Power Star 2014 (Kannada Movie) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න ටික දවසකට පස්සෙ අපි තවත් උපසිරැසියක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවේ, මේකේ විශේෂත්වයක් තියෙනවා ඒක තමයි මේ චිත්‍රපටය දකුණු ඉන්දීය තවත් භාශාවක් වෙන කන්නඩා භාශාවේ චිත්‍රපටයක් වීම, භාශාව ගැටලුවක් නැතුව චිත්‍රපටය රසවිදින්න ඕනෙ නිසා තමයි අපි සිංහලෙන්ම මේක උපසිරැසි ගන්වලා අරගෙන ආවෙ, කන්නවා භාශාමය චිත්‍රපටයකට අන්තර්ජාලයට සිංහල උපසිරැසියක් නිකුත් වෙන මුල්ම අවස්ථාව මේක වෙන්න ඕනෙ, එහෙනම් වැඩ් කතා නැතිව චිත්‍රපටය දිහාට හැරෙමු,2014 අගෝස්තු 28 තිරගතවීම ආරම්භකරපු මෙහි අධ්‍යක්ශනය K.Madesh විසින් සිදු කරලා තියෙනවා, මෙහි ප්‍රධාන නළුවා විදියට Puneeth Rajkumar රංගනයෙන් දායක වෙනවා වගේම, ප්‍රධාන නිළිය විදියට Samar, Mankatha වගේ චිත්‍රපට වෙනුවෙන් රංගනයෙන් දායක වුන Trisha Krishnan රංගනයෙන් දායක වෙලා තියෙනවා, S.Thaman විසින් සංගීත අධ්‍යක්ශණය සිදු කර ඇති මෙය මිනිත්තු 173ක් පුරා දිව යනවා, කතාව දිහාටත් හැරෙනවානම් ක්‍රිශ්ණ ප්‍රසාද් කියන්නේ හොද පිළිගැනිමක් තියෙන අවංක දේශපාලකයෙක්, හැබැයි ඔහුගේ ප්‍රතිවාදියෙක් ඔහුව මරන්න සැළසුම් කරනවා ඒ ක්‍රිශ්ණ ප්‍ර්සාද් ලඟම ඉන්න අය ලවා, මේ සැලැස්ම අවසානෙදි හැමෝම හිතන්නේ ක්‍රිශ්ණ ප්‍රසාද් මැරුණා කියලා, හැබැයි ඇත්තටම එයා මැරෙන්නේ නෑ, එයා ඉන්නේ කෝමා තත්වයක, මේ විදියට අවුරුදු 14කට පස්සේ ක්‍රිශ්ණ ප්‍රසාද්ගේ පුතා මුම්බායි වල ඉහළ පොලිස් නිළධාරියෙක් බවට පත් වෙනවා, හැබැයි මෙයා දන්නෙත් නෑ තමන්ගේ තාත්තා ජීවතුන් අතර ඉන්නවා කියලා, තමන්ගේ පොලිස් රාජකාරිය කරගෙන යන ගමන්, තාත්තාට කෝමා තවත්වයට පත් කරපු අයව හොයාගෙන යන්න තමයි බරත් සූදානම් වෙන්නේ, එහෙනම් කතාව ගැන මීට වඩා කියන්න යන්නේ නෑ, කතාවෙ පුරාම ඇක්ශන් අඩුවක් නැතුව බලාගන්න පුලුවන් ඒ නිසාමයි අපි මේක උපසිරැසි ගන්වලා අරගෙන ආවෙත්, ඒවගේම කියන්න ඕනෙ ඊයෙ මේ නමින්ම Power කියලා තෙලුගු චිත්‍රපටයක් ලබාදීලා තියෙනවා, නම් දෙක එක සමාන වුනත් මේ චිත්‍රපට දෙකක් කියන දැනුම්දීමත් එක්ක චිත්‍රපට දෙක පටලවාගන්න එපා කියල ඉල්ලීමත් එක්ක අපි ගිහින් එන්නම්, ජයවේවා!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ කේවින් සීඩි හවුස් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.