John Wick (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න අද අරන් ආවේ අලුතෙන්ම නිකුත් වුනු චිත්‍රපටයක් ඉතින් මම මේක ගැන බලාපොරොත්තු තියන් හිටියේ 47 රොනින් චිත්‍රපටයෙන් පස්සේ ඉතින් ඒ චිත්‍රපටයේ ඉන්නෙත් Keenu Reeves ඉතින් ඒක මගේ 100 වෙනි උපසිරැසි නිර්මාණය මේක මගේ 200 වෙනි උපසිරැසි නිර්මාණය ..ඉතින් චිත්‍රපටය ගැන කියන්න කලින් පොඩි ස්තුති කිරීම් වගයක් කරන්න ඕනේ ඒ ටික කරලම ඉන්නම් .. ඇත්තටම සූම් වෙබ් අඩවියත් එක්ක 2011 මාර්තු වගේ මම ඉන්නවා ඉතින් මට කලින් අකවුන්ට් දෙකක් ම තිබුනා ඉතින් එකක මුරපදය අමතක් වුනා ඊට පස්සේ DilanH කියලා 2012 ජනවාරි ආයෙත් රෙජිස්ටර් වුනා මේ වෙනකම් ඒ ගිණුම තමා
... ඇත්තටම ඉස්සර උපසිරස අරන් යන්න පමණයි ආවේ සමහර වෙලාවට කමෙන්ට් එකක් වත් නොදා යනවා ඉතින් ඔහොම කලක් යද්දී මට උපසිරැසි කරන්න එකතු කරගන්නේ ඉසුරු මධුශංක පෙරේරා ඉතින් මේ වෙනකන් මුනට මුණ හම්බෙලා නැතත් මගේ අතී ජාත මිත්‍රයා ඉතින් ඊට පස්සේ 2011 ඔක්තෝම්බර් වල ඉදලා වගේ මේ වැඩේට එකතු වෙන්න ලැබුනා ඒ වගේම අපේ වෙබ් අඩවියේ ස්වර්ණමය යුගයේ හා අදුරු යුගයේත් ඇඩ්මින් තුමා සමග කටයුතු කරන්න ලැබීම මහගු භාග්‍යයක් මොකද ඔහුගේ ඒ කැපවීම නැත්තම් මේ මුකුත් නැ ඒ වගේම ඒ වෙබ් අඩවිය ආරම්භ කිරීමේ ප්‍රමුඛයෝ වෙන දර්ශන නිශාන්ත පිරිස් , හසිතා කපුගමගේ(මහේෂි අක්කා) තිසර කඩුපිටිය ,දිනුෂ්ක උදාර(රොකියා අයියා) මේ හැමෝටම විශේෂ ස්තුතියක් පුද කරන්න ඕනේ ..

