Kappal (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න එහෙනම් තවත් කොමඩි ටැමිල් චිත්‍රපටියක් අරන් ආවා. මේකත් 2014 නිකුත් වෙච්ච අලුත්ම අලුත් චිත්‍රපටියක්. කතාව ගැන කියනවා නම් යාළුවෝ කණ්ඩායමක් ඉන්නවා මේ යාළුවෝ අතර චිත්‍රපටියේ කතා නායකයා තමයි වාසු කියන්නේ. මේ අය පොඩි කාලේදි තමන්ට කියලා නිතියක් දාගෙන ඉන්නවා. ඒ කියන්නේ තමන්ගේ මේ යාළුවෝ කණ්ඩායමේ ඉන්න කවුරුත් ජිවිතේටවත් ගැණු ළමයෙක් එක්ක කතා කරන්නේවත් යාළුවෙන්නේ වත් කසාද බදින්නේවත් නැහැ කියලා. නිකමට හරි කවුරු හරි යාළුවෙක් මේ ප්‍රතිපත්ති කඩ කලොත් එයා ද්‍රෝහි යාළුවෙක් වෙනවා.කාලේ ගෙවිලා යනවා මේ යාළුවන්ගේ ප්‍රතිපත්තිය වෙනස් වෙන්නේ නෑ. එත් මේ කණ්ඩායමේ හිටිය වාසුට නම් ගැණු ළමයි එක්ක කතා නොකර යාළු නොවි ඉන්න බැ. හැබැයි ඉතින් වාසු ගැණු ළමයි එක්ක යාළු උනත් මෙයාගේ ඉන්න යාළුවන්ගේ හොද කමට මේ හැම ප්‍රේම සම්බන්ධයක්ම කඩවෙලා යනවා.කොහෝම හරි සෝනම් කියලා ගැණු ළමයෙක්ටත් වාසුගේ හිත යනවාඑත් වාසු දන්නවා තමන්ගේ යාළුවෝ දැනගත්තොත් මේ සම්බන්ධයක් කොහොම හරි කඩලා දානවා කියලා. ඉතින් වාසු හැමෝටම හොරෙන් මැඩ්‍රාස් යනවා. හැබැයි යාළුවෝ සෙට් එක දැනගන්නවා වාසු කෙල්ලෙක් පස්සෙන් මැඩ්ඩ්‍රාස් ගිහින් කියලා. යාළුවෝ සෙට් එකත් යනවා වාසු ගේ මේ පාර ලව් එකත් කඩලා දාන්න...බලන්නකෝ ඊට පස්සේ මොකද වෙන්නේ කියලා චිත්‍රපටිය අරන්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.