Cinderella (2015) සිංහල උපසිරැසි සමඟ.



මම අද ඔයාලට අරන් ආවේ අපි හැමෝටම පොඩි කාලේ ඇහුන ලස්සනම ලස්සන සුරංගනා කථාවක නවතම හොලිවුඩ් නිර්මාණය වන සින්ඩරෙල්ලා චිත්‍රපටිය. මේ උපසිරැසි ගැන්විමේ වැඩි කොටසක් කරේ තාරක සහෝ විසින් මම අන්තිම ටික තමයි උපසිරැසි ගැන්විම කරේ. මෙම චිත්‍රපයට ගැන කියනවා නම් මෙය නිකුත් වුනේ මාර්තු 6 වෙනිදා යූක්රෙනයේදි.. මෙය අධ්යක්ෂණය කරලා තියෙන්නෙ Thor, Jack Ryan: Shadow Recruit වගේ චිත්‍රපට අධ්‍යක්ෂණ කෙරු Kenneth Branagh විසින්. මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නෙ richard madden, lily james යන නළු නිලියන්ට අමරව ප්‍රධාන පෙලේ නළු නිළියන් කිහිප දෙනෙක්ම මෙයට රංඟනයෙන් දායක වෙලා තියනවා. මෙයත් ඩිස්නි සමාගමේ තවත් අගනා නිර්මාණයක්. මෙය මේ වන විට 7.4 IMDb අගයක් ලබා ගෙන තියනවා. මේ කථාවේ සිදුවන සිද්ධිය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැ කියලා හිතනවා.බලන්න අපි අහලා තිබ්බ පොඩි කාලේ කතාවමද? නැත්නම් එය වෙනස් කරලා අලුත් කතාවක් නිර්මාණය කරලාද කියලා... මෙය කුඩා වැඩිහිටි සියළුම දෙනාට එකට නැරඹිය හැකි උසස් ගනයේ සිනමා සිත්තමක් කියලා කියන්න ඕනේ. එහෙනම් ඔයාලට මේක බලන්න කියලා මම ආරාධනා කරනවා. තවත් මේ වගේම නිර්මාණයකින් හමු වෙමු.


සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල් (තාරක) හා J A R එරංඟ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.