Pisaasu (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න සෑහෙන කාළයකට පස්සේ අද අරගෙන ආවේ 2014 වර්ෂයේ තිරගත වූ දමිළ චිත්‍රපටයක් ,( Pisasu 2014) මේ චිත්‍රපටය සඳහා උපසිරැසි ගන්වන්න කිව්වේ අපේ සුපුනා තමා.ඒවගේම සෑහෙන කට්ටක් කලා සබ් එක නිවැරදිව හදලා දුන්න හෙඩ්ස් සහෝටත් සුපුනටත් ස්තූතිවන්ත වෙනවා. මේක හොල්මන් චිත්‍රපටයක්.Myshkin ගේ අධ්‍යෂණයෙන් සහ තිර රචනයක් හැඩ වැඩ වෙන මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 9.2 අගයක් හිමිකරගෙන තියෙනවා. කල්‍යාණි නටරාජන්, කනි කුස්රුති , නාගා, යන නළු නිළියන්ගේ රංගනයෙන් දායකවෙලා තියෙනවා.එහෙනම් චිත්‍රපටය ගැන පොඩි හැදින්විමක් කරන්නම්, චිත්‍රපටය ආරම්බයේම කට්ටියක් අනතුරක් වෙච්ච තැනකට දිව යනවා. අනතුරට ලක්වු ලස්සන තරුණියක් එතන ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්නවා. ඉතින් එතන හිටිය තරුණයින් කීපදෙනෙක් ඇයව රෝහලට අරගෙන යනවා.රෝහලේදි සිද්ධාර්ත් කියන තරුණායාගේ අත අල්ලගෙනම ඔහුගේ ඇස් දිහා බලාගෙන ඉද්දිම අර ලස්සන තරුණිය මිය යනවා. ඊටපස්සේ ඒ තරුණිය ආත්මයක් වෙලා සිද්ධාර්ත්ගේ ගෙදරට එනවා. සිද්ධාර්ත්ට මේක හෙන ගැටළුවක් වෙනවා. ඇයව බේරගන්න උදව් කරලත් ආත්මයක් වෙලා තමන්ගේ ගෙදරට ආව එක ගැන. ආත්මය එළවා දමන්න සිද්ධාර්ත් නොයෙක් විදිහේ දේවල් කරනවා. ඒ හැමදෙයක්ම නිෂ්පල වෙනවා. මේ අවතාරය සිද්ධාර්ත්ගේ ගෙදරට එන්න හේතුව මොකක්ද? ඇත්තටම මේ තරුණියව අනතුරකට ලක්කරේ කවුද? මේ හැමදෙයකටම පිළිතුර බලාගන්න චිත්‍රපටය මුල සිට අග දක්වා බලන්න කියා ආරාධනා කරනවා.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.