Rabhasa (2014) සිංහල උපසිරැසි සමඟ.




ඔන්න හැමදාම වගේ හොදම දේ දෙන www.Zoom.lk එකෙන් ආයෙත් අපේ යාලුවන් මුනගැහෙන්න ආවා. කට්ටිය මාත් එක්ක තරහ වෙලාද දන්නේ නෑ මෙදා පාර මම හොදටම පරක්කු උනානේ සබ් එකක් අරන් එන්න. තරහ වෙන්න එපා. මගෙ ජොබ් එකත් එක්ක මම අවුරුද්ද අවසානේ සෑහෙන්න කාර්යබහුල වෙනවා. ඒකයි ටිකක් පරක්කු උනේ. ඒත් අපේ අයට පරක්කු වෙලා හරි අරන් ආවේ පට්ටම තෙලිගු ෆිලම් එකක්. මේකත් 2014 වර්ශයේ තිරගත උන චිත්‍රපටියක්. මේක දෙනකම් හැමෝම බලන්න ඉන්න ඇති කියලා හිතනවා. මම දන්නවා මේකත් Zoom.lk එකෙන් දෙනකම් වෙන කිසිම සයිට් එකකින් සිංහල සබ් නම් දෙන එකක් නෑ. මොකද අපි දුන්නමනේ එයාලට දෙන්න වෙන්නේ. ඒ ඇයි කියලා සමහරු නම් දන්නවා ඇති. එහෙනම් චිත්‍රපටය ගැන ටිකක් කතා කරමු.

මේ චිත්‍රපටිය 2014 අගෝස්තු 29 වන දින තිරගත කරන ලද අතර විනාඩි 153 ක් දක්වා දිවයනවා. ඒ කාලයා පුරාවට අපිට රංගනය ලබා දෙන්නේ තෙලිගු සිනමාවේ දැවැන්ත චරිතයක් වන N. T. Rama Rao (NTR) විසින්. නිලියත් දන්න කියන කෙනෙක් ඒ තමයි Samantha Ruth Prabhu මේ දෙන්නගෙ රංගන දායකත්වයෙන් අලංකාර උන චිත්‍රපටි කිහිපයක් මේ වෙනකොටත් Zoom.lk එකෙන් ලබා දීලා තියෙනවා. ඒ අතරින් Brindavanam, Eega, Adhurs, Baadshah වගේ චිත්‍රපටි විශාල ප්‍රමාණයක් තියෙනවා. චිත්‍රපටිය සඳහා IMDB Rating 4.9 ක අගයක්ද ලැබිලා තියෙනවා. එහෙනම් චිත්‍ර පටිය ගලා යන විදිහ ටිකක් කියන්නම්.

චිත්‍රපටිය ආරම්භයේදී ප්‍රධන නිලිය විදිහට රගපාන ඉන්දු විසින් කසාදයක් වෙලාවකදී යාලුවෙක්ව හොරෙන් පන්නන සීන් එකක් තියෙනවා. ඊට පස්සේ ඒ පිළිබඳ කිසිම ආරංචියක් දකින්න නෑ. අපේ නලුවා කාර්තික් මුම්බායි වල ඉන්න මේයර් පදවිය ගන්න හිතන් ඉන්න කෙනෙක් එක්ක ප්‍රශ්නයක් දා ගන්නවා. ඒ ඇයි කියලා බලන්න නම් මේක බලන්නම වෙයි. කොහොම හරි ඒ අස්සේ කාර්තික් එයාගෙ නැන්දගේ දුවවත් හොයනවා කසාද බදින්න. ඒ එයාගෙ අම්මගෙ පොරොන්දුවක් ඉශ්ඨ කරන්න නිසා. හැබැයි මෙයා නෑනව පොඩි කාලෙ දැක්කට පස්සේ ආයේ දැකලා නෑ. ඒ නිසා රැවටිලා වෙන කෙල්ලෙක් එක්ක පැටලෙනවා. ඔය අස්සේ අර කලින් කෙල්ලෙක්ව පන්නපු ඉන්දුත් ඉන්නවා. එයා නම් කාර්තික්ට කිසිම කැමැත්තක් නෑ කොයි වෙලෙත් රන්ඩු. හැබැයි චිත්‍රපටිය මැද විතර වෙනකොට මේ කතාව පැහැදිලි වෙනවා. කවුද කාර්තික්ගේ නෑනා? මොකටද අර කෙනෙක් එක්ක කාර්තික් රන්ඩු කර ගත්තේ? මේ දේවල් කාර්තික් මොකටද කරන්නේ? මේ හැම දේම දැන ගන්න නම් චිත්‍රපටිය ගන්නම වෙයි. තවත් දෙයක් කියන්න ඕනේ මිනිස්සු උනාම තමන් ගැන වගේම අනිත් අයගේ හැගීම්, එයාලගෙ සතුට ගැනත් හිතන්න ඕනේ. ඒ ගැන නම් මේකෙදි හොදට මතක් කරලා දෙනවා.

මේ පිටපත අප්ලොඩ් කරලා දුන්න Visual entertainment ආයතනයට බොහොම ස්තුතියි.මතක ඇතුව මේ ටොරන්ට් එක විතරක්ම ගන්න..ඒ වගේම මේක අපි අප්ලොඩ් කරපු ටොරන්ට් පටයක් නිසා ටොරන්ට් එක ගත්ත ගමන් යන්නේ නැතුව ටිකක් සිඩ් කරන්න. එහෙනම් අදට මම ගියා. තවත් එක්ක අරන් එන්නම්. මේක දෙන්න වෙලා ගියාට තරහ වෙන්නේ නැතිව. මේ සබ් එක කොහොමද කියලා හොද, නරක දෙකම අමතක නොකර කියල යන්න කියමින් මම යනවා. හැමෝටම සුබ දවසක්. ඒ වගේම කිතුනු බැතිමතුන්ට සුබ නත්තලක් කියලත් කියනවා.




සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.