Gimme Shelter (2013) සිංහල උපසිරැසි සමඟ.



හුඟකාලේකින් ඉංග්‍රිසි චිත්‍රපටියක් දුන්නේ නැති නිසා මේ චිත්‍රපටියට කවුරුවත් සබ් නොදුන්න නිසාත් මේ කතාව ඩ්‍රාමා උනත් වැදගත් කතාවක් කියලා හිතුන නිසාත් ඔන්න සබ් දාලා අරන් ආවා.මේ චිත්‍රපටිය 2013 ලෙස සටහන් වුවත් තිරගත උනේ 2014 වර්ෂයේදි. ඒ වගේම හොද පිටපතක් ආවොත් ගිය අවුරුද්දේදිම තමයි. අපි කවුරුත් දන්න Vanessa Hudgens තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ.මීට අමතරව Trance,Fire with Fire,Unstoppable වැනි චිත්‍රපටිවල ප්‍රධාන චරිත නිරුපන කෙරු Rosario Dawson වගේම Inkheart,The Mummy චිත්‍රපටිමාලාවේ පෙනි සිටි Brendan Fraser වගේ රංඟන ශිල්පිනුත් මේ චිත්‍රපටියට දායක වෙනවා. මේ චිත්‍රපටියට පාධක වෙන්නේ සැබැ සිදුවිමක්. ඒ සිදුවිම අනුසාරයෙන් තමයි චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ.


දෙමව්පියෝ හරියට හිටියේ නැත්නම් ළමයිනුත් අයාලේ යනවා කියලා කතාවක් අහලා තියනවා නේ. මේ කතාවේ ඇග්නස් (Vanessa Hudgens) කියන්නේ අම්මා විතරක් ඉන්න ළමයෙක්. මේ කෙනාගේ අම්මා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිමින් වැඩි වශයෙන් ඇසුරු කරන කාන්තාවක්. මේ වගේ දේවල් නිසාම ඇග්නස් ගේ ළමාකාලම අවුල් ජාලයක් වෙනවා. මේ ගෙදර අම්මා එක්කගෙන යන එන අයගෙන් කරදරයක් වෙලා අග්නස්ට මේ අතර දරුවෙක් ලැබෙන්න යනවා. ඇයට මේ වෙද්දි වයස අවුරුදු 16යි. ඇය හිතනවා මේ අම්මා එක්ක ගෙවන කාලකන්නිජිවිතේ අතහැරලා දාලා තනියම ජිවත්වෙන්න. අඩුමගානේ තමන්ට ලැබෙන්න යන ළමයාවත් හොද විදියට හදාගන්න ඕන කියලා හිතලා. ඇය ටොම් කියන පුද්ගලයෙක්ව හොයාගෙන පිටවෙනවා. ටොම් ඇග්නස්ව දැක්ක ගමන් ගෙදරට එක්කගෙන යනවා. නමුත් ටොම් ගේ බිරිද කැමැති වෙන්නේ නෑ ඇග්නස්ව ගෙදර තියාගන්න. තව කාරනාවක් ඇග්නස් තමන්ගේ තියන නමට ආස නැහැ. ඒ නිසා එයාම නමක් හදාගන්නවා ඇපල් කියලා. ඉතින් එයා කවුරු හරි තමන්ට කතා කරනවාට කැමැති ඇපල් කියලා. කොහොම හරි කලින් කිව්ව විදියට ටොම්ගේ බිරිද පවා කැමැති වෙන්නේ නෑ ඇග්නස් ඉන්න තත්වය අනුව ගෙදර තියාගන්න...මේ නිසා ඇය එතැනනින් යන්න තිරණය කරනවා. වයස අවුරුදු 16ක් උන ඒ වගේම දරුවෙකුත් ලැබෙන්න යන කෙල්ලෙක්ට සමාජය කොහොමට සලකයිද? ඇය මේ දේවල් කොහොම විදදරා ගනිවිද?...ටිකක් වෙනස් තේමාවක් රැගත් චිත්‍රපටියක් නිසා කැමැති අය අරගෙන බලන්න. එහෙනම් ගිහින් එන්නම් තව හින්දි චිත්‍රපටියක් අරගෙන.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.