Interstellar (2014) සිංහල උපසිරැසි සමඟ (150th Subtittle)


෴150෴

අද මේ දෙන චිත්‍රපටියේ පොඩි විශේෂත්වයකුත් තියෙනවා,මේ මම උපසිරැසි ගන්වන 150 වෙනි උපසිරැසිය නිළ වශයෙන් ඉදිරිපත් කිරිම. (150 කිව්වට දැනට 165 පසුකර හමාරය, දැනට චිත්‍රපට 78 ක් සහ ටිවි සීරීස් කොටස් 86 ක් උපසිරැසි නිර්මාණය කර තියෙනවා)

මුලින්ම පොඩි දෙයක් කියන්න තියෙනවා සූම් එකත් එක්ක මම කොහොමද සම්බන්ධ වුනේ කියලා. දවසක් අන්තර්ජාලයේ සිංහල උපසිරැසියක් හොය හොය ඉන්නකොට තමා මට සූම් එක හමුවුනේ. ඉතින් සූම් එක ගැන වත ගොත හොයලා බැලුවාම දෙන්නෙක් හෝ තුන්දෙනෙක් තමා උපසිරැසි ගන්වන්න හිටියේ,ඉතින් උපසිරැසි ගන්වන්නන් අඩු නිසා මටත් සිතුනා සූම් එකට උපසිරැසියක් දෙන්න ඕන කියලා.මුලින්ම අවුට්ලෑන්ඩර් චිත්‍රපටයට තමා මම උපසිරැසි ලබාදුන්නේ, ඒ උපසිරැසිය සඳහා මුල්ම කමෙන්ට් එක දැම්ම දර්ශණ නිශාන්ත සහෝට මුලින්ම ස්තූති වන්ත වෙනවා,ඒවගේම කමෙන්ට් දාලා මාව දිරිගැන්වු අනිත් හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා.ගොඩක් බාධක මැද්දෙ මේතරම් දුරක් එන්න ලැබුනා. සිංහල උපසිරැසි නිර්මාණය සඳහා මම ආවා මුල් කාලයේම මා උපසිරැසි ගැන්වු Rise Of The Planet Of The Apes 2011, Pirates of the Caribbean-On Stranger Tides 2011 චිත්‍රපට දෙකෙන් මගේ උපසිරැසි ගමන නවතින්නත් ඉඩ තිබ්බා, මේ චිත්‍රපට දෙකේදි මටත් සූම් එකටත් සෑහෙන චෝදනාවන් ආවා. ඒ කාළයේ අළුත් ෆිල්ම් එකක් ආවම දවසින් දෙකෙන් අපි සිංහල හදලා දුන්නා. වෙලාවක් කලාවක් නැතිව සබ් දෙනවා කියන අන්න ඔය කාරනාව තමා ප්‍රධාන චෝදනාව වුනේ.මම හිතන්නෙ ගොඩක් අය ඒකට හේතුව දන්නවා ඇති.(පරණ කුණු අවුස්සන්න ඕන නෑනේ) ඒ මොහෙතේ මාව දිරි ගැන්වු සියළුම සාමාජිකයන්ට ස්තූති වෙනවා, ඒවගේම අපේ හෙඩ්ස් සහෝදරයටත්. විශේෂයෙන්ම කියන්න ඕන ඉහත සඳහන් කර චිත්‍රපට දෙක තමා මාව මේ තරම් දුරක් ගෙනාවේ කියලා.

උපසිරැසි නිර්මාණයේදි මට ගොඩක් අය උදව් කරලා තියෙනවා, ඒ හැමෝගෙම නම් මෙතන කියවුනේ නැති උනොත් සමාවෙන්න කොහොම හරි ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා,ඒවගේම මාත් සමඟ එකතුවෙලා උපසිරැසි නිර්මාණය කල සුපුනා, චම්පික, හිරාන්, ඩිලාන්, ඉසුරුවා, චමීර, නිසල්, කවිඳු, සුරංග අයියා, මහේෂි, නවීන්, දිනුෂ්ක උදාර,ප්‍රමෝද්, නයනපද්ම, නිමන්තට ස්තූති වන්ත වෙනවා. ඒවගේම නොයෙක් අයුරින් උදව් උපකාර කල, දර්ශණ නිශාන්ත, ගයාන් ගමගේ, සුමින්ද, තුසිත, ඉමල්, රොෂාන්, හසිත, ජනිත්, ප්‍රසාද්, සචින්, අසිත මෙතන නම සඳහන් කරන්න බැරිවුන ගොඩක් අය ඇති, ඒ හැමෝටම ස්තූතිවන්ත වෙනවා.

අද දෙන චිත්‍රපටිය ගැනත් කියන්නම් පොඩි විස්තරයක් අනාගතයේ ඇතිවන ව්‍යවසනයක් නිසා ලෝකය අහාර පාන හිගයක් ඇති වෙනවා. ඒ කියන්නේ ගස්කොලන් පවා නැති වෙලා යනවා. මේ නිසා මනුෂ්‍ය ජනගහනයත් වදවෙලා යන්න පටන්ගන්නවා. මේක නැති කරගැනිමට සෞරග්‍රහමණ්ඩලයේ ජිවත්විමට සුදුසු ඇති වෙනත් ග්‍රහලොවක් සොයා යන කණ්ඩායමක් වටා කතාව ගෙතෙනවා

අපි දිලා තියෙන්නේ ස්ක්‍රිනර් වර්ගයේ පිටපතක්. ඒක නැරබිමට සුදුසු මට්ටමේ තියනවා. ගුණාත්මක බවින් යුත් ඩිවිඩි හා බ්ලුරේ පිටපත් එන්න මාර්තු විතර වේවි කියලා අපිට හිතන්න පුලුවන්.කැමැති අය අරන් බලන්නකෝ. හොද පිටපතක් ආව විගසම උපසිරැසි අප්ඩේට් කරනවා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) විසිනි
 

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

Powered by Blogger.