Current Theega (2014) සිංහල උපසිරැසි සමඟ.

       


ඔන්න අද අපි ඔයාලාට අරන් ආවෙ තවත් ජනප්‍රිය තෙලුගු චිත්‍රපටයක්, මේක ගොඩක් දෙනෙක් හොද කොපියක් එනකම් බලන් හිටපු නිර්මාණයක්, හේතුව තමයි මේකේ අපේ ප්‍රමෝද්ගේ අරයා, සනී අක්කා රංගනයෙන් දායක වීම, ඉතින් වැඩි කතා නැතුව අපි චිත්‍රපටය දිහාට හැරෙමු, මේක තිරගතවීම ආරම්භ කරලා තියෙන්නේ 2014 ඔක්තෝබර් 31 වෙනිදා, මෙහි අධ්‍යක්ශණය G. Nageswara Reddy විසින් සිදු කරලා තියෙනවා, මෙහි ප්‍රධාන නළුවා විදියට Manchu Manoj රංගනයෙන් දායක වෙලා තියෙනවා, ප්‍රධාන නිළිය විදියට Yaariyan, yennamo Yedho, Loukyam වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන ජනප්‍රිය නිළි Rakul Preet Singh රංගනෙයෙන් දායක වෙලා තියෙනවා, ඒවගේම බොලිවුඩ් ජනප්‍රිය සිනමා නිළි Sunny Leon මෙහි රංගනයට දායක වෙලා තියෙනවා, මෙහි සෙසු නළු නිළියන් විදියට Jagapati Babu, Vennela Kishore, Tanikella Bharani වගේ නළු නිළි රැසක් රංගනයෙන් දායක වෙලා තියෙනවා, ඉන්ඳීය රුපියල් කෝටි 25ය බරපැනකින් නිර්මාණය වුන මෙය ඉන්දීය රුපියල් කෝටි 37ක ආදායමක් සමඟින් බොක්ස් ඔෆිස් ආදායම් වාර්ථාවකුත් තබන්න සමත් වෙලා තියෙනවා,

කතාව පැත්තට හැරෙනවානම් ශිව රාම රාජු කියන්නේ කියන්නේ පාර්වතීපුරම් වල ජීවත් වෙන කෙනෙක්, මෙයා ඒ ගමේම ජීවත් වෙන වීරරාජු කියන කෙනෙත් එක්ක ඔට්ටුවක් අල්ලනවා එයාගෙ දුවලා තුන් දෙනාගෙන් කෙනෙක් ආදරය කලොත් ඒ දුවව මරනවා නැත්තම් එයාගෙ ශිව රාම රාජුගේ කන කපාගන්නවා කියලා, ඒවගේම ශිව පොරොන්දුවකුත් දෙනවා දුවලා තුන් දෙනාම බන්දන්නේ එයා කැමති අයට කියලා, කවිතා (Rakul Preet Singh) කියන්නේ, ශිවගේ තුන්වෙනි දුව, මෙයාගෙ පාසලේ ගුරුවරිය තමයි සනි කියන්නේ (Sunny Leon) සණීගේ පස්සෙන් එන ගමේ කොල්ලෙක් ඉන්නවා එයා තමයි රාජු ( Manchu Manoj) රාජු එයාගෙ පණිවිඩ සනී ටිචර්ට යවන්නේ කවිතා අතේ, ඉතින් මේ විදියට ටික කාලයක් යනකොට, රාකු කවිතා එක්ක ආදරය කරන්න පටන් ගන්නවා, ඔන්න එතකොට කවිතාගෙ තාත්තාගෙ ඔට්ටුව පරදින්න්න යන්නේ, එහෙනම් එතන ඉදන් වෙන්නේ මොකද කියලා චිත්‍රපටය නරඹලාම දැනගන්න, එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙනතෙක් ගිහින් එන්නම් ජයවේවා!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.