Ra (2014) සිංහල උපසි‍රැසි සමඟ


ඔයාලා කොයි කවුරුත් ආදරය කරන zoom.lk අඩවියට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන ගමන්ම, දවස් දෙක තුනකට පස්සෙ අපි තවත් උපසිරසියක් අරගෙන ආවා, පහුගිය දවස් වල මොනවත් දමිළ හොද චිත්‍රපටි නිකුත් වුන නිසා තමයි උපසිරැසියක් දෙන්නෙ බැරි වුනේ. එකපිටම චිත්‍රපටි කීපයක්ම නිකුත් වුනා ඒ හැම එකකම උපසිරැසි අද ඉදන් පිළිවෙළට www.zoom.lk වෙතින් පමණක් ලබාගන්න පුලුවන්, චිත්‍රපටිය දිහාට හැරෙනවානම් චිත්‍රපටයේ නම තමයි Ra, ඒ කිව්වෙ අර බීලා වෙරි වෙන ජාතිය නෙමේ, හැබැයි මේක බැලුවට පස්සෙ නම් එහෙම වෙන්න පුලුවන්, 2014 දෙසැම්බර් 5 තිරගතවීම ආරම්භ කරපු මෙය අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Prabu Yuvaraj, ප්‍රධාන චරිත වෙනුවෙන් රංගනයෙන් දායක වෙලා තියෙන්නේ නවක නළු නිළී යුවලක් ප්‍රධාන නළුවා විදියට Ashraf වගේම ප්‍රධාන නිළිය විදියට Aditi Chengappa රංගනයෙන් දායක වෙලා තියෙනවා, නවක නළු නිළි යුවලක් වුනත් තම චරිත වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා කියන්න පුලුවන්, මේකෙ තියෙන්නෙ ටික් විතර අමුතු කතාවක්., අජේ කියන පුද්ගලයාට අමුතුම විදියෙ සිදුවීම් රැසක් සිද්ද වෙනවා, හැබැයි මෙයා අඩුමගානෙ දන්නෙ නෑ ඒ ඇත්තටම සිද්ද වෙන දේවල්ද නැත්නමමේක හීනයක්ද කියලාවත්, අජේ මේකෙ හැබෑව මොක්ද්ද කියලා හොයාගෙන යන සිද්දි දාමය තමයි චිත්‍රපටය පුරාම දිග ඇරෙන්නේ, අමතක කරන්න එපා මේක හොද ත්‍රිලර් චිත්‍රපටයක් කියන එක තවත් උපසිරැසියකින් හමුවෙමු, රැදීසිටින්න උපසිරැසි කළාවේ ප්‍රමුඛයා zoom.lk සමඟ!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.