‍රපටයේ අර්ථය නොතේරෙන බව නම් කිය යුතුයි.

විශේෂත්වයක් වන්නේ මෙම චිත්‍රපටයේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දායක වන්නේ කාන්තාවක්. Jennifer Kent වන ඇය මෑතක් වන තුරු නවතම චිත්‍රපට නොකල බවක් තමයි දත්තයන් විශ්ලේශණය කලාම පෙනුනේ. ඇය අධ්‍යක්ෂණය කරපු තවත් ටෙලා කතාමාලාවක් වන්නේ Two Twisted 2006 යන කතාපෙලයි. මේ වන තුරු බොහෝ දුරට ඇය ගැන ලෝකයා දැනන් සිටියේ නිළියක් ලෙසින් බවත් කිව යුතුයි. චිත්‍රපටයේ සැමුවෙල්ගේ මවට රඟ පාන නිළිය වන්නේ Essie Davis විසිනි. ඇයත් බොහොමයක් ටෙලි කතාවලට නම් කියූ නිණියක්. එහෙත් නම ගිය චිත්‍රපට වන The Pact The හා Matrix Reloaded වැනි චිත්‍රපට වලද රංගනයෙන් දායක වී තිබෙනවා. එහෙනම් අදට ඇති. තවත් දවසක මේ වගේම නවතම චිත්‍රපටයකින් හමුවෙමු. ඔබටත් නවතම හා දැනට නොලැබුනු චිත්‍රපටයක උපසිරැසියක් අවශ්‍ය නම් කමෙන්ට් එකකින් දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලනවා. හැමෝටම සුබ දවසක්!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
550MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.2GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 700MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන්,අසිත සදරුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.