I (2015) සිංහල උපසිරැසි සමඟ.



සුභ දවසක් ඔන්න අදත් තාරක අයියත් එක්ක අපි දෙන්නම තවත් උපසිරැසියක් අරගෙන ඔයාලව මුනගැහෙන්න ආවා, චිත්‍රපටය ගැන ඔයාලා දැනටම ගොඩක් විස්තර දන්නවා ඇතිනේ මොකද මේක ගොඩක් කතාබහට ලක් වුන චිත්‍රපටයක්, මේකෙ හොද කොපියක් එනකම් ඔයාලා ගොඩක් දෙනෙක් බලාගෙන හිටියනේ, අද උදේ තමයි මේකේ හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනේ, ඔන්න එහෙනම් අපි දෙන්නම එකතු වෙල පුලුවන් ඉක්මනට මේක ඔයාලා අතට පත් කලා, චිත්‍රපටය දිහාවට හැරෙනවානම් ඉන්දීය සිනමා ඉතිහාසයේ මෙතෙක් වැඩිය වියදමක් දරා නිර්මාණය වුච චිත්‍රපයට තාමයි මේ තියෙන්නේ, මෙහි මුළු පිරිවැය විදියට සටහන් වෙන්නේ ඉන්දීය රුපියල් කෝටි 185ක්, මෙහි රූගත කිරීම් වෙනුවෙන් දින 974ක කාළයක් වැයවී තිබෙනවා, 2012 ජූලි 15 දින රූගතකිරීම් ආරම්භකරපු මෙය අවුරුදු දෙකකුත් මාස අටක් වගේ කාලයක් රූගතකිරීම් වෙනුවෙන් වැය කරලා තියෙනවා, මෙහි විශේෂ ප්‍රයෝග වගේම පසුතල නිර්මානය කරලා තියෙන්නේ Hobbit, Avatar, King kong, planet of the apes වගේ සුපිරි මට්ටමේ හොලිවුඩ් නිර්මාන බිහි කල Weta Workshop සමාගම විසින්, මෙහි සටන් අධ්‍යක්ශණය කරලා තියෙන්නේ the metrix, kill bill, Kungfu Hustle වගේ සිනමා නිර්මාණ වල සටන් අධ්‍යක්ශක ‍yuen wOo-Ping විසින්, 2015 ජනවාරි 14 ලොවපුරා තිරගතවීම ආරම්භ වුන මෙහි අධ්‍යක්ශණය සිදු කරලා තියෙන්නේ Enthiran, Nanban වගේ දමිළ සුපිරි සිනමා නිර්මාන බිහි කරපු ශංකර් විසින්, මෙහි රංගනය වෙනුවෙන් සුපිරි නළු නිළි රැසක්ම රංගනයෙන් දායල වෙලා තියෙනවා, මෙහි ප්‍රධාන නළුවා විදියට Rajappati, Thandavam වගේ සිනමා නිර්මාණ වෙනුවෙන් රංගනයෙන් දායක වුන දකුණු ඉන්දීය සුපිරි නළු වික්‍රම් රංගනයෙන් දායක වෙලා තියෙනවා, ‍Yevadu, Thandavam වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන ඇමි ජැක්සන් මෙහි ප්‍රධන නිළි භූමිකාව හොබවනවා, ඒවගේම දමිළ විකට නළු සන්තානම්ද මෙහි රංගනයෙන් දායක වනවා, සෙසු නළු නිළියන් විදියට සුරේශ් ගෝපි, උපේන් පටේල්, රාම්කුමාර් ගනේශන් වගේ නලු නිළි රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා, මෙහි සංගීත අධ්‍යක්ශනය කරලා තියෙන්නේ බොලිවුඩ් සම්මානනීය සංගීත අධ්‍යක්ශක ඒ ආර්, රාහුමාන් විසින්. මෙය භාශා පහක් (දමිළ, තෙලුගු, හින්දි, ඉංග්‍රීසි, චීන) යටතේ ලොවපුරා සිනමාහල් 3000ක තිරගතකර තිබෙනවා, තවම තිරගතවෙමින් තිබෙන මෙය ලොවපුරා දින 19ක් තිරගතකිරීමෙන් උපයා ඇති මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 32ක්, චිත්‍රපටය ගැන සම්පූර්න විස්තර ඇතුලත් කරපු ත්‍රෙඩ් එක් මම මීට කලින් පළකරලා තියෙනවා, ඒකට මෙතනින් (http://www.zoom.lk/forums/showthread.php?t=18474) ගිහින් බලන්න පුලුවන්

