Hunterrr (2015) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න එහෙනම් තවත් චිත්‍රපටියක් අරගෙන ආවා...චිත්‍රපටිය දැක්කාම මටත් මුලින් හිතුවේ මේක නිකම් වැඩකට නැති වනචර කතාවක්දෝ කියලා...නමුත් චිත්‍රපටියේ යම් කිසි කතාවකුත් තියනවා කියලා චිත්‍රපටිය බලාගෙන යද්දි තේරුම් ගියා.. පිටපතක් ඇවිල්ලා නම් හරියටම සතියක් වෙනවා..නමුත් පසුගිය සතියේ සබ් එකක්වත් කරගන්න බැරි උනා වෙසක් කාලේ නිසා... චිත්‍රපටියේ ලස්සන සිංදුවකුත් තියනවා Dil lagaana කියලා.. ෆිල්ම් එක බලන ගමන් එකත් අහලා බලන්නකෝ.

චිත්‍රපටිය ගැන කියනවා නම් ඇත්තටම මේ වගේ චරිත සමාජයේ ඉන්නට පුලුවන්..හැම අතින්ම චිත්‍රපටියේ මන්දාර්ගේ වචන වලින්ම කියනවා නම් දැන් කාලේ කිරි වගේ පිරිසිදු ගැණු ළමයෙක් පවා හොයාගන්න අමාරුයි... කතාව කිව්වොත් මන්දාර් කියන්නේ ගැණු ළමයි යාළුකරගන්න පුලුවන් නියම වැඩකාරයෙක්...ඕනම කෙල්ලෙක් දාගන්න මන්දාර්ට තමන්ගේ වචන වලින් පුලුවන්...එක සමවයසේද? බාල කෙනෙක්ද? නැතිනම් මැදි වයසේ කෙනෙක්ද කියලා අවුලක් නෑ...මන්දාර්ට මේ ඕනම පිට්ටනියක සෙල්ලම් කරන්න පුලුවන්... මෙහෙම මන්දාර්ගේ වයස ගෙවිලා යනවා...කසාද බදින්න ඕන කලවයසත් පහුවෙනවා..මේ වෙද්දි
මන්දාර්ගෙේ ගොඩක් යාළුවෝ කසාද බැදලා ඒ අයට දරුවනුත් ලැබිලා...කොහොමත් මන්දාර්ට කසාද බදින්න කියලා ආසාවක් තිබ්බේ නෑ. එත් මන්දාර් හිතනවා දැන් කසාදයක් බැන්දා නම් හරි කියලා. ඉතින් මන්දාර් ගෙදරින් ගේන යෝජිත විවාහයකට කැමැති වෙනවා. ඒ ගැණු ළමයා තමයි ට්‍රිප්ති... ජිවිතේ පලවෙනිම වතාවට මන්දාර් ට්‍රිප්තිට ආදරේ කරන්න ගන්නවා. ට්‍රිප්ති අවංකවම එයාගේ අතිතයේ සබදකම් ගැන මන්දාර් එක්ක කිව්වාත් තමන් හොද සෙල්ලක් කාරයෙක් කියලා ට්‍රිප්තිට මන්දාර් කියන්නේ නෑ. අහිංසක කොල්ලෙක් වගේ ජිවිත කාලේම හිටියා කියලා ට්‍රිප්ති ඉස්සරහා මන්දාර් රඟපානවා...කොහොමත් මන්දාර්ගේ කතාවට හැසිරිමට ට්‍රිප්ති ඒ හැමදේම විශ්වාස කරනවා...නමුත් මන්දාර් ට්‍රිප්තිට අවංකව ආදරය කරන නිසා තමන්ගේ අතීතය ගැන කියන්න උත්සහා කරනවා...එත් ට්‍රිප්ති තමන්ව දාලා යයි කියන බයත් මන්දාර්ගේ හිතේ තියනවා...නමුත් මේ තමන් කරපු දේවල් පරාවලල්ලක් වගේ තමන්ටම කැරකිලා එන්නත් වැඩි කල් යන්නේ නෑ...මන්දාර්ගේ සෙල්ලකාර ජිවිත කතාව තමයි ඉතින් චිත්‍රපටියේ තියෙන්නේ.....

මන්දාර් ලෙස Gulshan Devaiya රංඟනයෙන් දායක වෙනවා. මොහුව ඔබට මතක ඇති Shaitan,Hate Story,Ram-Leela වැනි චිත්‍රපටි වලින් හමුවුනා..ඒ වගේම ට්‍රිප්ති ලෙස Radhika Apte රංඟනයෙන් දායක වෙනවා...ඇය පහුගිය කාලේ පුවත් මවන නිළියක් උනා මතක ඇති..ඇයගේ නිරුවත් රුප කියලා අන්තර්ජාලයට පින්තුර කිහිපයක්ම නිකුත් කරලා තිබ්බා..නමුත් ඇය එවා ප්‍රතික්ෂේප කලා...කොහොම හරි ඇය රඟපාන All in All Azhagu Raja,Badlapur චිත්‍රපටි දෙක අපි ඔයාලාට දිලා තියනවා.මිට අමතරව තර නළු නිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා. එහෙනම් චිත්‍රපටිය බලන්නකෝ...තව හොද චිත්‍රපටියක් අරන් එන්නම් .... ලඟදිම ලොකු කඩඉමකුත් පනින්න යන්නේ ඒ ගැනත් ඉස්සරහාට කියන්නම්... කැමැති අයට ගන්න එස් ආර් ටී ෆයිල් එකත් දිලා තියෙනවා ඔිංං



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන WEBRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.