Birdman (2014) Oscar's best movie සිංහල උපසිරැසි සමඟ.




ඔන්න එහෙනම් කවුරුත් බලාපොරොත්තු තියාගෙන හිටපු ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. මේක අපේ නිමන්ත උපසිරැසි කරන්න බාර අරගෙන තිබුණා. ඉතින් එයාට මේ දවස් ටිකේ පොඩ්ඩක් කාර්යබහුල හින්දා මම ඒක ඉල්ලගෙන සම්පූර්ණ කරලා දැම්මා. Need for Speed(2014), RoboCop(2014), Noah(2012) වගේ චිත්‍රපට වල රඟ පෑ ඇමෙරිකානු නළු Michael Keaton තමයි මේකේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ. ඒ වගේම පසුගිය දා නිමාවට පත් වූ 2015 ඔස්කාර් සම්මාන උ‍ළලේදී හොඳම චිත්‍රපටය ආදී සම්මාන 4කට හිමිකම් කියනු ලැබුවේ මේ චිත්‍රපටයයි. ඉතින් මේකට 8.1ක IMDB අගයක් හිමි කරගෙන තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය නිකුත් වුණු දිනය ලෙස සඳහන් වෙලා තිබුණේ පසුගිය වසරේ නොවැම්බර් 14වැනි දායි.

මේකේ කතාව නම් විස්තර කරන්න හරිම අමාරුයි. මොකද ඒ තරමට ටිකක් සංකීර්ණ චිත්‍රපටයක් නිසා. රිගන් තොම්සන් කියන්නේ තමන්ගේ ජීවිතය ජයගන්න වෙර දරන නළුවෙක්. ඔහු වසර විස්සකට පමණ පෙර රචනා වූ කොමික් පොතක් වන බර්ඩ්මෑන්ගේ කතාව අලලා නිර්මාණය කරපු චිත්‍රපටයකට රඟපානවා. ඉතින් ඒ චිත්‍රපයට අතිශයින්ම ජනප්‍රිය වෙලා මෙයත් මිනිසුන් අතර ජනප්‍රිය වෙනවා. ඊට කාලෙකට පස්සේ හෙයා කරන්නේ රංගන ශාලා වල නාට්‍ය වල චරිත නිරූපණය කරන එක. ඔය අතරේ මෙයාට ගොඩක් පවුල් ප්‍රශ්න ඇති වෙනවා. ඒවා අත‍රේ තමන්ගේ රංගන ජීවිතයත් සාර්ථක කරගනිමින් රිගන් තොම්සන් ඉදිරියට යන හැටි ගැන තමයි කතාවේ අන්තර්ගත වෙන්නේ. ඒ වගේම චිත්‍රපටය තුළ අමතක නොවන සිද්ධි කිහිපයක් ඇතුළත් වෙනවා. රිගන් තොම්සන් වේදිකාවේ නාට්‍යයක් රඟපාන අතරතුරේ පොඩ්ඩක් එළියට යනවා. මෙයා ඇඳගෙන ඉන්නේ සාලුවක්. මේ අතරේ හුලං පාරට දොර වැහිලා මෙයාට ඇතුළට යාගන්න බැරි වෙනවා. ඒ අතරේ සාලුවේ කොටසක් දොරට අහුවෙලා හිරවෙනවා. ඉතින් මෙයා සාලුව ගලවලා දාලා නගරයේ මිනිස්සු දහස් ගානක් අතරින් අඩ නිරුවත්ව රංගන ශාලායට යනවා. ඒක එක සිද්ධියක් විතරයි. තව මෙයා නාට්‍යයක අවසන් පූර්ව දර්ශනය අතරතුරේ ඇත්ත තුවක්කුවකින් තමන්ට zවෙඩි තබාගන්නවා. ඔය වගේ එකිනෙකට වෙනස් විවිධ සිද්ධි ගණනාවකින් මේ චිත්‍රපටය සමන්විතයි. එහෙනම් 2015 ඔස්කාර් සම්මාන උළලේ හොඳම චිත්‍රපටය, ‍හොඳම අධ්‍යක්ෂණය, හොඳම සිනමා ශිල්පය ආදී සම්මාන රැසක් ‍දිනාගත් මේ චිත්‍රපයට නරඹා රසවිඳින්න. ජයවේවා!!!




සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ශිරෝමාල් හා කවීදු චාමිත් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.