The Killer (2006) සිංහල උපසිරැසි සමඟ.




ටිකක් පරණ උනත් උපසිරැසි පලවෙලා නැති හොද නිර්මාණයක් තමයි අරගෙන එන්න හදන්නේ...විශේෂයෙන් මතක් කරන්න ඕන මේ චිත්‍රපටියේ තිබුන සිංදුත් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා Teri Yadoon Mein සිංදුව ඒ අතර විශේෂයි. Ungli චිත්‍රපටිය ඊයේ පෙරේදා දුන්නා මතක ඇතිනේ. ඉතින් එකේ රඟපාන ඉම්රාන් හෂ්මිගේ තවත් චිත්‍රපටියක් හම්බුනා ඉතින් හිතුවා එකත් උපසිරැසි ගන්වලා ගෙනල්ලා දෙන්න මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙසEmraan Hashmi,Irrfan Khan හා Nisha Kothari රංඟනයෙන් දායක වෙනවා. ඔවුන්ගේ රංඟනය ගැන ඉතින් කියන්න දෙයක් නැහැනේ. දැන් කාලේ වගේම ඔවුන්ගේ මේ කලින් ආව චිත්‍රපටිවලත් රංඟනය ඉතා හොද මට්ටමකින් තියනවා. ඒ නිසානේ මේ වෙද්දි හොදම නළුවන් බවට පත්වෙලා ඉන්නේ.ඒ වගේම මේ චිත්‍රපටිය හදලා තියෙන්නේ මැත කාලයේ වැඩිම ජනප්‍රියතාවයට ලක්වුන Murder 1,2,3 , Raaz වගේම Aashiqui 2 චිත්‍රපටිය නිපදවපු Mukesh Bhatt විසිනි.


කතාව ගැන කියනවා නම් යම්කිසි මිනිමැරුම් මලාවක් සිදුවෙනවා. බැංකොක් වලදි හත් දෙනෙක් එකම රෑක මරලා දානවා මේ මරපු කෙනා ගමන් ගන්නේ කුලි රථයකින්..අවසානයේ පහුවෙනිදා උදැසන ඒ කුලි රථයේ ඩ්‍රයිවර් මිය ගිහින් හොයාගන්නවා එම වාහනේ ඇතුලේම. මේ වගේම තවත් මිනිමැරුම් තුනක් හොංකොං වලදි එකම දවසක රාත්‍රි කාලයේදි සිදුවෙනවා. ඒ මිනිමැරුම් වෙච්ච හැමතැනකමත් කුලි රථයක් ගිහින් තියනවා වගේම පසුදා උදේ එම කුලි රථය පැදවු කෙනා මරලා දාලා තියනවා හම්බවෙන්නවා. වසර දෙකක් ගිය තැන නැවතත් මේ මිනිමැරුම් මාලාව ආරම්භ වෙනවා. ඒ ඩුබායි වලදි... ඉන්දියානු පොලිසියෙන් මේ ගැන දිග කාලේක ඉදන් හොයාගෙන යනවා. ඩුබායි වලදි හරි පොලිසියට මේ මිනිමරුවාව අල්ලගන්න පුලුවන් වේවිද? එතකොට මේ කතාවේ නිකිල් (Emraan Hashmi) හා රිහා (Nisha Kothari) ට මේ මිනිමරුවාව හම්බවෙන්නේ කොහොමද? ඔවුන් මේ පටලැවිල්ලට පටලැවෙන්නේ කොහොමද කියලා චිත්‍රපටිය අරගෙන බැලුවොත් දැනගන්න ලැබේවි. ඊයේ පෙරේදා ආව චිත්‍රපටියේ කතාව උපරිම කුතුහලයෙන් වගේම විදින්න පුලුවන් විදියට තියනවා. අරගෙන බැලුවාට පාඩුවක් වෙන්නේ නැ. එහෙනම් තවත් හොද චිත්‍රපටියකින් මුණ ගැහෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.