Govindudu Andarivadele (2014) සිංහල උපසිරැසි සමඟ.




මෙම චිත්‍රපටිය විනාඩි 149 දක්වා ගලා යනවා. 2014 ඔක්තොම්බර් 1 වෙනිදා ප්‍රථම තිරගත කිරීම ආරම්භ කරන මෙය සඳහා ඉන්දියානු රුපියල් මිලියන 300 ක් වියදම් කරලා තියෙනවා ඒ වගේම බොක්ස් ඔෆිස් ආදායම දැනට උපයලා තියෙනවා ඉන්දියානු රුපියල් මිලියන 416.5 මුදලක්. ‍චිත්‍රපටිය සඳහා රංගන දායකත්වය ලබා දෙන්නේ තෙලිගු සිනමාවේ තවත් දැවැත්ත චරිතයක් විසින් ඒ තමයි Ram Charan ඒ වගේම නිලියත් අපි හොදට දන්න කියන Kajal Aggarwal මේ දෙන්නා රංගනය ලබා දීපු චිත්‍රපට කිහිපයක්ම www.zoom.lk එකෙන් ඔයාලට දීලා තියෙනවා. ඒ අතරින් Magadheera, Orange, Racha, Naayak, Zanjeer, Yevadu,Jilla , Brindaavanam, Mr. Perfect, Singham, Thuppakki, Special 26 මේ වගේ අති විශාල ප්‍රමාණයක් තියෙනවා තව නොකියපු ඒවත් තියෙනවා. මොකද අපි අපේ රසිකයන්ට හැම භාශාවකම වගේ චිත්‍රපටි දෙන්න උපරිම උත්සහයක් දරණවානේ. තව දෙයක් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Krishna Vamsi ඒ වගේම සංගීතය එකතු කරලා තියෙන්නේ දමිල, තෙලිගු බලන අය හොද හැටි දන්න කෙනෙක්. ඒ තමයි Yuvan Shankar Raja විසින්. මේ චිත්‍රපටිය සඳහා IMDB Rating 5.3 අගයක් ලබාගෙන තියෙනවා. කතාව ගැනත් පොඩි දෙයක් කියන්නම්.

චිත්‍රපටිය ආරම්භයේම කෙනෙක්ට ලන්ඩන් වල සරසවියක විදුහල්පති කමක් ලැබුන බවක් පෙන්වනවා. හැමෝම ඒකට සතුටු වෙනවා. මොකද ඒ විදුහල් පති කම ලැබෙන්නේ තෙලිගු කෙනෙක්ට නිසා. මොකද විදේශීය රටක තෙලිගු කෙනෙක්ට ඒවගේ දෙයක් ලැබෙනවා අඩුයිනේ. හැබැයි මේ පදවිය බාර ගන්න ගිය වෙලාවෙ නම කතා කරන්නේ වෙන කෙනෙග්ගේ. ඒ විදිහට මේ විදුහල් පතිකම නැති වෙන්නේ මේ චිත්‍රපටියේ නලුවා එහෙමත් නැත්නම් අබීගෙ තාත්තට. හැබැයි මේ දේවල් එයාට එහෙම වෙන්නේ එයා තමන්ගේ තාත්තට කරපු ද්‍රෝහී කමට කියලා තාත්ත කියනවා. පස්සේ තාත්ත අතීත කතාවක් අබීට කියනවා. මේ කතාව අහපු අබී ගෙදර අයටත් හොරෙන් ඉන්දියාවට යනවා. ඇයි අබී ඉන්දියාවට යන්නේ? මොකක්ද අබීගෙ තාත්තා එයාගෙ තාත්තට කරපු ද්‍රෝහී කම? මොනවා වගේ දෙයක් අබීට ඉන්දියාවෙදි සිද්ධ වෙයිද? මේ සේරටම පිළිතුරු චිත්‍රපටිය බලලා තමයි දැන ගන්න වෙන්නේ. එහෙනම් මම මීට වඩා කතාව කියන්නේ නෑ ඔයාල මේක අරන්ම ඉතිරි ටික දැනගන්න. එහෙනම් මම සමුගන්නවා. තවත් ෆිල්ම් එකක් වැඩි දවසක් යන්න කලියෙන්ම දෙන්නම්කෝ.
එහෙනම් තවත් හොද චිත්‍රපටියක් සමගින් මුණ ගැහෙමු. රැදි ඉන්න දමිළ හා තෙලෙගු චිත්‍රපටි කලාවේ ප්‍රමුඛයා සුම් සමගින්



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.