කතාව පැත්තට හැරෙනවානම්, චිත්‍රපටයේ නම "I" කියන එකේ තේරුම "මම" කියන එක කියලා මත් මුලින් හිතාගෙන හිටියේ, ඒත් ඒකේ තේරුම මොකද්ද කියලා චිත්‍රපටය අවසානයේදී ඔයාලට බලාගන්න පුලුවන්, ලින්ගේසන් (වික්‍රම්) කියන්නේ තමිල්නාඩුවේ කායවර්ධන ආයතනයක් කරගෙන යන කෙනෙක්, මෙයාගෙ එකම හීනය ජාතික අයෝමය ශූරයා වෙන එක, ඒත් ජාතික අයෝමය ශුරයා වෙන්න කලින් තමිල්නාඩුවේ අයෝමය ශූරයා වෙන්න ඕනෙ, ලින්ගේසන් මේ වෙනුවෙන් දිවා රෑ නොබලා මහන්සි වෙනවා තමිල්නාඩු අයෝමය ශූරයා තරඟයට ඉදිරිපත් වෙන්න ගියාට පස්සෙ එතනදි තවත් තරඟකාරයෙක් ලින්ගේසන් හතුරුකකම්ක් ඇති කරගන්නවා ඒ මොකද්ද කියලා චිත්‍රපටියෙදි බලාගන්න පුලුවන්, හැබැයි අන්තිමේදි ලින්ගේසන් තමිල්නාඩු අයෝමය ශූරතාව දිනාගන්නවා, ලින්ගේසන් කැමැතිම නිරූපන ශිල්පිනියක් ඉන්නවා ඒ තමයි ඩියා (Amy Jackson), මෙය කොච්චර එයාට කැමතිද කියනවනම් ඩියාගෙ එක පින්තූරයක්වත් අතාරින්නේ නෑ, ලින්ගේසන් අයෝමය ශූරයා වුනාට පස්සෙ මෙයාට ඩියාව අදුරගන්න අවස්තාවක් ලැබෙනවා, ඩොක්ටර් වාසුදේන් කියන්නේ ලින්ගේස්වරන්ගේ ජ්මි එකට එන කෙනෙක් මෙයා ඩියාගෙ පවුලේ ලඟම හිතවතෙක්, ඩියා එක්ක එකටම වැඩ කරන ජෝන් කියන නිරූපණ ශිල්පියා ඩියාට අයුතු බලපෑම් කරනවා, හැබැයි ඩියා මේ යෝජනා වලට කැමති වෙන්නේ නෑ, ඉතින් මේ තරහට ජෝන් කරන්නේ ඩියාට රඟපාන්න තියෙන දැන්වීම් හැම එකින්ම ඩියාව අයින් කරන එක, ඩියාට එක දැන්වීමක් ඉතුරු වෙලා තියෙනවා ඒක රූගත කරන්නේ චීනයේ, තමන්ගේ රස්සාව බේරගන්න ඕනෙ නිසා එයා කරන්නේ ජෝන්ට වෙනුවට ගන්න පුලුවන් නීරුපණ ශිල්පියෙක්ව හොයාගන්න එක, එතකොට තමයි ඩියාට ලින්ගේශන්ව මතක් වෙන්නේ, ඩියා ඩොක්ටර් වාසුදේවන් එක්ක ගිහින් මෙයාලා ලින්ගේසන්ව වැඩේට කැමති කරගන්නවා, ලින්ගේසන් ජාතික අයෝමය ශූරයා වෙන එකත් කල්දාලා වැඩේට කැමති වෙනවා, කොහොමින්හරි අන්තිමේදි චීන ව්‍යාපෘතිය සාර්ථක කරගන්න ඩියාට පුලුවන්කම ලැබෙනවා, කොහොමින් හරි අන්තිමේදි ඩියා ලින්ගේසන් එක්ක ප්‍රේම සම්බන්දයක් පටන් ගන්නවා, ඉතින් මේ දෙන්නා විවාහ වෙන්න සූදානම් වෙනවා, හැබැයි ඒ වෙනකොට ලින්ගේසන් හතුරො හතර දෙනෙක්ව හදාගෙන ඉවරයි ඒ කවුද ඒ අය හදාගන්න විදිය චිත්‍රපටය බලලම දැනගන්න, ඉතින් ලින්ගේසන්ගේ ඩියාගෙ විවාහයට දවස් දෙකකට කලින් ලින්ගේසන්ගේ කොන්ඩය, දත් හැලෙන්න පටන් ගන්නවා, මේකට හේතුව මොකද්ද කියල ලින්ගේසන් දන්නෙ නෑ, ඔන්න ඔතන ඉදන් තමයි කතාවෙ හොදම හරිය පටන් ගන්නේ, මේ වෙනකම් කතාවෙ කියපු නැති සෑහෙන්න දේවල් තියෙනවා, ඒවගෙම මෙතන කතාවෙන් 5%ක්වත් ව්ස්තර වෙලා නෑ හිතාගන්න පුලුවන්නේ කතාව කොච්චර දිග ඇත්ද කියලා, වෙනස්ම විදියෙ සිනමා අත්දැකීමක් විදියට මේක හදුවන්න පුලුවන්, අන්තිමට හොද කුතුහලයෙන් පිරුණ කතාවක් බලාගන්න පුලුවන්, මේකෙ කතාව ලියන්න ගියොත් දවසක්වත් ගතවෙන නිසා මම දැන් මෙතනින් නතර වෙන්නම්, IMDB දර්ශකයේ 8.2 දෙකක් වගේ ඉහල අගයක් ලබාගත්ත ක්‍රියාදාම ත්‍රාසය භීතිය කුතුහලය සපිරුනු මේ සුපිරි සිනමා නිර්මානය රසවිදින්න කියන ඉල්ලීමත් එක්ක අපි දෙන්නා අදට සමුගන්නම්, එහෙනම් හැමෝටම ජයෙන් ජය!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) හා සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.