වෑන් ඩෑම්ගේ නවතම චිත්‍රපටය Pound of Flesh (2015) සිංහල උපසිරැසි සමඟ.



වෙලාවක සටන් ජවනිකා තියෙන, වෙලාවකට ආදරේ ඇතිවෙන, වෙලාවකට දුක හිතෙන, වෙලාවකට ඇඬෙන්නම දුක හිතෙන පට්ටම චිත්‍රපටයක් තමයි මේ ගෙනාවෙ. ඔය දැක්ක ගමන් කෙල්ලන් එක්ක යාලු වෙන්න හිතෙන කොල්ලන්ට මේක බැලුවොත් හොඳයි කියලා තමයි මට නම් කියන්න තියෙන්නෙ. මේ චිත්‍රපටයේ ඉන්න ප්‍රධාන නළුවා අද කාලෙ විතරක් නෙවෙයි තාත්තලාගෙ කාලෙ ඉඳන්ම හිටපු ෆට්ට නළුවෙක්. වැන්ඩම් කිව්වාම අර EXPENDABLES සෙට් එකේ ඉන්න පරණ නළුවන්ගෙ කාලෙ සටන් ජවනිකා දාපු නළුවෙක් නේ. පොර ඉන්න චිත්‍රපට වල එඩිටින් ඕන නෑ රංගනය තිබ්බා නම් හොඳටම ඇති. ඉතින් මම කලින් කිව්වා වගේ මේක විශේෂයෙන් කොල්ලො නැරඹුවට වරදක් නෑ. මොකද දහංගැට දාලා කොල්ලො අල්ලගන්න කෙල්ලො අන්තිමට ඒ කොල්ලට ගේම දෙන හැටි හොඳට චිත්‍රපටයේ පෙන්නනවා. ඒ ටික පහලින් කියවන්නකෝ.

මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා එනම් වැන්ඩම් චිත්‍රපටයට ඇදලා ගන්නේ එක්තරා මොහොතකයි. ඒ ඔහු පාරේ ඇවිදිමින් සිටින අතරතුර එක්තරා පිරිමියෙක් ගැහැණියකට කරදර කරනවා. කෙල්ලත් ලස්සනයි. ඉතින් ඒක නිසා වැන්ඩම් එනම් කතාවෙ ඩීකන් ඇයව බේරගන්න අර කොල්ලට ගහනවා. එතනින් පස්සෙ ඒ කෙල්ල ඩීකන්ට බොන්නත් අරන් දෙනවා. ඒ විතරක් යැ ඩැයල් එක ඇඳේ නිදිකරව ගන්නවත් එක්ක (ඊට පස්සෙ වෙන දේ කියන්න ඕන නැහැනෙ). ඩීකන්ගෙ මෝල කොච්චරද කියනවා නම් කෙල්ල තදින්ම විශ්වාස කරනවා. කෙල්ල හැමදේකටම පස්සෙ වතුර වගයක් ඩීකන්ට බොන්න දෙනවා. ඔන්න ඉතින් ඩීකන් දොයියගන්නවා ඉබේටම. හෑ... බැලින් නම් නින්ද යන බෙහෙතක් නෙ දීලා තියෙන්නෙ.. ඔයා හිතන්නෙ ඊළඟට මොනවා වෙයි කියලද. ඩීකන් උදේම නැගිටිනවා. පොරට පේනවා ඇඳේ ලේ තියෙනවා. මම බය වුනේ මූ කෙල්ලවත් මරලද කියලා. පිස්සුද බන් ඒ කෙල්ල ඩීකන්ගෙ වකුගඩුවට ගේම දීලා. දැන් තියෙන්නෙ කතාවෙ ඉතුරු ටික. එතනින් පස්සෙ තමයි සුපිරිම කොටස් ටික යන්නේ. එහෙනම් ඉතුරුටික බලන්න සබ් එකත් එක්ක ෆිල්ම් එක බලන්නම් වෙනවා.

මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක වෙලා තියෙන්නෙ Ernie Barbarash නුයි. ඔහුගේ බොහෝ චිත්‍රපටවල ප්‍රධාන නළුවා වෙලා තියෙන්නේත් Van Damme විසින්මයි. එවැනි චිත්‍රපට කිහිපයක් කිව්වොත් Assassination Games, 6 Bullets පෙන්වා දෙන්න පුළුවන්. චිත්‍රපටයේ මංගල දර්ශනය පෙන්වලා තියෙන්නේ වියට්නාම් වල. ඇත්තටම කිව්වොත් ලෝකප්‍රසිද්ධ හොලිවුඩ් චිත්‍රපටයක් තරම් මෙය ප්‍රසිද්ධ නැහැ. ඒත් වැන් ඩම් ගේ විශිෂ්ට රංගනයයි චිත්‍රපටයේ ඇක්ෂන් ටිකයි නම් බෙහෙවින්ම මගේ හිත ගත්තා. අනෙක ඇක්ෂන් චිත්‍රපටයක තියෙන තුවක්කු වෙඩි හඬ වගේම බෝම්බ වල පිපිරෙන ආකාරය තාත්වික ලෙස මේකෙ පෙන්වලා තියෙනවා. ඒ කිව්වේ චිත්‍රපටය සාර්ථකයි කියලා. පැකිලෙන්නෙ නැතුව බලන්න හොද රසයක් ලබාගන්නට පුළුවන් වේවි.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චම්පික ලක්රුවන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.