The DUFF (2015) සිංහල උපසිරැසි සමඟ.




මෙන්න මගේන් තවත් උපසිරැසියක් .හැබැයි මේක පටන් ගත්තාට පස්සේ තමයි දැක්කේ සබ් ලයින් 1700 පමණ තිබෙන බව.ටික දවසක් ගියා ඉවර කරන්න.ඔන්න කට්ටිය ඇක්ෂන් බලලා බලලා ඔළුවත් ඇක්ෂන් වෙලා ඇති නේ.ඉතිං මේක බලලා ඔළුව කුල් කරගන්න.2015.02.28 වන දින තිරගත කිරීමට ආරම්භ කළ comedy ගණයන්ට අයත්, IMDb රේටින් 6.7 ලැබිලා තිබෙන මෙම ෆිල්ම් ඒක නියම විහිළු එකක් තමයි.මේකේ කතා නායිකාව බියන්කා පයිපර්.සුපිරි ලස්සන කෙල්ලෝ සෙට් එකක සාමාන්‍ය කෙල්ලෙක්.කෙල්ලට ටිකක් පිස්සු.හයි ක්ලාස් කෙල්ලෝ සෙට් එකක ඉන්න පිස්සු කෙල්ලෙක් නිසා උසස් පාසලේ ළමයි මෙයාට නමක් දානවා.වැදගැම්මකට නැති ඒකා (duff ) ලෙස.ඒ අතර මෙයාගේ විකාර වැඩ තියෙන වීඩියෝ එකක් සමාජ ජාලයක් හරහා නිකුත් වෙනවා.එකෙන් මෙයා තවත් චාටර් වෙනවා,බියන්කා ටෝබි කියන කොල්ලට ඒක සිතින්ම ලව්.ටෝබිව සෙට් කරගන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා.අවසානේ ටෝබිත් කරලා තියෙන්නේ මෙයා මාර්ගයෙන් අනිත් ලස්සන කෙල්ලන්ට සෙට් වෙන්න ට්‍රයි එකක් දීලා තියෙන එකයි,.වෙස් තමයි අල්ලපු වැටේ ඉන්න යාලුවා.ඒ වගේම මෙයාට ටෝබිව සෙට් කරගන්න උපදෙස් දෙන ගුරුවරයා.ජේෂ්ඨ අවුරුද්ද පටන් ගන්න පෙර පාසලේ නිවසට පැමිණීමේ සාදය පවත්වනවා.මේ සාදය ගැන පාසල් පුවත් පතකට ලිපියක් ලියන්න පන්තියේ ගුරුවරයා බියන්කාට පවරනවා.එත් මෙයා මේ වැඩේ භාර ගන්නේ කැමැත්තෙන් නොවෙයි.අවසානයේදී බියන්කාට මොකද වෙන්නේ.?
එහෙනම් ෆිල්ම් එක නරඹලා උපසිරැසිය ගැන මටත් හොද අදහස් ටිකක් දෙන්න.එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු...

ඔබට ජය..



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුමේධ සම්පත් අනුරාධ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.