Chappie (2015) සිංහල උපසිරැසි සමඟ.




කොහොමද යාලුවනේ?ටික කාලයක පස්සේ තමයි චිත්‍රපටයකට උපසිරැසි නිර්මාණය කරන්න පුළුවන් උනේ ඒ වෙන හේතුවක් නිසා නම් නෙවෙයි මේ ටිකේම රුපවාහිනි කතා මාලාවන් එක්ක කාර්යබහුල වෙලා හිටපු නිසා එත් ඉතින් අපේ ෆිල්ම් බලන සෙට් එක අමතක කරන්නත් බැහැනේ ඒ නිසා ඉඩක් ලැබුණ ගමන්ම තමයි මේ සුපිරි චිත්‍රපටය අරගෙන ආවේ.ඒ වගේම මේ චිත්‍රපටය ගැන දැනුවත් කල අපේ හෙඩ්ස් අයියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා.

චැපී කියන කෘතීම බුද්ධියක් සහිත රෝබෝවා වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ,මේ සලරුවට ලැබිලා තියෙන IMDB අගය 7.2 ක් සලරුව අයත් වෙන්නේ ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ, ත්‍රාසජනක ඝනයට රංගනයෙන් දායක වෙන්නේ slumdog millionaire බොලිවුඩ් චිත්‍රපටයේන් රංගනය ලොවට පා තබා ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ Dev patel,බොලිවුඩ් චිත්‍රපටයකින් රංගන දිවිය ආරම්භ කලත් Dev patel ඉන් පසුව කිසිදු බොලිවුඩ් චිත්‍රපටයකට රංගනයෙන් දායක නොවූ බවත් මෙහිදී සඳහන් කල යුතුයි.ඒ වගේම X-men චිත්‍රපට මාලාවෙන් ඉමහත් ජනප්‍රියත්වයට පත් උන Hugh Jackman නුත් රංගනයෙන් දායක වෙනවා ඔහුව ඔයාලට මේ චිත්‍රපටයේදී වෙනස්ම විදියකට බලාගන්න පුළුවන් ඔන්න.ඩියෝන්(dev) සහ වින්සන්ට්(Hugh) කියන්නේ දකුණු අප්‍රිකානු රජයට යුධ උපකරණ සපයන ටෙට්‍රවාල් කියන සමාගමේ වැඩ කරන දෙන්නෙක් අවුරුදු ගානක ඉඳන් ඩියෝන් උත්සහා කරනවා කෘතීම බුද්ධියක් නිර්මාණය කරන්න,එයාම නිර්මාණය කරපු සක්වුට් කියන රෝබෝවරුන්ට ඇතුල් කරන්න ඩියෝන්ගේ ස්කවුට් රොබෝලා නිසා වින්සන්ට් නිර්මාණය කරපු මුස් කියන රොබෝට සමාගමේ තැනක් ලැබෙන්නේ නැහැ මොකද මුස් කියන්නේ මිල අධික සහ ප්‍රමාණයෙන් විශාල රොබෝ කෙනෙක් නිසා එත් සක්වුට්ලා ඊට වඩා වෙනස් සාමාන්‍ය ප්‍රමාණයේ හොඳ රොබෝලා ඩියෝන්ගේ ස්කවුට්ලව දකුණු අප්‍රිකානු පොලිසියේ රොබෝ බලඇණියක් වෙනුවෙන් මිලදී ගන්නවා මේක නිසා වින්සන්ට් ඩියෝන් එක්ක තරහින් තමයි ඉන්නේ මේ දෙන්නගේ මේ පටලැවිල්ල යන දුර කොච්චරද කිව්වොත් අන්තිමට නගරය නවතින්නේ අපරාධකාරයින්ගේ තෝතැන්නක් වෙලා මම කතාව ඔක්කොම කිව්වා වගේද අපොයි නැහැ කතාවේ තියෙන රසවත් තැන් ඔක්කොම මග ඇරලයි ඔය කිව්වේ එහෙනම් මේ
දෙන්නගේ පටලැවිල්ල ඉවර වෙන්නේ කොහොමද චැපී කියන රෝබෝවව මෙතනට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා නරඹන එක ඔයාලටම භාරයි.තවත් උපසිරසියකින් හමු වෙනකම් සැමටම ජය.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

1 comment:

  1. Parana Hindi films wlt kmthi aya wenuwn mma godak thanks karanw! Plz plwn nm mh films wltath sub danna Waqt: The race against time 2005 Aitraaz 2004 Barsaat 2005 36 Chaina town Love story 2050! Api wenuwn krn kepa kireem wlt godak pin

    ReplyDelete

Powered by Blogger.