Sin City: A Dame To Kill For (2014) සිංහල උපසිරැසි සමඟ.



කස්ටියටම සුභ දවසක් වේවා!මේ අරගෙන එන්න හදන්නේ 2014 වර්ෂයේ තිරගතවුණු එළකිරි සහ ජලය වගේ චිත්‍රපටයක්. සුපුන් අයියගේ ඉල්ලීමකට අනුව තමයි මේක කරන්න හිතුවේ.එහෙනම් වැඩි කතා නැතුව ෆිලුම ගැන ටිකක් බලමු.

මිනිත්තු 102 පුරා දිවෙන මේ සලරුව අයත් වෙන්නේ Action,Crime,Thriller ගණයට ඒ වගේම රංගනයෙන් දායක වෙන්නේ Mickey rourke,jessica alba,Josh brolin,joseph gordon යන නළු නිලියන් ලබාගෙන තියෙන IMDB අගය 6.6 ක්.ඒ වගේම ෆිලුමේ කතාව ගැන කියනවා නම් එක්තරා නගරයක් පාදක කරගෙන තමයි කතාව ඉදිරියට ඇදෙන්නේ මේ ෆිලුමේ දුෂ්ඨ චරිත කිහිපයක් වගේම වීර චරිත කිහිපයකුත් ඇතුලත්වෙනවා තමන්ගේ පෙම්වතාගේ මරණයට පළිගන්න හදන තරුණියක්,තමාට පණ මෙන් ආදරය කරන මිනිසෙකුගෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදන ගැහැණියක්,තමාගේ උරුමය ලබා ගැනීමට වෙහෙසෙන තරුණයෙක්, මිනිසුන්ට උදව් කරමින් ජිවත් වන මිනිසෙක් වටා දිවෙන මේ සලරුව දුෂ්‍ය වූ සමාජයේ හොඳ මිනිසුන්ද සිටින බව මනාව පෙන්නුම් කරපු චිත්‍රපටයක් කියන්න පුළුවන්.එහෙනම් ෆිලුමේ මොකද වෙන්නේ කියලා අරගෙනම බලන්නකෝ ගිහින් එන්නම් ජය වේවා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.