Hum Ko Deewana Kar Gaye (2006) සිංහල උපසි‍රැසි සමඟ

කොහොමද යාළුවනේ. ගොඩ කාලෙකින් තමයි උපසිරැසියක් අරන් ආවෙ. 2006 වර්ෂයේ නිෂ්පාදනය කෙරුනු මේ චිත්‍රපටය ලස්සන ආදර කතාවක් කියලා කියන්න පුළුවන්,Akshay Kumar, Katrina Kaif මෙහි ප්‍රධාන චරිත ලෙස රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඒවගේම Bipasha Basu, Anil Kapoor වගේ නළු නිලියන් රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා. Raj Kanwar විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය IMDb Ratings: 5.0/10ක අගයක් අරන් තියෙනවා. දැන් කතාව ගැන ටිකක් බලමු.

කතාව ගැන ටිකක් කිවුවොත්, කතාව මුලින්ම පටන්ගන්නේ ආදිත්‍ය (Akshay Kumar)ගේ විවාහ ගිවිස ගැනීමෙන්. ඔහු හරියට දැනගෙන හිටියෙ නෑ ජීවිතයේ ඔහු කැමති කෙනා සෝනියා (Bipasha Basu)ද කියලා. එහෙත් ඔහු වැඩකරන කම්පැනි එකෙන් ඔහුව කැනඩාවට යවනවා. එහෙදි තමයි ඔහුගේ ජීවිතය වෙනස් වෙන්නේ. එහෙදි තමයි ඔහුට ජියා (Katrina Kaif)ව මුණගැහෙන්නේ. එයාලා හමුවෙන්නේ අහම්බෙන්. ඒ දෙන්නාගෙ අදහස් ගැලපීම නිසා ඒ දෙන්නා එකිනෙකාට ආදරය කරනවා. එහෙත් ජියාත්, ආදිත්‍ය වගේ විවාහ ගිවිසගෙනයි ඉන්නේ කරන් ඔබ්‍රෝයි (Anil Kapoor)කියන කෝටිපතියාත් සමග. මේ දෙන්නාගේ හිමිනැති ආදරය කොහොම ලබාගන්නවාද කියන එක, කතාව බලලාම දැනගන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේකෙ ගොඩක් ලස්සන ගීත කිහිපයක් ඇතුලත් වෙලා තියෙනවා. සියළුම ගීත වලට උපසිරැසි ගන්වලයි තියෙන්නෙ. විශේෂයෙන් කියන්න ඕනෙ අධ්‍යාපන කටයුතුත් එක්ක උපසිරැසියක් කරන්න තියෙන කාලය ගොඩක් අඩුයි. මේකත් බාර අරන් ගොඩ කාලයක් වුනත්. පුළුවන් විදිහට සම්පූර්ණ කලා. ඉදිරියටත් පුළුවන් විදිහට උපසිරැසි ගෙන එන්න බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නවා. හැමෝටම සුභ දවසක්.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ M.D.W.Eranga විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.