Ugly (2013) සිංහල උපසිරැසි සමඟ.



කාලේකට පස්සේ හුඟක් අමාරුවෙන් දැම්ම සබ් එකක් තමයි අරගෙන ආවේ. මේ චිත්‍රපටිය නිකුත් වෙලා නම් දැන් සැහෙන කාලයක් වෙනවා.මේ චිත්‍රපටිය නිකුත් කෙරුනේ Cannes Film Festival එක වෙනුවෙන් ඉන්දියානු නියෝජනයක් විදියටයි. ගිය අවුරුද්දේ තමයි ඩිවිඩි රිප් එකක් පවා නිකුත් උනේ නමුත් මේ චිත්‍රපටියේ ඉංග්‍රිසි උපසිරැසි ගොනුවක් නිකුත් උනේ නැහැ පර්සියානු භාෂා උපසිරැසියක් තමයි තිබුනේ. මෙහි බ්ලුරේ පිටපත් නිකුත් උනත් ඉංග්‍රිසි සබ් එකක් හොයාගන්න ලැබුනේ නැහැ. අන්තර්ජාලයේ දැනට තියෙන්නෙත් අර පර්සියානු උපසිරැසි ගොනුව පරිවර්තකයක් මගින් ඉංග්‍රිසියට දාපු එකක්. මේ නිසා මේ චිත්‍රපටිය අසාලිවිමක් ලෙස තමයි මට කරන්න උනේ.මොකද ඉංග්‍රිසි සබ් එකේ ඇතැම් දේවල් වල වැරැදිත් තිබුන නිසා.හින්දි දැනුම මගේ 100%ක් නොමැති උනත් පුලුවන් විදියට මම හිතනවා උපසිරැසියට සාධාරණයක් කලා කියලා. මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න බාරගත්තෙත් මම නෙමෙයි. නමුත් මේ සබ් එක ලැබෙන්න පරක්කු උනේ අර හේතුව නිසා. අනික මේකේ භාෂාව සරල හින්දි වගේ නෙමෙයි ටිකක් අමාරුයි. දවස් 5ක කාලයක් ගත කලා මේක කිප පාරක් බල බල උපසිරැසි කරන්න...


කතාවට බහින්නම් මේක සත්‍ය කතාවක් ඇසුරින් ගොඩ නැගුණු චිත්‍රපටියක්. ඒ වගේම චිත්‍රපටිය Anurag Kashyap ගේ නිර්මාණයක් ඔහු අතින් නිපැයුනු The Lunchbox,Dev D වැනි චිත්‍රපටි ඔබ නරඔලා ඇති. මෙහි ප්‍රධාන චරිත කිහිපයක්ම සිටිනවා ඒ අතරින් Ronit Royගේ චරිතය කැපි පෙනවා කිව්වොත් නිවැරැදියි. ඒ වගේම පුංචි කොටසකට ආලියා බාට් ගේ රංඟනයත් දායක වෙලා තියෙනවා.

මේ කතාව කොහොම විස්තර කරන්නද කියලා තේරෙන්නේ නෑ ඒ කතාව පැටලිලි නිසා නෙමෙයි කතාවේ රසවින්දනයට බාධාවක් වේවි කියලා මට බයයි..එත් පොඩි පැහැදිලි කිරිමක් කරන්නම්..රාහුල් බැදලා ඉන්නේ ශාලනිව නමුත් මේ දෙන්නා දික්කසාද වෙනවා. පස්සේ ශාලනි ෂවුමික් බොස් නැමැති පොලිසියේ කෙනෙක් එක්ක විවාහ වෙනවා. නමුත් අපිට පෙන්වන විදියට ඇය මේ විවාහය ගැන සතුටින් නෙමෙයි ඉන්නේ. කොහොම හරි රාහුල් ගේ හා ශාලනිගේ දරුවා තමයි කාලී කියන්නේ. හැම සෙනසුරාදාම රාහුල් එනවා තමන්ගේ දරුවා කාලීව ඇවිද්දවන්න අරන් යන්න. මේ සිදුවිම වෙන සෙනසුරාදාත් රාහුල් එනවා කාලීව එක්කගෙන යන්න. රාහුල් තමන්ගේ යාළුවෙක්ගේ ගෙදරට කාලීව වාහනේ දාගෙන යනවා. ගිහින් කාලීව වාහනේ තියලා යනවා තමන්ගේ මිතුරාව මුණ ගැහෙන්න...නමුත් එද්දි කාලීව කවුරුන් හෝ පැහැරගෙන..මේ පැහැර ගැනිම වටා තමයි කතාව ගෙතෙන්නේ. ඇත්තටම පැහැරගත්තේ කවුද? එකෙන් ඇත්තටම වාසිය ගන්නේ කවුද? හින්දි චිත්‍රපටි ප්‍රතික්ෂේප කරන අපේ ඉංග්‍රිසි චිත්‍රපටි බලන කට්ටියටත් මේ චිත්‍රපටිය මම බලන්න කියලා ආරාධනා කරනවා. මොකද මේ කතාව ඉතාමත්ම සංවේදි ආකාරයෙන් ගලාගෙන යන නිසා වගේම මිනිස්සුන්ගේ ජිවිත වල ඇතුලාන්තය ඇති සැටියෙන් පෙන්වන නිසා.... අන්තිමට මට කතාව බලන කොට හිතුනේ.... මේ නැතිවුන ළමයාට ඇත්තටම කවුරුවත්ම ආදරේ නැත්ද කියලායි... ඔබටත් ඔය ප්‍රශ්නේම චිත්‍රපටිය බලන් යද්දි එවී. හමුවෙමු තවත් චිත්‍රපටියක් එක්ක..



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.