Lucky (2005) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය අරගෙන ආවේ තනියම නෙමෙයි චිත්‍රපටියටම සමාන නමක් තියෙන කෙනෙක් එක්ක. ලකිෂාව අපේ ෆෙස් බුක් එකේ ඉන්න සබ් දාන අපේ කණ්ඩායමේ අයට නම් අමුත්තියක් නෙමෙයි.ඒ වගේම මිට කලින් Kick (2014) චිත්‍රපටියෙත් ගීත කිහිපයක්ම උපසිරැසි කරලා දුන්නා වගේම ෆිල්ම් වලට පල කරන බැනර්ස් හදන්නත් සුම් හි තිරය පසුපස ඉදන් සහාය වෙන කෙනෙක්. ඉතින් කොහොම හරි කියලා කියලා සබ් එකක් දාන්නත් එකතු කරගත්තා...මෙහි එකම ගිතයක් වත් මම පරිවර්තනය කලේ නැහැ සේරම අලුත් සමාජිකාවට මම ලබා දුන්නා ඔිං..

කතාව ගැන නම් සදහානක් කරන්න ඕන නැති වේවි කියලාත් හිතනවා මොකද ගොඩක් අය ආසාවෙන් වැළද ගත්ත චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. ඒ වගේම මම සල්මන් ඛාන්ගේ අතිශය ප්‍රිය කරන තවත් චිත්‍රපටියක් ලෙසත් හදුන්වන්න පුලුවන්. ඒ වගේම මෙහි ගිත සියල්ලම අතිශය ජනප්‍රිය උනා. කෝකටත් කතාව ගැන ටිකක් කියන්නම් කෝ. ලකී නේගී කියන්නේ රුසියාවේ පදිංචිවෙලා ඉන්න පාසල් යන යුවතියක්..ඇයට දිනක් පොඩි කරදරයක් සිදුවෙනවා..කෙනෙක් ඇයට කරදර කරන්න එනවා. මැය කරන්නේ දුවගෙන ගිහින් වාහනේ පිටිපස්සේ සිට් එකේ හැංගෙන එක. අර ඇයට කරදර කරන්න ආපු කෙනා නම් ලකිව හොයාගන්න බැරිව පසුව යනවා. ඒ වගේම ලකී නැගපු කාර් එකේ අයිති කෙනා ඇවිත් ඇය පිටිපස්සේ සිට් එකේ සිටින බව නොදැන වාහනේ පදවගෙන යනවා. මේ වාහනේ පදවගෙන යන්නේ ආදිත්‍ය නම් තරුණයෙක්. ඔහුගේ පියා තමයි ඉන්දියානු තනාදිපති කාර්යාල යේ තනාදිපති. කොහොම හරි ටිකක් දුර ගිහින් තමයි ඔහු දැනගන්නේ තමන්ගේ කාර් එකේ ගැණු ළමයෙක් හැංගිලා ඉන්නවා කියලා. ඒ අතර රුසියාවේ ත්‍රස්තාවාදින් පිරිසක් රුසියානු හමුදාවට පහර දෙන්න ගන්නවා. ඔවුනුත් මේ යුද්ධයට කොටු වෙනවා...එතැනින් එහාට කතාව බලන්නකෝ...කැමැති අයත් ආපහු අරගෙන බලන්න...එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙමුකෝ. ජයවේවා ඕිංං



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

Torrent Hash (576CCA3E8B7C1670BE62BFC770A9CC4A35BB5E62)


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත ,ලකීෂා පෙරේරා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.