Road Trip 2 Beer Pong (2009) සිංහල උපසිරැසි සමඟ.




ඔන්න ටික කාලෙකට පස්සෙ ආයෙත් මම සිංහල උපශීර්ශයක් අරගෙන ආවා, මේ චිත්‍රපටියෙ පලවෙනි කොටස මම කලින් දීලා තියෙනවා. අද අරන් ආවේ ඒකෙ දෙවෙනි කොටස.පලවෙනි කොටස තාම බැලුවෙ නැතිනම් මෙතනින් Road Trip (2000) ගිහින් ඒක බලන්න. වැඩි කතා නොකරම කථාවට බහිමු එහෙනම්. මුලින්ම හැමෝටම මේ චිත්‍රපටියෙ trailer එක බලන්න කියල ඉල්ලා සිටිනවා ඇන්ඩි (ප්රෙස්ටන් ජෝන්ස්), ඔහුගේ පෙම්වතිය, Katy Hartman (Julianna Guill) යන දෙන්නම විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න අය. ඒ දෙන්නම දැන් පෙම් වතන් නමුත් ඇන්ඩිගේ මුල්ම පෙම්වතිය වෙන්නේ ජීනා, මෙයාලගෙ මුල්ම හමූවීමෙදිම මෙයාලට වෙන් වෙන්න වෙනවා. ඒ වගේම ඇන්ඩි සහ ඇන්ඩිගෙ මිතුරො ඉදිරියේදී පැවැත්වෙන ලොකු බියර් පොං තරගාවලියකට සහාගී වෙන්න තියෙනවා කොහොම නමුත් කාලයාගේ අවෑයමෙන් ජීනාගේ ආකෘතියක් බියර් පොං තරගාවලියකදි ඇන්ඩි දැකලා ඇන්ඩි සහ ඔහුගේ මිතුරන් බියර් පොං තරගාවලිය තුල තරග කිරීමට ජීනා ගේ සහය බලාපොරොත්තුවෙන් ඇය හොයාගෙන යන්න හිතනවා. නමුත් මේ ගමන යන්න විදිහක් නැති නිසා මේ ගමන යන්න පූර්ණ දායකත්වය ගන්න සහය බලාපොරොත්තුවෙන් මෙයාලා යනවා මත්ද්‍රව්‍ය රජෙක්ගෙ පුතෙක් වෙන අරාෂ් කියල කෙනෙක්ව හම්බ වෙන්න. ඔන්න දැන් තමයි පෙරලිය පටං ගන්නේ එකපාරටම සී අයි ඒ එකෙන් කඩන් පැනල මෙයාලා සෙට් එකම අත් අඩංගුවට ගන්නවා. මෙයාලව ප්‍රශ්ණ කිරීම් වලට ලක් කරනවා ප්‍රශ්ණ කිරීම් වලින් කිසිම වැඩක් නැහැ. මෙයාලව අතාරිනවා දැන් ගමන යන්න සහය ගන්න ගියපු කෙනාට සහය වෙන්න මෙයාලට සිද්ද වෙලා. කට්ටියම ප්ලෑන් කරලා ටැක්සියක් හොරකම් කරනවා(ටැක්සිය හොර කමර් කරන විදිහනම් බලන්නම වෙනවා) ටැක්සියෙන් පස්සෙ තවත් කෙලියක් පටං ගන්නවා ඒ ඉතුරු ටික බලන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා. මොකද මම මුළු කතාවම කීවොත් මේ කතාව බලන එකෙන් වැඩක් නැති වෙනවනි.

හැමෝටම චිත්‍රපටින බලන්න ආරාධනා කරනවා. තවත් හොද උපසිරැසියක් එක්ක පසුව හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. හිතේ තියෙන දෙයක් කියල යන්න අමතක කරන්න එපා.



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

Torrent hash (D79D9B499C272A0654D9A4A839042191D518D097)




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ශිරෝමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.