දැන් ඉතින් ඉන්නේ අපේ සහෝදර සහෝදරියන් කැල නම් වශයෙන් හැමෝටම ස්තුති කරන්න බැරි වෙයි ඒත් තරහ වෙන්න එපා ඉතින් සුපුන් , නිසල්, සසිත , ප්‍රමෝද් , නවීන් මල්ලි :v , තාරක අයියා , ගයාන් අයියා ,චමීර අයියා , හිරාන් , සුමින්ද උෂාන්ත ලොකු අයියා , අසිත , ඉශානි අක්කා තව අනුෂි මෙහෙම ගොඩක් ඉන්නවා හැමෝටම ස්තුතියි අදහසක් දක්වලා වගේම උදව් අවශ්‍ය වෙලාවට උදව් කරාට .. ඒ වගේම උදව් ගැන කතා කරාම අමතක් නොකරන චරිත තුනක් තියෙනවා සුපුන් , නිසල් , සසිත , අපේ පනී අයියා ඉතින් මෙයාලා මට 119 වගේ තමා ඕනෙම දේකට කතා කරලා උදව්වක් ඉල්ලගන්න පුළුවන් ඒ වගේම සුපුන් . නිසල් , සසිත මට ගොඩක් අසනීප වෙලා හිටපු කාලේ රුපවාහිනී කතා මාලා ඉවර කරගන්න ලොකු උදව්වක් දුන්නා . ඉතින් අවසන් වශයෙන් අපේ ප්‍රේක්ෂක පිරිසට ස්තුති වන්ත වෙනවා අදහස් දැක්වූ වගේම නොදැක්වූ සැමට .. දැන් ඉතින් ඉතින් වර්ෂ ගානක් මේ වැඩේ කරනවා දැන් ඉතින් හැමෝම පෙන්ෂන් යන එකේ මමත් ඒ ගැන අදහසක් තියාගෙන ඉන්නේ බලමු ඉස්සරහට ඒ ගැන ඒ වගේම අවසන් වශයෙන් හැමෝගෙන්ම පොඩි ඉල්ලීමක් කරන්න තියෙනවා මම මේ අපි තමයි හොද ටොප් කියලා කියනවා නෙවේ .. ඇත්තටම මේ අදහස් දැක්වීම ගැන කියන්නේ ඉතින් අපේ උපසිරැසි කණ්ඩායමේ හැමෝම එක්කෝ ඉගෙන ගන්නවා නැත්තම් රැකියාවක් කරනවා ඒ කියන්නේ තමන්ට විනෝද වෙන්න තියෙන වෙලාවේ තමා මෙහෙම වැඩක් කරන්නේ අවන්කවම දකින දෙයක් තමා උපසිරැසි පරක්කු වුනාම අපිට දන්වන කොටසින් සියට 20 ක් වත් අදහස් දක්වන්නේ නැ ඉතින් ඉස්සරට අපි නැති වුනත් අපේ උපසිරැසි කණ්ඩායමේ අය වෙනුවෙන් අදහසක් දක්වලා යන්න මොකද මම සීමිත තැන් කිහිපයකදී විතරයි මේ ගැන කතා කරලා තියෙන්නේ ඉතින් මම ඒ ඉල්ලීම නිහතමානිව ඉල්ලනවා දැන් චිත්‍රපටය ගැන බලමු නේ

නම ජෝන් වික් ඇත්තටම මොහුට කියන්නේ bhoogy man කියලා wwe කෙනා නෙවේ ඇ .. රුසියාවේ පොඩි ළමයි බය කරන්න හදන් ඉන්න චරිතයක් ලු . ඉතින් මොහු අපරාධ කල්ලි වලින් ඉවත් වෙලා ඉන්න කෙනෙක් මොහුගේ බිරිද මිය ගිහිල්ලා ඉන්නේ ඉතින් කලකිරීමකින් තමා මොහු ජීවත් වෙන්නේ .. ඉතින් ඒ වගේම තමන්ගේ බිරිද එයාට අවසන් තෑග්ගක් තියල යනවා ඉතින් ඒ වගේම ඒ තියලා යන දේ නැති වෙනවා මොහුට යම් විදිහකින් ඉතින් ඔයාලා බලන්නකෝ මොහුගේ ජීවිතේ කණපිට පෙරලෙන ආකාරය චිත්‍රපටයේ කතාව ගැන ඔච්චරයි කියන්නේ අනික් විස්තර දිහා බලමු


වියදම - ඩොලර් මිලියන 20
ආදායම - ඩොලර් මියන 70
IMDB - 7.7
rottentomatoe - 83%

අධ්‍යක්ෂනය - Chad Stahelski
රචනය හා තිර පිටපත -Derek Kolstad

නිෂ්පාදනය - Basil Iwanyk
David Leitch
Eva Longoria
Michael Witherill

බෙදාහැරීම - Summit Entertainment

රංගනයෙන් දායක වීම - Keanu Reeves
Michael Nyqvist
Alfie Allen
Adrianne Palicki
Bridget Moynahan
Dean Winters
Ian McShane
John Leguizamo
Willem Dafoe

එහෙනම් කට්ටියම චිත්‍රපටිය රසවිදින්න ලිපිය දිග වුනානම් සමාවෙන්න ! ජයෙන් ජය


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඩිලන් මේනක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.