The Hunger Games: Mockingjay Part 1 (2014) සිංහල උපසිරැසි සමඟ.




ඇත්තම මේ චිත්‍රපටිය ගැන ඔබට විස්තර කිරිම අමුතුවෙන් අවශ්‍ය වෙන්නේ නෑ. ලොව පුරා වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් චිත්‍රපටියක තෙවැනි චිත්‍රපටියයි මේ අරගෙන ආවේ. මේ චිත්‍රපටිය කොටස් දෙකකින් යුක්ත වන අතර මේ එහි පළමු වැන්නයි. 2015 දෙසැම්බර් මස තමයි දෙවැනි කොටස තිරගත වෙන්නේ. 2014 වැඩිම ආදායමක් ලැබු චිත්‍රපටි ගොන්නටද මේ චිත්‍රපටිය මේ වන විටත් ඇතුලත් වි අවසානයි. මේ චිත්‍රපටි මාලාව ගැනම කෙටි සාරංශයක් කියනවා නම්

අවුරුද්දක් පාසාම උතුරු ඇමරිකාවේ මහා මන්ත්‍රණ සභාව මඟින් තරඟයක් සංවිධානය කරනු ලබනවා.මේ සඳහා සහභාගී කර ගන්නේ එක් පලාතකින්ම තරුණ ගැහැණු ළමයකු හා පිරිමි ළමයෙකු පමණයි.මේ සඳහා දිස්ත්‍රික් 12ක් තරඟ වදිනවා.මෙහි ඇති උණුසුම් තරඟකාරීත්වය නිසාම මෙම තරඟය සජීවීව රටවැසියන් සියල්ලට නැරඹිය හැකි අයුරින් සංවිධානය කරනු ලබනවා.තවද මෙම තරඟයට ඉදිරිපත්වන තරඟකරුවන් තමන්ගේ ප්‍රතිවාදීන් පරාජය කොට අවසන් මොහොත දක්වාම තරඟවැදිය යුතුය.එසේ කිරීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට තම ජීවිතයෙන් ඊට වන්දි ගෙවීමට සිදුවනවා. මේ තරඟයට අහම්බෙන් තේරෙන කෙනෙක් තමයි කැට්නිස් කියන්නේ. ඇය මේ තරඟයට කොහොම හරි සුදානම් වි සිටය යුවතියක්. පළමු චිත්‍රපටියේ මතක ඇති ඇය තරඟ රටාව සම්පුර්ණයෙන් වෙනස් කරමින් එය අවසන් කරනවා. මේ තරඟාවලියෙන් නොමැරි ජිවත් විය හැක්කේ කෙනෙක්ටයි. නමුත් කැට්නිස් පිටාමලක්ව ඝාතනය කරන්නේ නැහැ. ඔවුන් ආදරය කරන බව පෙන්වා තරඟය අවසන් කරනවා. ඉතිහාසයේ පලමු වතාවටයි දෙදෙනෙක් එලෙස බේරෙන්නේ...දෙවන වතාවටත් මොවුන් තරඟාවලියක් සුදානම් කරනවා මිට කලින් තරඟ වලින් නොමැරි ජිවත් වුන අයයි ඇතුලත් වෙන්නේ. මේ මන්ත්‍රණ සභාවට උවමනා කැට්නිස්ව නැති කරලා දාන්න නමුත් දෙවැනි තරඟාවලියෙන් ඇය දිවි ගලවගන්නවා වගේම මේහි ඇති රහස් කිහිපයක්ම හොයාගන්නවා. මේ දිඟ හැරෙන්නේ තෙවැනි චිත්‍රපටියයි... චිත්‍රපටිය විස්තර කරලා ඔබගේ රසවින්දය හානි නොකර එහෙනම් කතාව බලන්න කියලා ආරාධනා කරමින්ම සමුගන්නවා.




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) හා සුපුන් වීරසිංහ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.