Faith (2012) S01 E01 - 24 සිංහල උපසිරැසි සමගින්






මේ කතා මාලාව SBS නාලිකාවේ 2012 වසරෙදි විකාශය වෙච්ච ඉතාමත් ජනප්‍රය වෙච්ච ලස්සන කතා මාලාවක්. මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නෙ කොරියානු ප්‍රධාන පෙලේ අධ්‍යක්ෂක වරයෙක් වෙන Kim Jong-hak විසින්. මෙම කතා මාලවේ ප්‍රධාන චරිතවලට පණ පොවන්නෙ Choi Young (Lee Min Ho),Yoo Eun Soo (Kim Hee Sun) යන කවුරුත් දන්න ජනප්‍රය කොරියානු නළු යුවලයි. මේ කතාව පැත්තට හැරුනොත් මේ කතා මාලව කාලය හා අවකාශය අතර ඇති වෙන ආදරයක් මුලික කරගෙන නිර්මාණය වුවක්. මෙකේ ප්‍රධාණ චරිතය වෙන Yoo Eun Soo කියන්නෙ 33 හැවිරිදි ප්ලාස්ටික් සැත්කම් වෛද්‍ය වරියක් ඇය ජිවත් වෙන්නෙ මෙම කතාව නිර්මාණය වු 2012 වසරේ සෝල් අගනුවරය. එත් Choi Young කියන රණකාමියා ජිවත් වෙන්නෙ ගොර්යෝ රාජවංශයට අයත් යුගයේය එ කියන්නෙ මේ දෙන්නා අතර ගොඩක් ලොක් කාල පරතරයක් තියනවා. මේ Choi Young කියන්නෙ ගොර්යෝ රාජවංශයේ දක්ශම රණශුරයෙක්. මේ කාලයේ ඔටුන්න හිමි කුමාරයගේ කුමරයට සතුරු ප්‍රහාරයකදි බර පතල විදියට තුවාල වෙනවා මෙය සුව කිරිමට එවකට සිටින කිසිම වෙදදුරෙකුට පුලුවන් කමක් නැ. මේ කලයේ එක්තරා දොරටුවක් තියනවා එය හරහා දිව්‍ය ලෝකයට යන්න පුලුවන් කියලා එවකට ජනතාව අතර විස්වාසයක් තියෙනවා. මේ නිසා Choi Young රණකාමියාට සිදු වෙනවා මේ දොරටුව හරහා ගිහින් කුමරිය සුව කරගන්න පුලුවන් වෛදළු වරයෙක් රැගෙන් එන්න. එත් මේ දොරටව හරහා යන Choi Young එන්නෙ 2012 සෝල අගනුවරයි මෙහු හිකන්නෙ මේ දිව්‍ය ලොකය කියලා මේ අමුතු ලොකයේ ඔහු වෛද්‍ය වරයෙක් හොයන් යනවා මෙහිදි එයා Yoo Eun Soo දැක එයාව බලෙන් පැහැරගෙන දොරටුව හරහා ආයෙත් කාලය හරහා ගොර්යෝ රාජවංශයට අයත් යුගයට එනවා. පසු කුමාරිය සුව කරත් ඇයිට ආපහු යන්න වෙන් නැ. එකට හෙතු ගොඩක් තියනවා. එත් කොහොම හරි මාර්ගයක් හොයා ගන්න Choi Young ගේ උදව් ඇතිව එයා මහන්සි වෙනවා. කලයක් යනකොටම මේ දෙන්නා අතර සිදු විය නොහැකි විදියේ කාලය හා අවකාශය අතර ආදරයක් ඇති කරගන්නවාත මේ දෙන්නගේ ආදර කතාවට මොකද වෙන්නෙ මේ දෙන්නට එන දමසක් කරදර වලට මේ දෙන්නා මුහුණ දිගෙන් නැවත ආණාගතයට යන්න මාර්ගයක් සොයන ආකාරය මාර්ගයක් සොයා ගත්තද අවසානයේ Yoo Eun Soo තමන්ගේ ආදර වන්තයා දාල අණාගතයට යනවද කියලා කතාව බලලාම තිරණය කරන්න ඔයාලට පුලුවන්. මට පොරන්දු වෙන්න පුලුවන් මේක කොරියානු ආදර කතා වලට ආස අයට වගේම ක්‍රියාධාම වලට ආස අයටත් එකවිදියට බලන්න පුලුවන් කියලා.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ The new folder විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Faith(2012) S01 E01 - 24 Sinhala Subtitles
(click here to watch and comment)

No comments

Powered by Blogger.