Daredevil සම්පූර්ණ කතාමාලාවම සිංහල උපසිරැසි සමඟ.


මෙවර කතාමාලාවෙන්..
තින් මේ කතාමාලාව පහුගිය අප්‍රේල් 10වැනිදා විකාශය වීම ඇරඹුවා. ඒ වගේම දැනට සියලුම කොටස් නිකුත් වෙලා අවසන්. ඉතින් අපේ උපසිරැසිකරුවන්ගේ සහයෝගය හින්දා තමයි මේ තරම් කෙටි කාලයක් තුළ සම්පූර්ණ කතාමාලාවම අරගෙන එන්න හැකියාව ලැබුණේ. ඉතින් මේක ගැන අදහස ඉදිරිපත් කරපු වෙලාවේ හැමදෙනාම වගේ ක්ෂණිකව දායකත්වය සපයන්න කැමති වුණා. ඉතින් ඒ හැමදෙනාටම ස්තූතිවන්ත වෙනවා.

කතාමාලාව දිහාවට හැරුණොත් මේක 9.3කIMDb අගයක් හිමිකරගන්න සමත්වුණු කතාමාලාවක්. ඒ වගේම මේක Marvel කොමික් එකක්. ඉතින් හරිනම් මම මෙතනින් එහාට කිසිදු විස්තරයක් කළයුතු නෑ. ඒත් එහෙම කරන්නේ කොහොමද! මැට් මර්ඩොක් කියන්නේ කුඩා කාලයේ සිදුවුණු අනතුරක් හින්දා ඇස් අන්ධ වුණු තරුණ නීතීඥයෙක්. ඒත් එයා අන්ධ වුණා කියලා ඒකෙන් පසුබට වෙන්නේ නෑ. ආබාධිත තත්වයෙන් සිටියත් ලෝකය ජයගත්තු අය කොයි තරමක් ඉන්නවද. ඉතින් එයාගේ පියා ප්‍රසිද්ධ බොක්සිං සටන්කරුවෙක්. පියාගෙන් ලැබුණු ඒ ආභාෂයත් සමග අපේ අන්ධ නීතීඥතුමා එයාගේ නගරයේ අයුක්තියට එරෙහිව සටන් වදින්න ගන්නවා. දක්ෂ සටන්කරුවෙක් වන මෙයා අන්ධ වුණාට වටපිටාව "දැකීමට" කන්දෙක පාවිච්චි කරමින් තමයි සටන් කරන්නේ. ඉතින් කතාමාල‍ාවේ මුල් කොටසේ මෙයා කවුද කියලා හොඳට අඳුනාගන්න පුළුවන්. මැට් මර්ඩොක්ගේ ඇස් අන්ධ වුණේ කොහොමද මෙයාගේ සටන් විලාශය, ආදී වශයෙන් බොහෝ දේවල් කුතුහලයෙන් යුතුව නරඹන්න පුළුවන්. ඉතින් මුල් කොටසෙදී අපේ අන්ධ වීරයා විසින් විශාල අපරාධ ජාලයක් බිඳ දැමීමේ පළමු පියවර තබනවා. ඉතින් ඒකේ ලොක්කා සමග සිදුවන ගැටුම ඉදිරි කොටස් කීපයක් දක්වාම තියෙනවා. හැම කොටසක්ම කතුහලයෙන් යුතුව නරඹන්න පුළුවන්. මොකද එකක් බැලුවට පස්සේ අනිත් එක නොබලා ඉන්න හිතෙන්නේ නෑ.

ඉතින් ඩෙයාඩෙවිල්ගේ ඇඳුම ගැනත් පොඩි විස්තරයක් කරොත් හොඳයි කියලා හිතෙනවා. ඔයාලා මේක එන්නත් කලින් අනිවාරෙන්ම නෙට් එකේ හැමතැනම ෆිල්ම් එක ගැන විස්තර හොයලා බලන්න ඇති. ඒත් ඔයාලට තේරුණාද දන්නේ නෑ මේ සීරියස් එකට දාපු කිසිම බැනර් එකක ඩෙයාඩෙවිල්ගේ රතුපාට ඇඳුම ඇඳගෙන ඉන්න බැනර් එකක් තිබුණේ නෑ. තිබුණේ කලුපාට වෙස් මූණත් දාගත්තු පෝස්ටර් විතරයි. ඉතින් ඒකේ තේරුම තමයි ඩෙයාඩෙවිල් එයාගේ රතුපාට ඇඳුමත් එක්ක ගේමට බහින්නේ සීසන් එකේ අන්තිම හරියෙදී. ඒ වගේම ඩෙයාඩෙවිල්ගේ ඇඳුම සම්පූර්ණයෙන්ම රතුපාට වුණත් මුල් කොමික් පොතේ තිබුණේ කළු, රතු, කහ යන පාටවල් තුනම සහිත ඇඳුමක්. ඒ වගේම මේකේ පස්වැනි කොටසේදී මැට් මර්ඩොක් සමග දෙබසකදී "ඔහේත් අර මං අහලා තියෙන බිලියනපති සෙල්ලක්කාරයින්ගෙන් කෙනෙක්ද?" කියලා කියනවා. ඒ ‍වටමාර්ගයකින් අදහස් කරන්නේ අයන් මෑන්ව. ඉතින් ඒ කියන්නේ මේ ඩෙයාඩෙවිල් තව අවුරුදූ කීපයකින් Avengers කතාමාලාවට සෙට් වෙන්නත් පුළුවන්. ඒ වගේම මේ කතාවේ දෙවැනි කතාසමය විකාශය වීම පිළිබඳව තාම නිවේදනය කරලා නෑ.

ඉතින් ගෝතම් නගරයට බැට් මෑන් හෙවත් බ්රූස් වේන් ඉන්නවා වගේ, ස්ටාලින් සිටි එකට ඇරෝ හෙවත් ඔලිවර් ක්වීන් ඉන්නවා වගේ, මෙට්‍රොපලිස් වලට සුපර්මෑන් හෙවත් ක්ලාක් කෙන්ට් ඉන්නවා වගේ, සෙන්ට්‍රල් සිටි වල ෆ්ලෑෂ් හෙවත් බැරී ඇලන් ඉන්නවා වගේ මේ කතාවෙදී මෑන්හැටන් වල හෙල් කිචන් නගරයට අපේ ඇස් නොපෙනන සුපිරි වීරයා යුක්තිය ගේන හැටි නරඹලා රසවිඳින්න. ඒ වගේම මේ අවුරුදු කාලේ තියෙන හැම වැඩක්ම අස්සේ මේකට උපසිරැසි දාන්න කැමති වුණු සියලු දෙනාටත් වෙහෙස මහන්සි නොබලා සයිට් එක වෙනුවෙන් කැප වෙන ඇඩ්මින් තුමාටත් මේ වෙලාවේ නැවත වතාවක් ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ස්මෝල්විල් තෙවැනි කතාසමයත් මග එනවා කියලා ආරංචියි. සූම් එකෙන් දෙනකම් ඉඳලා ඩෙයාඩෙවිල් එකට සබ් ගන්න ඔය එක එක තැන්වල රස්තියාදු නොවුනු අයටත් ස්තූතිවන්ත වෙනවා.

(අප ලබා දි ඇති ටොරන්ට් පටයට ගැලපෙන ලෙස පමණක් උපසිරැසි නිකුත් කල ඇති අතර කරුණාකර ලබා දි ඇති ටොරන්ට් පටය පමණක් ලබාගන්න.) 
 
කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.





No comments

Powered by Blogger.