Arrow S03 E10 (2014) සිංහල උපසිරැසි සමඟ.




ඔන්න ඉතින් මාසයකටත් වැඩි විරාමයකට පස්සෙ ඔයාලාව හමුවෙන්න ආවෙ ඇරෝ කතාමාලාවෙ දහවෙනි කොටස එක්ක, කලින් කතාවෙ සාරාංශය ගැන මතක් කරනවානම් කතාව ආරම්භයේදිම සාරාව ඝාතනයට ලක් වෙනවා ඒත් කවුරුවත් දන්නෙ නෑ කවුද ඒක කලේ කියලා, ඔලිවර් දිගටම සාරාගෙ ඝාතකයා හොයාගෙන යනවා, එතන එක්තරා වෙලාවක සාරාගෙ මිනීමරුවා විදියට රෝයි තමන්ව හදුනාගන්නවා, ඒකට හේතුව තමයි ඔහු මිරාකුරු වලට නිරාවරණය වෙලා හිටපු කාලෙ ඔහු ඝාතනය කරපු පොලිස් නිළධාරියාගෙ මතකය, ඔහු හිතන්නෙ සාරාව මරාදැම්මෙ ඔහු කියලා, ඒත් ඔලිවර් හොයාගන්නවා සරාව මරා දැම්මෙ ඔලිවර් නෙමේ කියලා, මේ අතරේ නන්දා පාබත් වල නායක රාස් අල් ඟුල් එයාගෙ දුව නීසාව ස්ටාර්ලින් වලට එවනවා සරාගෙ ඝාතකයාව නන්දා පාබත් වලට ගිහින් දඩුවම් කරන්න, ඒකට හේතුව සාරා නන්දා පාබත් වල සාමාජිකාවක් වුන එක, මේ විදියට සාරාගෙ ඟාතකයා හොයලා දෙන්න කියලා ඔලිවර්ට කාලසීමාවක් ලැබෙනවා, එහෙම කලේ නැත්නම් ස්ටාර්ලින් වල අහිංසක මිනිස්සු සීය දෙනෙක් මරනවා කියලා ඔලිවර්ට තර්ජනය කරලා තමයි නිසා ආපහු යන්නේ, මේ විදියට සාරාගෙ මිනීමරුවාව හොයාගෙන යනකොට ෆෙලිසිටිට හොයාගන්න පුලුවන්කම ලැබෙනවා සාරාගෙ විදපු ඊතල වල තිබුන DNA අණු, මේ DNA අයිති කාටද කියලා හොයාගෙන යනකොට ඒවා අයිති වෙන්නේ ඔලිවර්ට කියලා තමයි හෙලිවෙන්නේ, ඒත් ඒක වෙන්න බැරි දෙයක්, ඔලිවර් සාරාගෙ මිනිමැරුම වෙනුවෙන් දිගටම සැක කරන්නේ මැල්කම් මර්ලින්ව, හැබැයි මැල්කම් සහතික කරලාම කියනවා එයා සාරාව මැරුවෙ නෑ කියලා, එතකොට තමයි දැනගන්න පුලුවන් වෙන්නේ සාරාව මැරුවෙ ඔලිවර්ගෙ සහොදරිය තියා කියලා, හැබැයි මෙතනදි ඔලිවර් කැමැති වෙන්නෙ නෑ එයාගෙ නංගිව නන්දා පාබත් වලට බාරදෙන්න, මේ නිසා සාරාගෙ මිනීමරුව තමන් විදියට ඔලිවර් නන්දා පාබත් වලට බාර වෙනවා, එතනදි ඔලිවර් කවදාවත් දින්නන්න බැරි සටනක් වෙනුවෙන් රාස්ට අභියෝග කරනවා, මේ සටන අවසානෙදි ඔලිවර්ට වෙන්නේ, රාස්ගෙන් කඩු පාරවල් කාගෙන කන්දෙන් පහලට වැටෙන්න, ඔන්න ඔය විදියට තමයි පහුගිය කොටස් සාරාංශ වෙන්නේ, එහෙනම් ගොඩක් අය කුතුහලයෙන් ඉන්නේ ඔලිවර්ර් ඇත්තටම මැරෙනවද කියලා, එහෙනම් කුතුහලය නැති කරන්න හොද නැති නිසා මම අද කොටස ගැන විස්තර කරන්න යන්නෙ නෑ, එහෙමනම් මම ගිහින් එන්නම්, තවත් උපසිරැසියකින් හමුවෙමු, ජයවේවා!




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Arrow S03 E10 (2014) Sinhala Subtitles
(click here to watch and comment)

No comments

Powered by Blogger.