Honeymoon (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න එහෙනම් ත්‍රිලර් හා හොරර් එකට කැටිවුන චිත්‍රපටියක් අරගෙන ආවා. පොඩි වෙලාවක් ලැබුන ගමන් තමයි සබ් එකක් කරන්න ගත්තේ. මේක ඇත්තටම ලයින් ගානත් අඩු වගේම හොල්මන් එකක් නිසා දාන්නත් ටිකක් ලේසි උන නිසා මේක අරගෙන ආවා.හැබැයි චිත්‍රපටිය නම් හොද කුතුහලයක් එක්ක විනාඩි90ක් පුරාවට ඔයාලාට රසවිදින්න පුලුවන් එකක්. කතාව ගැන කියන්නම් කෝ... මධුසමය ගත කරන්න යන යුවලක් වටා තමයි කතාව ගෙතෙන්නේ. බදින්න කලින් කොච්චර ලගින් ආශ්‍රය කලත් හැමෝගේම හිනයක් තියනවා නේ මධුසමය ගැන. බී හා පොල් කියන්නෙත් මේ වගේ ආදරේ කරලා කසාද බැන්ද දෙන්නෙක්. මේ දෙන්නා ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි තමන්ගේ මධුසමය ගත කරන්න යන්නේ. මෙයාලා මේකට තෝරගන්නේ නගරයෙන් ටිකක් ඇතට වෙන්න තියන බීට අයිති කැලැවේ මැදකට වෙන්න
වගේ තියන පරණ ගෙයක්. වට පිටාව නිස්කලංක නිසා කාගෙන්වත් බාධාවක් වෙන්නෙත් නැති නිසා දෙන්නාම මේ තැනට කැමැත්තෙන් යනවා.

කොහොම හරි මේ අය දවසක් දෙකක් සතුටින් ගත කරනවා. හැබැයි මේ අය රෑට නිදා ගන්න යන හැම වේලාවේම කැලේ ඇතුලේ ලොකු එලියක් යනවා. මෙහෙම දේවල් වෙන අස්සේ එක දවසක් බි අතුරුදහන් වෙනවා එක පාරටම. පොල් බිව හොයන්න කැලේ පිරනවා. කොහොම හරි බිව හම්බුනාම බි නම් කියන්නේ එයා නින්දෙන් ඇවිදගෙන එලියට යන්න ඇති කියලා. හැබැයි මේ සිදුවිමෙන් පස්සේ බි ගේ හැසිරිම සම්පුර්ණයෙන් වෙනස් වෙනවා. ඇත්තටම බිට උනේ මොකක්ද? මේ මහා කැලේ රැට අර වගේ එලියක් එක්ක යන්නේ කවුද? හොල්මනක්ද? නැත්නම් අභිරහස් පුද්ගලයෙක්ද? හොයලා බලන්න නම් චිත්‍රපටිය බලන්න වෙනවා ඔයාලාට. චිත්‍රපටියේ පොඩි පොඩි දර්ශන නිසා පරිස්සමින් බලන්න හොදේ..දෙන්නා යන්නේ මධුසමය ගත කරන්නනේ. ඒ නිසා. එහෙනම් තව චිත්‍රපටියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.