Aagadu (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න අපි කාලෙකට පස්සෙ තවත් තෙලුගූ චිත්‍රපටයක් අරගෙන ආවා, මේකෙ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනේ දවස් දෙකකට විතර කලින්, ඔන්න ඉතින් පුලුවන් ඉක්මනට සබ් එක අරගෙන තමයි ඔයාලව බලන්න ආවෙ, මේකෙ වැඩි ලයින් ගානක් තිබ්බෙ නෑ, ලයින් 3000ක් විතර තිබ්බේ! චිත්‍රපටය පැත්තට හැරෙනවානම් 2014 සැප්තැම්බර් 19 දින තිරගතවීම ආරම්භ කරපු මෙය, අධ්‍යක්ශණය කරලා තියෙන්නේ Baadhshah 2013 වගේ සුපිරි මට්ටමේ තෙලුගූ චිත්‍රපට අධ්‍යක්ශණය කරපු Srinu Vaitla විසින්, මෙහි රංගනය වෙනුවෙන්, Nenokkadine 2014, The Business man 2012 වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන සුපිරි නළු මහේශ් බාබු රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඒවගේම , rebel 2013, veeram 2014, Entertainment 2014 වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන සුපිරි නිළි තමැන්නා රංගනයෙන් දායක වෙලා තියෙනවා, මෙහි බෙදාහැරීමේ කටයුත්ත සිදු කරලා තියෙන්නේ ප්‍රසිද්ද චිත්‍රපට නිශ්පාදන සමාගමක් වන Eros ආයතනය විසින්, ඒවගේම මෙය IMDB දර්ශකයේ 10/6.4 වගේ අගයක් ගන්නත් සමත්කම් දක්වලා තියෙනවා, චිත්‍රපටයේ කතාව පැත්තට හැරෙනවානම් ශංකර් (Mahesh Bhabu) කියන්නෙ අනාථයෙක් මෙයාව හදාවඩා ගන්නේ පොලිසියේ ඉහළ නිළයක ඉන්න රාජා රාවෝ කියන පොලිස් නිළධාරියා විසින් හැබැයි දවස්ක් අහම්බෙන් සිද්ද වුන සිදුවීමකින් මේ රාජා රාවෝගේ පුතා අතින් පොඩි ළමයෙක් මරණයට පත් වෙනවා, ඒකෙ වැරැද්ද බාරගන්නෙ ශංකර්, එතනින් පස්සෙ රාජා රාවෝ ශංකර්ට අවවාද කරනවා, එයාගෙ මහන්සියෙන්ම පොලිස්කාරයෙක් වෙන්න කියලා, අවුරුද්දකට පස්සෙ මෙයා පොලිස් නිළධාරියෙක් විදියට පත් වෙලා එනවා, හැබැයි මෙයා අපරාධකාරයක් යුක්තිය ඉස්සරහට අරගෙන එන්නේ සාමාන්‍යයෙන් පොලිසිය අනුගමනය කරන ක්‍රම වලට වඩා වෙනස් ක්‍රම වලින්, මේ නිසා මෙයාට සෑහෙන්න කරදර වල පැටලෙන්න සිද්ද වෙනවා, මේ විදියෙන් මෙයා අපරාද විසදන විදිය චිත්‍රපටය පුරාවට ගලාගෙන යනවා, එහෙනම් තවත් විස්තර කරන්න යන්නෙ නෑ, චිත්‍රපටය රසවිදින්න කියන ඉල්ලීමත් එක්ක අපි ගිහින් එන්නම් , තවත් උපසිරැසියක් සමඟින් ලඟදිම හමුවෙමු, ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.