Dying of the Light (2014) සිංහල උපසිරැසි සමඟ



ඔන්න අද අපි අලුත්ම චිත්‍රපටයක් අරගෙන ආවා, මේක කොච්චර අලුත්ද කියනවනම් මේක තිරගතවීම ආරම්භ කරලා දවස් තුනක් විතරයි ගත වෙලා තියෙන්නෙ, ඒ කියන්නෙ මේක තිරගතවීම ආරම්භ කරලා තියෙන්නෙ 2014 දෙසැම්බර් 5 වෙනිදා, මේ විදියට චිත්‍රපට නිකුත් වෙන එකත් එක්කම හොද කොපි එන එකට අපි කැමති වුනත් ආදායම් බලාපොරොත්තුවෙන් මේවා නිර්මාණය කරන අයගෙනම් කැමැත්ත්ක් නැතුව ඇති, සිනමාවේ කඩාවැටීම් වලට බලපාන එක හේතුවක් විදියට මේකත් හදුවන්න පුලුවන්, එහෙනම් වැඩි කතා ඕනෙ නෑ චිත්‍රපටය කොහොමද කියලා බලමු, චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් රංගනයෙන් දායක වෙන නළුවා දිහා බැලුවම හිතාගන්න පුලුවන්නෙ මේක කොහොම එකක්ද කියලා, මෙහි ප්‍රධාන චරිතය වෙනුවෙන් සුපිරි නලු නිකුලස් කේජ් රංගනයෙන් දායක වෙලා තියෙනවා සෙසු චරිත වෙනුවෙන් Star Trek, The Smurfs වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වුන ඇන්ටන් යෙන්ශින්, මෙන්ම ඉරේන් ජේකබ් දායක වෙලා තියෙනවා, අධ්‍යක්ශනය පෝල් ශේඩර් විසින්ද නිශ්පාදනය Scott Clayton, Gary A. Hirsch, Todd Williams යන තිදෙනා විසින් සිදු කරලා තියෙනවා, ක්‍රියාදම, අභිරහස්, නාට්‍යමය ගණයට අයිති වෙන මෙය මිනිත්තු 94ක් පුරා දිව යනවා,

කතාව පැත්තට හැරෙනවනම් ඒවන් ලේක්(නිකුලස් කේජ්) කියන්නෙ CIA එකත් එක්ක අවුරුදු ගානක් වැඩකරපු හොද පළපුරුදු නියෝජිතවරයෙක්, ඒවන්ගෙ වයසත් එක්ක මෙයාට මේ වැඩ වලින් විශ්‍රාම ගන්න කියලා නියෝග ලැබෙනවා හැබැයි මේ අතරේ මෙයාට තොරතුරක් ලැබෙනවා මෙයාට හතුරුකමක් කරපු කෙනෙක් ඉන්න තැනක් ගැන විස්තරයක් ඉතින් ඒවන් තීරණය කරනවා රැකියාවෙන් විශ්‍රාම ගන්නෙ නැතුව මේ සතුරගෙ පස්සෙන් යන්න, ඒවන්ගේ මේ සතුරු දඩයම තමයි චිත්‍රපටය පුරාවටම තියෙන්නෙ, කිසිම කම්මැලිකමක් නැතුව හොද රසවින්දනයක් ලබාගන්න පුලුවන් නිර්මාණයක් විදියට මේක හදුන්වන්න පුලුවන්, එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම්, ඔයාලා වෙනුවෙන් කොරියන් කතාමාලා කීපයක්ම අපි සූදානම් කරගෙන ඉන්නවා ඒවත් ඔයාලට සති අන්තයේ TV Series Mania වලින් ලබාගන්න පුලුවන්, තවත් උපසිරැසියකින් හමුවෙමු, ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka Team විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.