Vice (2015) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න ඉතින් 2015 ලේබලය තියෙන දෙවැනි චිත්‍රපටය අරගෙන එන්න වුණෙත් මට තමයි. කලින් එක වගේම මේකත් පට්ටම ෆිල්ම් එකක්. නිකුත් වෙලා තිබුණු දිනය ලෙස සඳහන් වෙලා තිබුණේ මේ වසරේ ජනවාරි 15වැනිදා. ප්‍රධාන චරිතයක් ලෙස Die Hard, The Expendables 2, Sin City: A Dame to Kill For, RED, G.I. Joe:Retaliation වගේ චිත්‍රපට වල රඟපෑ ඔයාලා කවුරුත් දන්න Bruce Willis තමයි මෙහිදී රංගනයෙන් දායක වෙන්නේ. මේක එක්තරා ආකාරයක වෙඩිතබාගැනීම් වලින් පිරුණු විද්‍යා ප්‍රබන්ධ කතාවක් කියලා කියන්නත් පුළුවන්. Action | Adventure | Sci-Fi | Thriller ආදී ලෙස මේ චිත්‍රපටය වර්ග කරලා තියෙනවා.

ඔයාලා කවුරුත් ඒ කාලේ GTA Vice City ගේම් එක ගහලා ඇතිනේ. ඒකෙදී අපිට ඒ නගරයේදී ඕනම දෙයක් කරන්න පුළුවන් බව ඔයාලා දන්නවනේ. (පොලීසියෙන් එන එක වෙනම කතාවක්). ඉතින් මේ කතාවේ තියෙන වයිස් නගරයත් ඒ වගේම තමයි. එහේ යන අයට ඕනම දෙයක් කරන්න පුළුවන්. මේ කතාවේ ප්‍රධාන චරිතයක් ලෙස ගැහැණු ළමයාට හිටපු ගමන් පෙර මතකයන් වගයක් එනවා. හරියට එයාව දෙතුන් පාරක් මරා දමලා වගේ. කෙනෙක් දෙතුන් පාරක් ජීවත් වෙන්නේ කොහොමද? ඉතින් මෙතන වෙන ඇත්තම සිද්ධිය කිව්වොත් ඒකෙන් වැඩක් නැතිවෙනවා. ඒ වගේම අපේ පොලිස් නිලධාරියා රෝයි මිනීමරුවෙක් අල්ලා ගැනීමට වයිස් නගරයට එනවා. සමහර හේතු හින්දා එයාගේ අරමුණ වෙලා තියෙන්නේ වයිස් නගරය තහනම් කර දැමීම. ඒ අතරෙදී එයත් මේ සිද්ධියට පටලැවෙනවා. ඉතින් අර ගැහැණු ළමයා දෙතුන් පාරක් මැරෙන්නේ කොහොමද? ඇයට ඇත්තටම තමන් කවුද කියලා හොයාගන්න පුළුවන් වේවිද? වයිස් නගරයේ තියෙන මේ අබිරහස මොකක්ද? අපේ පොලිස් නිලධාරී තුමාව සියල්ල අනාවරණය කරගන්න පුළුවන් වේවිද? ඉතින් මේ වගේ ගොඩක් ගැටලු වලට විසඳීම් හොයාගැනීමට චිත්‍රපටය රසවිඳින්න කියලා මං ආරාධනා කරනවා. එහෙනම් Smallville දෙවැනි කතාසමය තුලින් හමුවෙමු!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කවිදු චාමිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.