Penguins of Madagascar (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න මමයි අවිඳුයි අවුරුදු කාලෙ පුංචි අයට පුංචි තෑග්ගක් ගෙනාවා. පෙන්ගුයින්ස් කථාවේ අලුත්ම කොටස. 2014 තමයි මේක නිකුත්වුනේ. ඉතින් කවුරුවත් උපසිරැසි දාලා නැති නිසා අවිඳුයි මමයි උපසිරැසිය කරන්න ගත්තා.කථාව පැත්තට හැරෙමු. Madagascar 3: Europe's Most Wanted කථාව ඉවර වුන තැනින් තමයි මේක පටන්ගන්නෙ. මේකෙදි අපේ පෙන්ගුයින් යාලුවන්ට ලොකු අකරතැබ්බයකට මුහුනදෙන්න වෙනවා. ඒ තඩි බූවල්ලෙක් ලෝකයේ ඉන්න හැම පෙන්ගුයින් කෙනෙක්ම විනාස කරන්න ද්‍රාවණයක් හදනවා. ඒත් මේ බූවල්ලා අපේ පෙන්ගුයින්ලාව අඳුරනවා කියනවා. මීට කලින් කිසිම කතාවක අපි දැකලා නැතිවුනාට. ඇත්තටම කවුද මේ බූවල්ලා? එතකොට මොකක්ද පෙන්ගුයින්ලා එක්ක තියෙන සම්බන්ධය? ඇයි පෙන්ගුයින්ලා හැමදෙනාවම විනාස කරන්න හදන්නෙ කියන එක බලන්න නම් කතාව බලන්නම වෙනවා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රමෝද් ඉන්දුනිත්හා අවිදු හේෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.