A Bugs Life (1998) සිංහල උපසිරැසි සමඟ




මේක මගේ දෙවැනි උපසිරසි ගැන්වීම.මුලින්ම මම සබ් එක දැම්මේ mortal kombat(1995) සලරුවටයි.දැනට අවුරුද්දකට වගේ කලින්.ඒකේම දෙවැනි එකට සබ් දෙන්න උන්නට ඉගෙනීමේ වැඩත් එක්ක දෙන්න බැරි උනාමුලින්ම ඒකට සමාව ඉල්ලනවා හැමෝගෙන්ම.අද මම ගෙනාවේ ටිකක් පරණ ඒත් සුපිරිම animation චිත්‍රපටියක්. ඇනිමේෂන් චිත්‍රපටිවට මුල්ම කාලේ හදපු චිත්‍රපටියක් උනත් a bugs life චිත්‍රපටිය අදටත් හිනාවෙවී බලන්න පුළුවන් විදියේ සුපිරිම නිර්මාණයක්.

IMDB හි 7.3 ක අගයක් හිමිකරගෙන තියෙන මේ විත්‍රපටිය Toy story, Cars වගේ සුපිරි නිර්මාණ අධ්‍යක්ෂණය කරපු John Lassester ගේ අධ්‍යක්ෂණයක් වන අතර නිෂ්පාදනය කලේ Walt Disney සමාගමයි.
කතාව පැත්තට හැරුනොත් කුඹි ජනපදයේ කුඹි හැම අවුරුද්දෙම පළගැටියන්ට අහාර පිරිනැමීමක් කරනවා තමන්ගේ පිරිස අනිත් ලොකු කෘමීන්ගෙන් බේරලා දෙන්න කියලා.මේ සිරිත නිසා පළගැටියෝ කුඹි ජනපදය යටත් කරගෙනයි ඉන්නේ.හොපර් ඒ කියන්නේ පළගැටියන්ගේ නායකයාට හැමෝම බයෙන් තම ඉන්නේ.හැම තැනකම ඉන්නවනේ ඇදේට යන පිරිස අතර කෙලින් යන්න try කරන අය.ඒ කිව්වේ වෙනසක් කරන්න හදන අය.මෙතනත් ඉන්නවා ඒ විදියේ කුඹියෙක්.නම ෆ්ලික් මෙයා නව නිපැයුම් කරුවෙක්.කොහොමහරි මෙයාගෙ අත්වරදකින් මේ අවුරුද්දේ එකතු කරපු කෑම සේරම පිරිනමන්න කලින් විනාශ වෙනවා.මේකට හොපර්ට හොදටම තරහා යනවා.හොපර් මෙයාලට තව අවස්තාවක් දෙනවා.වැස්සට කලින් ආයේ ධාන්‍ය එකතු කරලා දෙන්න.හැබැයි මේ පාර දෙගුණයක් දෙන්න ඕනේ.කුඹින්ට කරගන්න දෙයක් නැතුව යනවා.ඇයි එයාලටත් වැස්සට කලින් කෑම එකතු කරගන්න එපැයි.ෆ්ලික් නගරෙට යන්න හදනවා උදව් අරන් එන්න පලගැටින්ට විරුද්දව සටන් කරන්න.රැජින එයාට යන්න දෙනවා.මොකද එතකොටවත් එයාගේ කරදරෙන් ගැලවෙන්න පුළුවන් නිසා.....නගරෙට ගිය ෆ්ලික් ආපහු එන්නේ නියම කට්ට්ටියකුත් අරගෙන...මෙයාල සර්කස් කාරයෝ ටිකක්..ෆ්ලික්වයි මේ කට්ටියවයි ජනපදේ අය කොහොම පිළිගනීද?මෙයාලට පලගැටින්ට විරුද්දව සටන් කරන්න පුළුවන් වේවිද?ෆ්ලික් අරන් ආවේ සර්කස් කාරයෝ ටිකක් කියල ජනපදේ අය දැනගනීද? දැනගත්තොත් මොකක් වේවිද??අරගෙනම බලන්නකෝ....තවත් movie එකක් එක්ක ඉක්මනට එන්නම් ආයේ..මේ පාර ඇත්තටම ඉක්මනට එනවා ඈ...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අමිල ඉසුරු විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.