From the Dark (2014) සිංහල උපසිරැසි සමඟ.




හැමෝටම ආයුබෝවන් කියලම වැඩේ පටන් ගන්නම්. ඉතිං යාළුවනේ කොහොමද ඔයාලට. ඔන්න මම සෑහෙන කාලෙකට පස්සේ තවත් ෆිලුමකට උපසිරැසියක් අරගෙන ආවා. මගේ රාජකාරි ස්වභාවය නිසා තියෙන කාර්යබහුලත්වය නිසාම තමයි උපසිරැසියක් කරන්නවත් කාලය හොයාගන්න බැරි. කොහොම උනත් අපේ සයිට් එක අමතක කරන්න බැරි කමත් උපසිරැසි නිර්මාණයට තියෙන ආසාවත් නිසාම මේක කරලා දෙන්නම් කියලා අපේ හෙඩාට කිවුවහම එහෙනම් කරලා එවන්න සුරංග අයියේ කියලා කියපු ගමන්ම මම වැඩේට බැස්සා.

මේ චිත්‍රපටිය මම කරන පලවෙනි ත්‍රිලර් ගණයට අයත් වන එක. 2014 දී මුලින්ම තිරගත උන මේකේකතාව සැකෙවින් කියනවා නම් ෆිලුම පටන් ගන්නකොටම එක පුද්ගලයෙක් පාළු ප්‍රෙදශයක යම්කිසි කැනීම් කටයුත්තක් කර කර ඉන්න කොට එයාට උලක් හම්බ වෙනවා. ඒක ලැබුණ තැන තවත් හාරන කොට වලක් වගේ මතු වෙනවා. ඒක ඇතුලේ මල මිනියක් තියෙනවා දකිනවා. ඒක මොකක්ද කියලා හොයලා බලන්න එයාගේ ටෝච් එක අරගෙන ඇවිත් බලන කොට ඒ මිනිය අතුරුදහන් වෙලා තියෙනවා දකිනවා. ඒත් එක්කම මෙයා ආපහු හැරෙනකොට මෙයාව කෙනෙක් මරණවා. එතනින් පටන් ගන්න කතාවට ඊට පස්සේ කපල් එකක් මෙම සිදුවීම වෙච්ච පැත්තෙන් යනකොට එයාලගේ කාර් එක එරෙනවා. අම්මද බොල මම කතාවම කියාගෙන යනවනේ. ඉතුරු ටික ෆිලුම අරගෙනම බලන්න. මෙයාලට ඊට පස්සේ මොකද වෙන්නේ කියන එකට පිළිතුර එතකොට හොයා ගන්න පුළුවන්. ආ තව දෙයක් මේ චිත්‍රපටය අන්තර්ජාලයට සිංහල උපසිරැසියක් සහිතව මුලින්ම නිකුත් කිරීමේ ගෞරවයත් අපේ සයිට් එකටම හිමි වෙනව.

තවත් චිත්‍රපටියක් ඉඩ ලැබෙන වෙලාවක අරගෙන එන්නම් කියන පොරොන්දුව මත මම සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුභ අනාගතයක්!!



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චි විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.