Into the Woods (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න ලස්සන චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා.මුලින්ම මගේ 150 වෙනි උපසිරැසියට සුබ පැතුම් එක්කල හැමෝටමත්, උපසිරැසිය බාගතකල හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා.ඒවගේම Interstellar 2014 චිත්‍රපටය උපසිරැසි ගන්වා මාසයක් පමණ බලාසිටියා හොඳ කොපියක් නිකුත්වෙනකන්. මම උපසිරැසිය දැන්ම එකේ ටයිම් ලයින් වල අවුලක් නිසා ඇඩ්මින් සහෝට දවසක් විතර මහන්සිවෙන්න සිද්ධ වුනා සබ් එකේ ටයිමින් හදන්න.ඒ වෙනුවෙන් ඔහුටත් ස්තූති වන්ත වෙනවා. ඔන්න අද දෙන්න යන්නේ අළුත්ම අළුත් චිත්‍රපටයක්, Into the Woods (2014). මේ චිත්‍රපටයේ උපසිරැසි යොදන්න බාර අරගෙන තිබ්බේ අපේ සුපුනා. ඔහුගෙන් බලෙන් උදුරගෙන තමා මම උපසිරැසිය දැම්මේ. ඉතින් සුපුන් සහෝට ස්තූති වෙනවා මට මේ චිත්‍රපටයට උපසිරැසි ගන්වන්න අවස්ථාව ලබාදුන්නට. ක්‍රියාදාම, හාස්‍යජනක, මනහ්කල්පිත කියන වර්ගීකරණයන්ට යටත්ව නිර්මාණය කල මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 6.5 අගයක් ලබාගෙන තියෙනවා.

අධ්‍යක්ෂණය- Rob Marshall
තිර රචනය - James Lapine
Anna Kendrick - සිඩරෙල්ලා
Daniel Huttlestone -ජැක්
James Corden - බේකරි හාදයා
Emily Blunt -බේකරි හාදයාගේ බිරිඳ
Lilla Crawford - පුංචි රෙඩ් රයිඩින් හුඩ්
Meryl Streep - මායාකාරිය
Johnny Depp - වෘකයා
Mackenzie Mauzy- රපුන්සල් , ලෙසත් රංඟනයෙන් දායක වෙනවා.

එහෙනම් චිත්‍රපටය ගැන කෙටි විස්තරයක් කරන්නම්,මෙය සිඩරෙල්ලා, ලිට්ල් රෙඩ් රයිඩින් හුඩ්, ජැක් සහ මායා බෝංචි වැල සහ රපුන්සල් කියන පැරණි කතාන්දර කිහිපය පාදක කරගෙන නිර්මාණය කල සංගීතමය චිත්‍රපටයකි,පුංචි ගම්මානයක දරුවන් නැති බේකරි හාදයෙක් ඉන්නවා, ඔවුන්ට දරුවන් නැතිවෙන්න හේතුව වන්නේ මායාකාරියකගේ ශාපයක්.මෙම ශාපය බිඳ දැමිය හැක්කේ අවුරුදු 100 පායන නිල් පුන් සඳ ඇති රාත්‍රියක. ඉතින් මායාකාරිය පැමිණ කියනවා දවස් කිපයකින් නිල් සඳ පායනවා,ශාපය බිඳ දමන්න, කිරි මෙන් සුදු එළදෙනක්, රත්‍රන් මෙන් පිරිසිදු සපත්තුවක්, ඉරිඟු කරලක් මෙන් කහ පැහැති කොණ්ඩයක් සහ ලේ මෙන් රතු කබායක් අවශ්‍ය බව,ඉතින් මෙම බේකරි හාදයා මේ ද්‍රව්‍යන් හතර හොයාගන්න ගමෙන් පිටව යනවා. ඉතින් මෙම කතාවට ඉහත සඳහන් කල චරිත සම්බන්ධ වෙන්නෙ කොහොමද? චිත්‍රපටයේ අවසාන කොහොම වේවිද කියලා දැනගන්න චිත්‍රපටය බාගතකරගෙන බලන්න කියා හැමෝටම ආරාධනා කරනවා.ජයවේවා!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.