The Book of Life (2014) සිංහල උපසිරැසි සමඟ.




ආයෙත් ඔන්න මම බොහොම අලංකාර සේයාරුවක් රැගෙන ඔබ සැම හමුවට ආවා, මේ පාර මම අරගෙන ආවේ Animation ඝණයේ චිත්‍රපටියක්, මොන සෙයාරුවටද උපශීර්ෂ නිර්මාණය කරන්නේ කියල හිත හිතා ඉන්නකොට තමයි අපේ, Admin සහෝදරයා මේ චිත්‍රපටියට උපශීර්ෂ ලබාදෙන්න කියල මට කීවේ. ඒ ඉල්ලීම අහක නොදාම මම වැඩේට ආරූඩ උනා. මෙම චිත්‍රපටිය IMDB හි අනුපාතය 7.4 ක ඉතාමත් ඉහල මට්ටමක පවතිනවා. චිත්‍රපටිය නිකුත් උනේ 2014 වර්ශයේදී, ‍මෙම චිත්‍රපටිය බොහෝ සම්මාන වලට පවා පාත්‍රවී ඇති චිත්‍රපටියක්, චිත්‍රපටියේ සිද්ධාන්තය පැහැදිලි කලොත් "ජීවයේ පොත" නොහොත් "The Book Of Life" මේ කථාවට පාදක කරගත් නමැතියයි.

ළමා වයසේ පසුවන දගකාර ළමුන් පිරිසක් එක්තරා කෞතුකාගාරයකට යනවා ඔවුන්ගේ හැසිරීම් රටාව අනිකුත් ළමයින්ට සාපේක්ෂව බලන විට තරමක් වෙනස් ගති පැවතුම් ඇති බව වටහා ගන්නා කෞතුකාගාර පාලක තුමිය, එක එල්ලයේම කෞතුකාගාරය වෙත ළමයි රැගෙන නොයා රහස් මාර්ගයකින් විශේෂ ස්ථානයක් වෙතට ගෙන යනවා. ඒ තමයි පුරාවෘත අන්තර්ගත කතා පොතක් වන "ජීවයේ පොත" තිබෙන ස්ථානය. එතැන් පටන් ඉදිරියට

මෙක්සිකෝ නගරයේ San Angel කියන සුන්දර ගමේ ජීවත් වෙන යාළුවෝ තුන්දෙනෙක් ඉන්නවා, එක්කෙනෙක් Monolo අනිත් කෙනා Joaquin අනිත් කෙනා තමයි San Angel මුතු මැණික Maria. Monolo සහ Joaquin – Maria ට නොදැනුවත්වම ආදරය කරනවා, Maria බොහොම දග කෙනෙක් කරන හැම දග වැඩක්ම කරන්නේ මේ තුන් දෙනා එකට, Maria ගේ දග වැඩ නිසාම Maria ගෙ තාත්තා ඇයව වැඩිදුර අධ්‍යාපනය සදහා ස්පාඤ්ඤයට යවනවා, බොහෝ කාලයක් ගත වෙනවා දැන් මාරියා බොහොම තරුණ වෙලා ලස්සන වෙලා,

මෙයාලා පොඩි කාලෙම ඔය කවුරුවත්ම නොදන්න ලෝක දෙකක අධිපති වරු දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් බොහොම අවංක සහ පර හිතකාමී කෙනෙක් එයා La Muerte අනිත් කෙනා හරිම කුජීත දුෂ්ඨ වගේම ආත්මාර්ථකාමී කෙනෙක් එයා. Xibalba යි La Muerte මේ තුන් දෙනා ගැන ඔට්ටුවක් අල්ලනවා, අනාගතයේ දවසක Joaquin හෝ Monolo Maria ව විවාහ කරගන්නබව. මේ දෙන්නට නිකන් ඔට්ටු දාන්න පිස්සු හැදිලවත්ද නෑ ඇත්තටම Xibalba ලේසියෙන් දෙයක් කරන කෙනෙක් නෙවේ අනික නිකන් ඔට්ටුවක් ඒක කොහොමටවත් වෙන්න බැරි දෙයක්, මෙයා ඔට්ටුව අල්ලන්නෙ බැරි වෙලාවත් Xibalba මේ ඔට්ටුවෙන් දිනුවොත් La Muerte දැනට පාලනය කරන ප්‍රදේශය ඔහුට පාලනය කරන්න අවශ්‍ය බව පවසමින්. මෙයා මේ ප්‍රදේශයේ බලය අතට ගන්න මේ ඔට්ටුව කොහොම හරි දිනන්න බලයි ඒක එහෙම වෙනවා, ඒත් එහෙම නිකන්ම Xibalba අතට තම ප්‍රදේශයත් Monolo ගෙ ආදරයත් නැතිවෙන්න La Muerte ඉඩ හරීද? ඒක තීරණය කරන්න නම් ඔයාලට මේ අපූරු සේයාරුව නරඹන්න වෙනවා. උපශීර්ෂය යම් අඩුපාඩු ඇත්නම් සමාවෙන මෙන් සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ! !

යන්න කලින් එක දෙයක් කියන්නම් “සැබෑ ආදර කිසිවෙකුට පරාද කල නොහැක” “කවදා හෝ කෙසේ හෝ එය ජය ගන්නවා”



සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ශිරෝමාල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.