Run Raja Run (2014) සිංහල උපසිරැසි සමඟ.



ටික දවසකට පස්සේ ආයෙත් චිත්‍රපටියක් අරන් ආවා. මේක2014 වර්ෂයේ තිරගත උන තෙලිගු ෆිල්ම් එකක් වන අතර අලුත් නලු නිලියන් දෙන්නෙක් තමයි මේකෙත් දකින්න ලැබෙන්නේ. චිත්‍රපටිය නම් කොමඩි ගනයට අයත් එකක් ලෙසයි නම් කරලා තියෙන්නේ. නමුත් ඒ කොමඩිය අස්සේ හොද කතාවකුත් තියෙනවා. වැඩිය කියවන්නේ නැතිව කෙටි විස්තරයක් කියන්නම්.

චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Sujeeth විසින්. නිෂ්පාදනය කරලා තියෙන්නේ Uppalapati Pramod V. Vamsi Krishna Reddy යන දෙදෙනා විසින් වන අතර පිටපත ලියලා තියෙන්නේත් අධ්‍යක්ෂනය කරපු කෙනාම තමයි. රංගනයෙන් දායක වෙන්නේ Sharwanand, Seerat Kapoor යන දෙදෙනායි. ඒ වගේම චිත්‍රපටිය තිර ගතවීම ආරම්භ වෙන්නේ 2014 අගෝස්තු මස 01 වන දින වන අතර තෙලිගු භාෂාවෙන් පමනක් නිර්මාණය වන මෙය විනාඩි 137ක් දක්වා දාවනය වේ. චිත්‍රපටය සඳහා ඉන්දියානු රුපියල් කෝට් 5ක් වියදම් කර ඇති අතර බොක්ස් ඔෆිස් ආදායම කෝටි 25ක් උපයලා තියෙනවා. ආදයමෙන්ම පේනවනේ මේක හොද ඇති කියලා. එහෙනම් චිත්‍රපටියේ ගලා යන කතාව ගැන පොඩි අදහසක් දෙන්නම්.

චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ පොලිස් නිළදාරියෙක්ව පැහැර ගන්න සීන් එකකින්. එතනින් ඒ සීන් එක ඉවර වෙනවා. (රාජා) රාජා කියන්නේ ආදර සම්බන්දකම් සෑහෙන්න නැති වෙන කෙනෙක්. මෙයා යාලු වෙන හැම කෙල්ලම මෙයාව දාල යනවා. ඒකට රාජා හුගක් දුකෙන් ඉන්නේ. දවසක් මෙයා නැනෝ කාර් එකකින් ගමනක් යනකොට ගෑනු ලමයෙක් එයාගෙ කාර් එකට වෙඩින් ඩ්‍රස් එකක් ඇඳගෙන දුවගෙන ඇවිත් නගිනවා. මේ ගෑනු ලමයා පස්සෙන් කට්ටියක් පන්නන් එනවා. ඒ ඇයි කියලා ඔයාල චිත්‍රපටිය බලලම තේරුම් ගන්න. කොහොම හරි මේ ගෑනු ලමයත් ආදර සම්බන්දකම් නැති වෙන රාජා වගේම කෙනෙක්. මේ දෙන්නා ටිකෙන් ටික ලං වෙලා ආදරය කරන්න ගන්නවා. හැබැයි මේ ගෑනු ලමයගෙ තාත්ත පොලිස් කොමසාරිස් කෙනෙක්. මේ අතරේ ලොකුවට යන කේස් එකක් තියෙනවා. ඒ තමයි නගරයේ සිද්ධ වෙන පැහැර ගැනීම් විශාල ප්‍රමාණයක් නිසා. ඒ ගැන හොයන්න තමයි කලින් කිවුව ගෑනු ලමයා. එහෙමත් නැත්නම් ප්‍රියාගෙ තාත්ත එන්නේ. මෙයා මීට කලිනුත් මේ වගේ පැහැර ගැනීම් සිදු වෙච්ච අවස්දාවකදිත් ඒ කේස් එක විසදලා තියෙනවා. කෙල්ලගෙ තාත්ත පොලිස් කොමසාරිස් නිසා මෙයාලගෙ සම්බන්දෙට මොන වගේ ගැටලු එයිද කියලා හිතා ගන්න පුළුවන්නේ. එහෙනම් මීට වඩා විස්තරයක් නොකියා ඔයාලට බලන්න ඉඩ තියලා මම යනවා. එහෙනම් ඔයාල බලන්න තාත්ත මේ දෙන්නගෙ ආදරයට හරස් වෙයිද? නැත්නම් මේ දෙන්නට කැමැති වෙයිද? නැත්නම් වෙන ප්‍රශ්නයක් සිද්ධ වෙයිද කියලා බලන්නකෝ.

තවත් එකක් අරන් ඉක්මනට එන්නම් කියන ගමන් මම සමුගන්නවා. සබ් එක ගැන පොඩි අදහසකුත් දාලම යන්න අමතක කරන්න එපා හැමෝටම සුබ දවසක්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.