Tamilselvanum Thaniyar Anjalum (2016) සිංහල උපසිරැසි සමඟින්




ඔන්න එහෙනම් තවත් දමිළ චිත්‍ර‍පටි කිහිපයක් අරගෙන තමයි ආවේ. ඉංග්‍රිසි සබ් නැති චිත්‍ර‍පටි කිහිපයක්ම ඇවිත් තියෙන නිසා එයින් හොදම චිත්‍ර‍පටි ටික මේ විදියට ලබා දෙන්න හිතුවා මේක 2015 වසරේ තිරඟත වු Courier Boy Kalyan තෙලෙගු චිත්‍ර‍පටියේ දමිළ චිත්‍ර‍පටිය. එකම අධ්‍යක්ෂක වරයාම තමයි මේ චිත්‍ර‍පටි දෙකම නිපදවන්නේ. මෙහි අපි කවුරුත් දන්න Jai හා Santhanam රංඟනයෙන් දායක වන අතර ප්‍ර‍ධාන නිලිය ලෙස Yami Gautam රංඟනයෙන් දායක වෙනවා...

චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් තමිල්සෙල්වන් (Jai) කියන්න රැකියාවක් නොමැති තරුණයෙක්. ඔහු චෙන්නායි වල ඉන්න තමන්ගේ මාමාගේ නිවසට පැමිණෙනවා රැකියාවක් හොයගෙන... මාමා ගේ ගෙදර ඉද්දි තමයි ඒ ගෙදර ඉන්න නසර් (Santhanam) ඔහුගේ මිතුරෙක් වෙන්නේ. ඔහු කරන්නේ කුරියර් රස්සාව. කොහොම හරි දිනක් නසර්ට උදව්වක් විදියට තමිල්සෙල්වන් පාර්සලයක් අරන් යනවා දෙන්න. මොහු යන්නේ ඇදුම් සාප්පුවකට මේ කුරියර් එක බාරදෙන්න කියලා... කොහොම හරි ඒ ලියුම තියෙන්නේ කාව්‍යා (Yami Gautam) කියලා ගැණු ළමයෙක්ට. ඇයව දැක්ක ගමන් සෙල්වන්ට ආදරයක් ඇති වෙනවා. ඔහු කරන්නේ නසර් ඉන්න කුරියර් රස්සාවට බැදිලා හැමදාම කාව්‍යාට ලියුමක් යවන එක.. මෙහෙම යවද්දි ඔහුට යවන්න වෙන ලියුමක් නිසා සෙල්වන්ගේ මුළු ජිවිතේම කනපිට හැරෙනවා... ඒ ලියුම මොකක්ද? ඒ ලියුම පස්සෙන් ගොඩක් අය එන්නේ ඇයි... මේ ලියුම සෙල්වන් ආරක්ෂා කරන්නේ ඇයි සේරම දැනගන්න මේ චිත්‍ර‍පටිය බලන්නම වෙනවා 



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි සහ චිත්‍ර‍පටය මෙතැනින් ලබාගන්‍න

No comments

Powered by Blogger.