It Follows (2014) සිංහල උපසිරැසි සමඟ.



ටික කාලේකට පස්සේ තමයි අපි ආපහු හම්බවෙන්නේ... අන්තිමට මම දුන්න චිත්‍රපටිය මතක විදියට A Walk Among the Tombstones චිත්‍රපටියයි... ලයින් ටිකක් අඩුවට තියන චිත්‍රපටි කිහිපයක්ම තොරගෙන ඇඩ්මින්ගෙන් මේවා කරන්නද ඇහුවාම ඒ චිත්‍රපටි දෙකම බාරගෙන තිබ්බා...පස්සේ ඇඩ්මින් තමයි මේකත් මට දුන්නේ එහෙනම් කරලා දෙන්න කියලා.. මේකත් හොල්මන් චිත්‍රපටියක් හැබැයි මේ වගේ හොල්මන් කතාවක් නම් මම බලලා තිබ්බේම නෑ. මේකේ බයවෙන්න තරම් හොල්මනක් නෑ..ගොඩක් විට මේක ත්‍රි්ලර් ගණයට වැටෙන චිත්‍රපටියක් කියලා කියන්න ඕන...

කතාව මෙහෙමයි චිත්‍රපටිය පටන් ගද්දිම අපිට ගැණු ළමයෙක්ව පෙන්වනවා කාටහරි බයේ පැනලා යනවා වගේ...පස්සේ එයා තනියම මුහුදු වෙරළක ඉදන් එයාගේ අම්මාටයි තාත්තාටයි කතා කරනවා බොහොම බයෙන්..කවුරු හරි එයාව මරන්න එනවා වගේ හැගිමකින්...උදැසන වෙද්දි ඒ ගැණු ළමයාව දරුණු ලෙස මරලා දාලා තියනවා. ඔය සිදුවිමෙන් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ... දැන් චිත්‍රපටියේ කතාවට එනවා චිත්‍රපටියේ කතා නායිකාව ජේ.. ඇය යාළුවෙලා ඉන්නවා පිරිමි ළමයෙක් එක්ක හියු කියලා..කොහොම හරි ජේයි හියු යි දවසක් පාළු තැනක වාහනේ නවත්තලා ලිංගිකව එක්වෙනවා...මෙහෙම උනාට පස්සේ හියූ පුදුම කාරණාවක් ජේට පවසනවා...ඇයට කියනවා දැන් ඔයාට කවුරු හරි කෙනෙක් පස්සෙන් එනවා වගේ පෙනේවි එයාට ඔයාට ලං වෙන්න දෙන්න එපා.. එහෙම උනොත් ඒක ඔයාව මරලා දාවි කියලා. මේකෙන් ගැලවෙන්න පුලුවන් එකම විදිය ඔයා වෙන කෙනෙක් එක්ක ලිංගකව එක්වෙන්න එතකොට ඔයාගෙන් නැතුව මේක ඒ කෙනාට මාරු වේවි කියලා... ජේ බලනවා හියු ට පිස්සු හැදිලාද මෙහෙම කියවන්නේ කියලා...කොහොම හරි හියූ කියපු කතාව ඇත්තක් වෙනවා..ජේට පෙන්න ගන්නවා අනික් අයට නොපෙනන තමන්ට විතරක් පේන මිනිස්සු තමන්ගේ පස්සෙන් එනවා කියලා...දැන් මේකෙන් ගැලවෙන්නේ කොහොමද? ඒකට එකම විසදුම හියූ කිව්ව විදියද? මේ හොල්මන් සෙල්ලම මොකක්ද? කතාව කියවලා ඔයාටත් අවුල් වගේ නම් චිත්‍රපටිය අරගෙන බලන්න..හොද චිත්‍රපටියක් කියලා බය නැතුව කියනවා..මේ චිත්‍රපටියේ අනික් චරිත නම් ඔයාට අලුත් වෙන්න පුලුවන් එත් ජේ කියන ගැණු ළමයාව (Maika Monroe) නම් ඔයාට දැකලා පුරුදු වෙන්න ඕන මොකද ඇය The Guest චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් කලා මතක ඇති..

මතක් කරන්න ඕන චිත්‍රපටියේ සමහර කොටස් හින්දා වැඩිහිටියෝ විතරක් බැලුවොත් හොදයි.. උපසිරැසි ගැන අදහසක් දාගෙන යන්න... පුලුවන් උනොත් ආයේ ලස්සන චිත්‍රපටියක් අරගෙන එන්නම්...



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනි ඉමාෂා ජයසූරිය විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.