JK Enum Nanbanin Vaazhkai (2015) සිංහල උපසිරැසි සමඟ.




ටික දවසකට පස්සේ මම ඔන්න තවත් නියම මූවියක් අරගෙන ආවා. කට්ටිය මේකට හුගක් ආස වෙයි කියලා මම හිතතවා. 2015 වර්ශයේ තිරගත උන ෆිල්ම් එකක් තමයි මේ විදිහට මම අරගෙන ආවේ. මේකනම් අපි හැමෝටම ලොකු ආදර්ශයක් ගන්න පුළුවන් විදිහේ මූවි එකක්. මොකද කිවුවොත් අපි අපේ වැරදි හදාගන්නේ ඒක්කෝ අම්ම, තාත්ගෙන් හොදහැටි කෑපු දවසට, නැත්නම් සමාජයෙන් හොදට කෑම සෙට් වෙච්ච දවසට. ඒත් දෛයිවය දීපු දඩුවම් වලින් තමයි වැඩි පුරුම රිදෙන්නේ. ඒ වගේ දෛයිවය විසින් කරපු දඩුවමක් ගැන තමයි මේ චිත්‍රපටිය පුරාවටම තියෙන්නේ. ඇත්තයම කිවුවුවොත් මේ චිත්‍රපටිය බැලුවම මමත් ටිකක් හැදිලා ඉන්නේ. මේ චිත්‍රපටිය මාවත් බය කරා. මේ වගේ නේද අපිත් ඉන්නේ. මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නේ කියලා. අනිවර්යෙන්ම මම දන්නවා ඔයාලත් මේක බලලා ඒ විදිහට හිතනවාමයි. ඒ වගේම ගොඩක් සංවේදි කෙනෙක් නම් අනිවාර්යෙන්ම අඩනවා. ආයෙ දෙකක් නෑ. එහෙනම් චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කියන්නම්.

චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Cheran විසින් ඒ වගේම පිටපතත් එයාගෙම තමයි. රංගනය වෙනුවෙන් Sharwanand, Nithya Menen, අය දායකත්වය ලබා දෙනවා. 2015 මාර්තු 6 වන දින ප්‍රථම තිරගත කිරීම ආරම්භ කරන අතර විනාඩි 139 ක් දක්වා චිත්‍රපටිය ගලාගෙන යනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටියට IMDB Rating 7.8 ලැබිලා තියෙනවා.

කතාව ගැනත් ටිකක් කියන්නම්කෝ. JK කියන්නේ ඉතා කුඩා කාලයක් තුල හරියටම කිවුවොත් අවුරුදු 2ක් තුල අති විශාල දිවුනුවක් ලබමින් ව්‍යාපාර විශලා ප්‍රමානයක් ආරම්භ කරපු කෙනෙක්. මෙයා මේ විදිහට දිවුනු වෙන්නත් කාරණා කිහිපයක් මුල් වෙනවා. කොහොම හරි මේ විදිහට දිවුනු වෙන ගමනෙදි එයා ඒකට සම්බන්ද කර ගන්නේ තමන්ගේ යාලුවන්ව. ඒ එයාගෙ ව්‍යාපාර හවුල් කරුවන් විදිහට. Jk ඕනේ තමන්ගේ දෙමව්පියන්, සහෝදර, සහෝදරියන්, යාලුවන් හොද තත්වයකට ගේන එක. ඒ වෙනුවෙන් තමයි මෙයා මේ විදිහට වේගයෙන් දිවුනු වෙන්නේ. කෙනෙක්ට දිවුනු වෙන්න ඕන නම් උත්සහ කලොත්, ඒ වගේම තමන්ට දිවුනු වෙන්න පුළුවන් මාර්ගය මොකක්ද කියලා හොයා ගත්තොත් අනිවාර්යෙන්ම දියුනු වෙන්න පුළුවන්. ඒකට මේ චිත්‍රපටිය හොද උදාහරණයක්. හැබැයි මේ දිවුනුව අස්සේ. නොදන්න කතාවක් සැගවිලා තියෙනවා. ඒ මොකක්ද කියලා කියන්න යන්නේ නෑ. මොකද ඒකෙ තමයි කතාවෙ ලස්සන තියෙන්නේ. ලස්සන කොටස උණාට හරිම වේදනා ගෙන දෙන කොටසක් තමයි ඒක. මීට වඩා කියන්න යන්නේ නෑ. ඔයාල අරගෙනම බලන්න. JK තව කොච්චර දිවුනු වෙයිද, එයාට එයා බලාපොරොත්තු උන දේවල් කරන්න පුළුවන් වෙයිද, මොකක්ද අර සැගවුන රහස කියලා.

එහෙනම් මම අවසන් කරනවා. ඔයාලට සුබ දවසක්. තව හොද එකක් අරන් ඉක්මනට එන්නම්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.