Anegan (2015) සිංහල උපසිරැසි සමඟ.




මෙන්න ඔයාල ආස කරන නලුවෙක් රංගනය දක්වන 215 වර්ශයේ නිකුත් උන චිත්‍රපටියක් අරන් ආවා. මුලින්ම කියන්න ඕනේ. මේ චිත්‍රපටිය ගොඩක් අය ඉල්ලලා තිබුන නිසයි දෙන්න හිතුවේ. මේකෙ හොද කොපියක් ආපු ගමන් දෙන්න හිතන් හිටියත් වැඩි දෙනෙක් ඉල්ලන නිසාමයි මේ විදිහට දෙන්න තීරණය කලේ. අනිවාර්යෙන්ම මේකෙ හොද කොපි එකක් ආව ගමන් ඒකට සබ් එක යාවත්කාලීන කරනවා. ඒකත් මතක් කරන ගමන් අපි චිත්‍රපටිය පැත්තට හැරෙමු.

IMDB Rating 7.3 ලබා ගනිමින් 2015. පෙබරවාරි 13 ප්‍රථම තිරගත වන මෙය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ K. V. Anand විසින්. ඒ වගේම නිෂ්පාදනය කරලා තියෙන්නේ. Kalpathi S Aghoram,Kalpathi S Ganesh, Kalpathi S Suresh යන තුන් දෙනාගෙ සහභිත්වයෙන්. රංගනය දක්වන්නේ අපි ආදරය කරන Dhanush, Amyra Dastur යන දෙදෙනායි. මේ අයගේ චිත්‍රපටි ගනනාවක්ම www.zoom.lk එකෙන් අපි ඔයාල අතට පත් කරලා තියෙනවා. ඒ අතරින්. Venghai,Naiyaandi, වගේ කිහිපයක්. ඉන්දියානු රුපියල් කෝටි 55ක බොක්ස් ඔෆිස් ආදයමක්ද මෙම චිත්‍රපටිය උපයලා තියෙනවා.

චිත්‍රපටියේ කතාව ගැනත් ටිකක් කියන්නම්කෝ. චිත්‍රපටිය ආරම්බයේදි දනුෂ්ව පෙන්නන විදිහට නම් මට හිතුනේ මේ චිත්‍රපටිය නම් වැඩක් නෑ කියලා. ඒත් අමාරුවෙන් මුල් කෑල්ල බැලුව නිසා කතාවෙ හොද හරියක් දකින්න ලැබුනා. මෙහි සිද්ද වෙන්නේ ආත්ම කිහිපයක් සිද්ද වෙච්ච සින් කිහිපයක් වටා ගෙතුන කතාවක්. දනුෂ් සහ අමෙයිරා දස්තර් යන දෙදෙනාව විවිද චරිත වලින් දකින්න ලැබෙනවා. කතාව විදිහට මේ දෙන්නව පෙර ආත්මයක මරලා දාල තියෙනවා. ඒ සිද්දිය කෙල්ලට විතරයි මතක. කොල්ලට මතක නෑ. ඒත් මේ මතයකන් මවා ගත්ත හීන කියලයි ගෙවල් වල අයත් හිතන්නේ. කොහොම උනත් කියන කතා හීනයක් නෙමෙයි කියලා ටිකෙන් ටික තේරෙන්න ගන්නවා. ඒ විදිහට තේරුම් යන විට ඒත් එක්කම ප්‍රශ්න කිහිපයකුත් මතු වෙනවා. ඒ මොනවද කියලා මම කියන්නේ නෑ. මොකද මේ කතාවෙ දැකලා තේරුම් ගන්න ඕන තැන් ගොඩක් ගොඩක් තියෙනවා. මොකද මේකෙ පොඩි ත්‍රිලර් ගතියකුත් තියෙනවා. එහෙනම් අරගෙනම බලන්න

එහෙනම් මම අදට යන්න යනවා. මතක තියා ගන්න අපි මේ සඳහා දීලි තියෙන ටොරන්ට් ලින්ක් එකෙන් පමනක් බාගත කරන්න. මොකද කිවුවොත් මම මේ ටොරන්ට් එකට ගැලපෙන පරිදියි සබ් එක නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක්. අදහසක් දාල යන්න අමතක කරන්නත් එපා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.