Power Unlimited (2014) සිංහල උපසිරැසි සමඟ.




ඔන්න ටික දවසකට පස්සේ මම තවත් උපසිරැසියක් අරගෙන ආවා, ගොඩක් කාලෙකට පස්සෙ තමයි තෙලුගු ෆිල්ම් එකක් කලේ, මේකෙ හොද කොපියක් නිකුත් වෙලානම් දැන් ටික දවසක් වෙනවා, අද උදේ තමයි මම මේක කරන්න ගත්තේ ලයින් 2000කට වැඩි චිත්‍රපටයක් කලෙත් හුඟ කාලෙකට පස්සේ, ඉතින් පුලුවන් ඉක්මනට උපසිරැසිය ඔයාලාට අරන් ආවා, චිත්‍රපටය දිහාට හැරෙනවානම් මේක තිරගතකිරීම ආරම්හ කරලා තියෙන්නේ 2014 සැප්තැම්බර් 14 වෙනිදා, මෙහි අධ්‍යක්ශණය k.s ravindra විසින් සිදු කර ඇති මෙහි සංගීත අධ්‍යක්ශණය සිදු කර තිබෙන්නේ S. Thaman විසින්. මෙහි ප්‍රධාන නළුවා විදියට කොයි කවුරුත් දන්න Balupu, Daruvu වගේ චිත්‍රපට වල රංගනයෙන් දයක වුන Ravi Teja රංගනයෙන් දායක වෙලා තියෙනවා, ප්‍රධාන නිළිය විදියට Maan karate, Biriyani වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන සුරුපී නිළි Hansika Motwani දායක වෙලා තියෙනවා, රංගනයෙන් දායක වන සෙසු නළු නිළියන් විදියට Regina Cassandra, Prakash Raj, Mukesh Rishi, වගේ නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා, මිනිත්තු 147ක් පුරා දිව යන මෙය ඉන්දීය රුපියල් කෝටි 31ක ආදායම් උපයාගෙන බොක්ස් ඔෆිස් වාර්ථාවක් තැබීමට සමත්වෙල තියෙනවා, IMDB දර්ශකයේ අගය ලෙස සටහන් වන්නේ 7.8/10 ක්.


කතාව පැත්තට හැරෙනවානම්, බාල්දේවි කියන්නේ කල්කටා පොලිසියේ සේවය කරන පොලිස් ස්ථානාධිපතිවරයා, මෙයා ලොකු ලොකු අල්ලස් ගන්න ගොඩක් ප්‍රසිද්ද කෙනෙක්, ගංගුලි කියන මැරයාව උසාවියට ඉදිරිපත් කරන්න ගෙනියන වෙලාවෙදි බාල්දේවි ගංගුලිව පොලිසියෙන් බේරගෙන පැනලා යනවා, ඒ පැහැරගෙන යාම අන්තිමේදි බාල්දේවි මැරෙනවා, ඒකට මිනිස්සු කතා වෙන්නේ බාල්දේවි අල්ලස් අරගෙන ගංගුලිව බේරගත්තා කියලා, මේ බාල්දේවිගේ අයියා ජේ වර්ධන් කල්කටා වල සාධාරන විදියට ඉන්න ඇමතිවරයෙක්, මේ වුන සිදුවීම නිසා ජේ වර්ධන්ගේ අම්මා රෝහල්ගත කරනවා එයාගෙ බාල පුතා මැරුන දුකට, මේ අතරේ හයිද්‍රාබාද් වල තිරුපති කියලා කෙනෙක් ඉන්නවා එයා අර මැරුණ බාල්දේවිගේ ස්වරූපයට සමානයි මෙයගෙ එකම හීනය පොලිස් නිළධරියෙක් වෙන එක, මෙයා ජීවත් වෙන්නේ එයාගෙ අක්කා සහ මස්සිනා එක්ක, මෙයාගෙ මස්සිනා හයිද්‍රාබාද් වල පොලිස් ස්ථානාධිපතිවරයා ඒත් මස්සිනා තිරුපතිට පොලිස් නිළධාරියෙක් වෙන්න උදවු කරන්නේ නෑ, මේ ගැන තිරුපති කළකිරිමෙන් ඉන්නකොට කල්කටා වල ජේ වර්ධන් මෙයාව අහම්බෙන් දැකලා තිරුපතිව හොයාගෙන හයිද්‍රාබාද් එනවා, ඇවිත් තිරුපතිගෙන් ඉල්ලීමක් කරනවා බාල්දේවිගේ තැන ගන්න කියලා, ඒ එයාගෙ අම්මව සනීප කරගන්න ඕනෙ නිසා එතකොට තිරුපතිට පොලිස් නිළධාරියෙක් වෙන්න තියෙන ආශාවත් ඉශ්ඨ වෙනවා, ඉතින් මීට වඩා මම කතාව ගැන කියන්න යන්නේ නෑ, ගංගුලිට මොකද වුනෙ, ගංගුලි කියන්නේ කවුද, ජේ වර්ධන්ගේ ඇත්තම මල්ලි කවුද? බාල්දේවි ඇත්තටම මැරුනද? තිරුපති කියන්නෙ ඇත්තටම කවුද? ජේ වර්ධන් කියන්නේ මොන වගේ කෙනෙක්ද කියන ප්‍රශ්‍ණ වලට උත්තර චිත්‍රපටය නැරඹුවට පස්සෙ දැනගන්න පුලුවන්, කතාව මැද හරියෙදි මම මේ කියපු මුලු කතාවම කණපිට හැරෙනවා, මේක හොද කුතුහලයෙන් නරඹන්න පුලුවන් වින්දනාත්මක තෙලුඟු චිත්‍රපටයක් කියන්න පුලුවන්, හෙට උදේට මේ චිත්‍රපටයේ නම තියෙන 2014 වර්ශයේම තිරගතවුන තවත් චිත්‍රපටයක උපසිරැසි ලබාගන්න පුලුවන්, චිත්‍රපට දෙක පටලගන්න එපා කියල ඉල්ලීමත් එක්ක මම ගිහින් එන්නම් හෙට ඇරෝ එකත් එක්ක හම්බවෙමු, ජයවේවා!



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.