Action Jackson (2014) සිංහල උපසිරැසි සමඟ.



කොහොමද කස්ටිය?කස්ටිය එනකම් බලන් හිටපු තවත් චිත්‍රපටයක් අරගෙන තමයි මම ආවේ.මේකේ හොඳ කොපියක් නිකුත් වෙලා නම් දැන් ටික දවසක් වෙනවා.ඒ ගැන දැනුවත් කරපු සුපුන් අයියට වගේම මේ චිත්‍රපටය මට ලබා දුන්න අපේ ඇඩ්මින් අයියටත් බොහොමත්ම ස්තුතියි කියන ගමන් අපි චිත්‍රපටය දිහාට හැරෙමු.

මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නේ Ajay devgan,SonakshiSinha,Yami Gautam යන අය ඒ වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ප්‍රභූ දේවා විසින් චිත්‍රපටය අයත් වෙන්නේ Action,Drama,Romance යන ඝනයට කතාව ගැන ටිකක් කියනවා නම් විශි කියන්නේ මොම්බායි වල ඉන්න සාමාන්‍ය මැරයෙක් මැරයෙක් උනාට හොඳ ගති ගුණ නැත්තෙමත් නැහැ,එතකොට කුෂි කියන්නේ මුම්බායි වලම ඉන්න ලස්සන කෙල්ලෙක් හැබැයි කෙල්ල ලස්සනට උනාට පුදුම කරුමක්කාරියක් මාර අවාසනාවක් තියෙන්නේ මෙයා මොන වැඩේ කරන්න ගියත් වැඩේ අර්තාපල් කරගන්නවා ඔහොම දවසක් වැඩ අල කරගෙන ඉන්නකොට මෙයා විශිව අඩ නිරුවතින් දකිනවා වැඩේ කියන්නේ එදා ඉඳන් කුශිගේ අවාසනාව නැති වෙලා යන්න ගන්නවා ඒ වගේම කුෂි ලඟදි විවාහා වෙන්න ඉන්නේ එයාට ඕන වෙනවා විශිව එයාගේ කසාදෙ වැඩ ටික හරියනකම් එයත් එක්ක තියාගන්න මොකද විශිනේ කුෂිගේ වාසනාව.ඉතින් ඔච්චරයි මට ඔයාලට මේ කතාව ගැන කියන්න පුලුවන් කස්ටිය හැමෝටම මේ විශිගෙයි කුශිගෙයි ලස්සන කතාව නරඹන්න අරාධනා කරන ගමන් මම යනවා.තවත් උපසිරසියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.